Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
03
“..මට කෝල් එකක් ආවා, ID ගත්තම ඔබතුමිය ලියනවද ඇහුවා, මම ඔව් කිව්වා..” - තරුණියකට දිවි අහිමි කළ SI, පිහියක් ගත්තූ හැටි CCTV-වලින් එළියට, හිස ගමන් බෑගයේ දැයි සැකයක් - ලැගුම්හල හිමි කාන්තාව මාධ්‍යයට හෙළි කළ කතාව මෙන්න - Video

- “..මට කෝල් එකක් ආවා, ID ගත්තම ඔබතුමිය ලියනවද ඇහුවා, මම ඔව් කිව්වා..” - තරුණියකට දිවි අහිමි කළ SI, පිහියක් ගත්තූ හැටි CCTV-වලින් එළියට, හිස ගමන් බෑගයේ දැයි සැකයක් - ලැගුම්හල හිමි කාන්තාව මාධ්‍යයට හෙළි කළ කතාව මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

55,896 Views
“පොලිසියෙන් ආවොත් දෙන්න බැඳිලා ඉන්නවා කියලා කිව්වා...”

“විශේෂ සද්දයක් නම් ආවේ නෑ, ඒ තමයි ආපු පළවැනි කෝල් එක...”

කොළඹ - වේල්ලවීදිය ප්‍රදේශයෙන් හමු වූ හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරේ අබිරහස හෙළිකරමින් එය රැගෙන පැමිණි පුද්ගලයා ගෙල වැළලාගෙන සිය දිවි හානිකර ගෙන තිබෙනවා.

ඔහු බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මියගිය තරුණිය රත්නපුර කුරුවිට පදිංචි තැනැත්තියක් බවටද හඳුනාගෙන තිබෙනවා.

කොළඹ - වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් හමුවුණේ පෙරේදා පස්වරුවේදී.

ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව වේල්ලවීදිය පොලිසිය දැනුවත් කිරිමෙන් පසු පොලිස් නිල සුනඛයින් යොදා ගනිමින් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වන විට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්නපුර - කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි එල් ඩී ජයසූරිය නම් 30 හැවිරිදි අවිවාහක තැනැත්තියක්.

ඇගේ සහෝදරයා කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා.

ඝාතනයට ලක් වූ කාන්තාව පසුගිය පෙබරවාරි 27වැනිදා රාත්‍රියේ නිවසින් පිටත්ව ගොස් ඇත්තේ මිතුරන් සමග ශ්‍රී පාදය වන්දනා කිරීමට යන බව සිය මවට පවසමින්.

අනතුරුව අදාළ සැකකරු සහ කාන්තාව හංවැල්ල බස් නැවතුම්පොළ අසළ පිහිටි මෙම ලැගුම්හල වෙත පැමිණ තිබෙනවා.

එහිදී ලැගුම්හලේ පුද්ගලයින්ගේ නම් ඇතුළත් කරන පොතෙහි දෙදෙනාගේම නම් ඇතුළත් කර තිබෙනවා.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ගමන් මල්ලක් ද අතැතිව හංවැල්ල නගරයේ වෙළෙඳ සැලකින් පිහියක් මිලදී ගෙන ඇත්තේ මෙලෙසින්.

පොලිසිය සැක පළකරන්නේ අදාළ ලැගුම්හල තුළදී සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා අදාළ කාන්තාව ඝාතනය කර ඇති බවටයි.

අදාළ ස්ථානීය පරීක්ෂාව සිදුකිරීම සඳහා අවිස්සාවේල්ල වැඩබලන මහේස්ත්‍රාත් හයිසින්ස් මල්ලවාරච්චි මහත්මිය අද දහවල් එහි පැමිණියා.

මළ සිරුර ගමන් බෑගයේ දමාගත් සැකකරු හංවැල්ල ලැගුම්හලෙන් පිටව ත්‍රිරෝද රථයකින් හංවැල්ල බස් නැවතුම් පොළ වෙත පැමිණ තිබුණේ මෙලෙසින්.

ඔහු මාර්ග අංක 143 හංවැල්ල පිටකොටුව බස් රථයකින් අදාළ ගමන් බෑගය කොළඹට රැගෙනවිත් තිබුණා.
අනතුරුව ගමන් බෑගය සමගින් සැකකරු පිටකොටුව ප්‍රදේශයේදී බස් රථයෙන් බැසයන ආකාරය දැක්වෙන CCTV දර්ශනයි මේ.

කාන්තා මළ සිරුර සහිත ගමන් බෑගය සැකකරු විසින් වේල්ලවීදිය ප්‍රදේශයට රැගෙන එන ආකාරයද CCTV කැමරාවල සටහන්ව තිබුණා.

මෙම සාක්ෂි අනුව සැකකරු හඳුනාගත් පොලිසිය ඔහුව සොයා බඩල්කුඹුරේ පිහිටි ඔහුගේ නිවස වෙත ඊයේ රාත්‍රියේ ගොස් තිබූ අතර, ඒවන විටත් සැකකරු නිවසින් පලාගොස් තිබුණා.

කෙසේ වෙතත්, ගෙල වැළලාගෙන සිටි සැකකරුගේ සිරුර බුත්තල බඩල්කුඹුර, 5 කණුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිට කිලෝමීටරයක පමණ දුරින් පිහිටි රබර් වත්තකදී අද පෙරවරුවේ සොයා ගැණුනා.

පොලිසිය සැක පළකරන්නේ කාන්තාවගේ හිස සැකකරු වේල්ලවීදියට පැමිණෙන අතරතුර පිටේ එල්ලාගෙන යන බෑගය තුළ දමාගෙන පැමිණෙන්නට ඇති බවටයි.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සැරයන්වරයෙකුව සිටි සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස වසර 4ක පමණ කාලයක් සේවය කර ඇති අතර, 2015 සිට 2018 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේද ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

මේ අතර ඝාතනයට ලක් වූ කාන්තාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඇයගේ ඥාතීන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අද පැමිණියා.

මේ අතර, අද පස්වරුවේ කොළඹ පොලිස් මූලස්ථානයේ කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අපරාධය සම්බන්ධයෙන් කරුණු රැසක් වාර්තා වුණා.

සැකකරු නිවසට පැමිණීමෙන් පසු සියදිවි හානිකර ගැනීමට පෙර ලියා තිබූ ලිපිය මෙසේයි.

අම්මාට...
මට සමාවෙන්න, මගේ ජීවිතේ පණ මගේ පවුල. මොන විදිහේ වැඩ කළත් මම ඒක දුන්නේ පවුලට. එය එසේ වෙද්දී, SI අංකල්, SI අංකල් කිය කියා මගේ මිතුරෙකුගේ දියණියක් මට ළං වුණා. එයා දැන ගත්තා මගේ ළමයින්ට මං කොච්චර ද ආදරේ කියලා. මුලදී ලොකුවට නොවුණට පසුව ඒ ළමයටත් මගේ දරුවෙකුට වගේම සලකන්න කීවා. එය එහෙම කරන්න මට බෑ. කියපු හැමදේම කළා. ඉල්ලපු හැමදේම දුන්නා. පසුවට ඔයාටයි ළමයින්ටත් එක්ක බණින්න ගත්තා. මට එපා වුණා. නවත්තමු මේ සම්බන්දේ කීවා. එහෙම බෑ කියලා නොයෙක් දේ කළා. ඒක ඔයා දන්නවා. ඔයාගේ තරහ, කේන්තිය ගෑණියක හැටියට සාධාරණයි. ඒත් දැන් මම නීතියේ වරදකාරයෙක් වෙලා. කවුරුත් නොදන්න තැනකට ගිහින් මේ දේ කරගන්න තිබ්බා. එහෙම වුණොත් මාව හොයා ගන්නකම් ඔයාලට පොලිසියෙන් වද දෙයි. ඒ නිසා මම පොලිසියට පෙනෙන්න කර ගන්නවා. එතකොට ඔයාලට වද දෙන්නේ නෑ. අවනම්බුවක් වෙයි. ඉවසලා වැඩ කරන්න. මම දන්නවා ඔයා ශක්තිවන්ත ගැහැණියක් කියලා. මං දන්නේ නැහැ. ලෝකේ ගැන නොදැන නෙවෙයි මම මේකට පැටලුණේ. ඒත් දැන් ඉතිරි වෙලා නෑ කිසිදෙයක්. ඔයා හිතෙන් විඳපු වේදනා මම මගේ ජීවිතෙන්ම විදිනවා. ඒක මගේ වරද. මම නැති වුණාට ඔයාලා බලා ගන්න කෙනෙකුත් ඇති. අවුරුදු ගණන් හිරබත් ගන්න වෙයි මට. ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි. ඇත්තෙන්ම එහෙම නොවෙන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. මගේ ළමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්න. ටික කලක් යනකොට දුක ඇරිලා යයි. ලෝකේ ඇති වෙනවා, පවතිනවා, නැතිවෙනවා. ඒකයි ලෝකේ ධර්මය. දැනටමත් මාව CID එකෙන් හොයනවා. පොලිසියෙන් ආවොත් ඇත්ත තත්ත්වය කියන්න.. කාලයක් තිස්සේ වුන දේ.... ආදරේ කිය කියා ඉඳලා වෛර කළා. මට සමාවෙන්න. තෙරුවන් සරණයි.
දුර ගමනක් යනවා. බුදුසරණයි. කතරගම දෙවියන්ගේ පිහිටයි.
මොන තරම් නින්දා අපහාස ආවත් මහ මෙරක් වගේ උසුලගෙන දරුවෝ එක්ක ඉන්න. අම්මාගේ තුන්මාසේ දානේ කරන්න මට එන්න බැරිවෙයි.
ප්‍රේමේ

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top