වේල්ලවීදියේ බෑගයක තිබී හමුවූ ඝාතනය කරන ලද තරුණියගේ හිස කොටස මෙතෙක් සොයාගෙන නැහැ.
ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි අපරාධ හා සංවිධානාත්මක අපරාධ අංශයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ප්‍රකාශ කළේ.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තරුණිය ඝාතනය වූ ආකාරය තවත් විමර්ශන කිහිපයකින් පසුව ප්‍රකාශයට පත්කළ හැකි බවයි.
මිය ගිය තරුණියගේ අනන්‍යතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට ද පොලීසිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, ඝාතනයට ලක්වූ තරුණියගේ සහ ඇයගේ මවගේ ඩී.එන්.ඒ. සාම්පල ඊයේ ලබා ගත්තා.
පසුගිය සඳුදා වේල්ලවීථිය ප්‍රදේශයේ ගමන් මල්ලක තිබී හමුවූ හිස නොමැති මළ සිරුර කුරුවිට - තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක තරුණියකගේ බවට ඊයේ හඳුනා ගැණුනා.
සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සැකකරු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වූ අතර පසුව හෙළි වුණේ ඔහු බුත්තල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු බවයි.
පසුව ඔහුද සිය නිවස ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයකදී ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබුණා.
ඒ, සිය බිරිඳට ලිපියක්ද ලියා තබමින්.
මාර්තු 1 වන දා උදෑසන මොහු හංවැල්ල නගරයේ ස්ථානයකින් ගමන් බෑගයක් සහ පිහියක් මිලදී ගෙන ඇති අතර ඊට අදාල සී.සී.ටී.වී. දර්ශන ද නිකුත්ව තිබෙනවා.
එමෙන්ම, අපරාධ ස්ථාන නිරීක්ෂණ නිලධාරීන් ඝාතනයට ලක්වූ තරුණිය සහ සිය දිවි හානි කර ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලැගුම් ගෙන සිටි කාමරය පරීක්ෂා කිරීමේදී ලේ සලකුණු කිහිපයක් ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.