දේවස්ථානයක පිං කැටය කඩා මුදල් සොරකම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට මාස 06 ක සිරදඬුවමක් හිමි වූ පුවතක් ඊයේ වාර්තා වුණා.
ගම්පහ - සිරිකුරුස දේවස්ථානයේ පිං කැටය කඩා මුදල් සොරකම් කළ මිනුවන්ගොඩ - දෙවලපොල ප්‍රදේශයේ පුද්ගලයෙකුට මෙලෙස සිරදඬුවම් නියම කළේ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න විසින්.
සිරදඬුවම් නියම වූ සැකකරු මීට පෙර අවස්ථා 05 කදී පිං කැට කඩා මුදල් සොරකම් කර ඇති බව අනාවරණ වී තිබුණා.
එසේම, ඔහු සමඟ සොරකමේ නිරත වූ අනෙක් සැකකරුට මාස 06 ක සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා එය වසර 05 කට අත්හිටවනු ලැබුවා.