ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස තරඟය කඩුලු 4කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වූවා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 131ක්.
එහිදී අගනා ඉනිමක් දියත් කළ පැතුම් නිස්සංක ලකුණු 39ක් රැස්කළා.
ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඇතුලත්.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 33ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින්.
පන්දු යැවීමේදී Obed McCoy කඩුලු 2ක් දවාගත් අතර කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ සෙසු සියලු පන්දු යවන්නන් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම සාර්ථක ආරම්බයක් ලබාගත්තා.
කෙසේ වෙතත් එම සම්බන්ධතාව බිඳ දැමූ අකිල ධනංජය කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තේ කොදෙව් බලාපොරොත්තුව වූ ගේල් පවා 0ට හරවා යවමින්.
එහි වාඩුව ගැනීමට පිටියට පිවිසි පොලාඩ් පිත්තෙන් අකිලට පිළිතුරු දුන්නේ හයේ පහර 6ක් ලබාගනිමින්.
වේගවත් ලකුණු 38ක් පොලාඩ් ගේ නම ඉදිරියේ ලියවුණේ පන්දු 11කටයි.
වනිදු හසරංග විසින් පොලාඩ් දවාගැනීමට සමත් වුවද අවසානයේ ආරක්ෂිත පිතිකරණයක නියැලුණු කොදෙව් පිතිකරුවන් කණ්ඩායම ජයග්‍රහණය වෙත කැඳවාගෙන යාමට සමත් වූවා.