පසුගිය සඳුදා වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් මල්ලක තිබී හමුවූ හිස නොමැති මළ සිරුර කුරුවිට - තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක තරුණියකගේ බවට ඊයේ හඳුනා ගැණුනා.
මෙම මළ සිරුර වේල්ලවීදිය ප්‍රදේශයට ගෙනවිත් දැමූ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ඒ.එම්. පේමසිරි නමැති මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව ඔහුගේ මළ සිරුර අද උදෑසන හමුවූයේ නිවස ආසන්නයේ කැළෑබඳ ප්‍රදේශයක ගසක එල්ලෙමින් තිබියදීයි.
ඔහුගේ මළ සිරුර ආසන්නයේ වස බෝතලයක් ද තිබී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
කෙසේ වෙතත් මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ තිබී පොලිසිය සොයා ගත් ලිපියේ තමන් අනියම් සබඳතාවක් පැවැත්වූ බවත් ඉන් තමාට කරදර රැසකට මුහුණ දීමට සිදුවූ බවත් සඳහන් කර තිබුණා.
එමෙන්ම තමා අතින් වැරදි රැසක් සිදුවූ බවත් ඒ සියල්ල ගැන තමා කණගාටුවන බවත් බිරිඳට ලියා තිබූ ලිපියේ තවදුරටත් දැක්වෙනවා.
සියදිවි හානිකර ගත් උප පොලිස්පරීක්ෂකවරයා බුත්තල පොලිස් ස්ථානයේ කොරෝනා මර්දන අංශයේ ප්‍රධානියා ලෙස රාජකාරි සිදු කර ඇති අතර තම මවගේ තුන්මාසයේ දානමය පිංකම සඳහා දින 6ක නිවාඩුවක් ලබාගෙන නිවසට පැමිණි අවස්ථාවේදීයි මෙම අපරාධය සිදු කර ඇත්තේ.
තිදරු පියෙකු වන මොහු ඇමති ආරක්ෂක අංශයේද සේවය කර ඇති අතර බුත්තල පොලිසියට අනුයුක්ත වීමට පෙර රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කර තිබෙනවා.
මියගිය තරුණිය මන්ත්‍රීවරයාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා සහයෝගය දක්වා ඇති අතර ඇයගේ සොහොයුරාද කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා.
කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි තිළිණි යසෝධරා ජයසුන්දර නමැති 30 හැවිරිදි මෙම තරුණිය ජීවත්ව ඇත්තේ සිය මව සමඟයි.
පසුගිය 28 වනදා ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් පැවැත්වෙන දන්සැලකට සහය දැක්වීම සඳහා බව පවසමින් දියණිය නිවෙසින් පිටව ගිය බවයි මව සඳහන් කළේ.
කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී කවන්ද මළ සිරුරක් පොලිසිය සොයාගෙන තිබුණේ පසුගිය සඳුදා පස්වරුවේයි.
ඒ අනුව වේල්ලවීදිය අවට සීසීටීවි දර්ශණ පරීක්ෂා කිරීමේදී කිසියම් පුද්ගලයෙකු ගමන් බෑගයක් තල්ලු කරගෙන යන අයුරු දැක්වෙන දර්ශණ පසුව මාධ්‍යයට මුදා හැරුණා.
ඒ අනුව මොහු මාර්ග අංක 143 හංවැල්ල - කොළඹ පෞද්ගලික බස් රථයකට ගමන් බෑගය ඔසවාගෙන ඇතුළු වන අයුරු දැක්වෙන සීසීටීවි දර්ශණද මාධ්‍ය වෙත නිකුත් කෙරුණේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මොවුන් දෙදෙනා පසුගිය 28 වනදා රාත්‍රියේ හංවැල්ල බස්නැවතුම්පළ අසල තානායමකට පැමිණ ඇති බවයි.
පසුව 01 වනදා පිරිමි පුද්ගලයා පමණක් ගමන් බෑගයක් ද රැගෙන තානායමෙන් පිටව ගොස් තිබූ බවට විමර්ශණවලදී අනාවරණය වූ බවයි මාධ්‍ය ප්‍රකාශවරයා කියා සිටියේ.
පොලිසිය සඳහන් කළේ සීසීටීවි දර්ශණ වල දැක්වෙන මෙම පුද්ගලයා කරේ පිටුපස එල්ලාගෙන යන බෑගයේ ඝාතනය කරනු ලැබූ කාන්තාවගේ හිස කොටස රැගෙන යන්නට ඇති බවට සැක කෙරෙන බවයි.
කෙසේ වෙතත් හිස කොටස කුමන ස්ථානයට ගෙනගොස් දමන්නට ඇති ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙලි කර ගැනීමට හැකි වී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයා තානායමේ සිට හංවැල්ල බස් නැවතුම්පළට රැගෙන ආ ත්‍රීරෝද රථයේ රියදුරුගෙන්.
සියදිවි නසා ගත් උප පොලිස් පරීක්ෂකවරයා තානායමේ සිට හංවැල්ල බස් නැවතුම්පළට පැමිණීම සඳහා මෙම ත්‍රිරෝද රථයට නැග තිබෙනවා.
මොහු වෘත්තීයෙන් ත්‍රීරෝද රථ රියදුරෙකු නොවන අතර දිනපතා කොළඹට රැකියාවක් සඳහා පැමිණෙන්නෙකු බවයි හෙලිව ඇත්තේ.
ඒ අනුව මෙම ත්‍රිරෝද රථය සහ එහි රියදුරු පොලිස් භාරයට ගැණුනා.
පසුව සිද්ධිය සිදුවූ තානායමට මොහුත් සමඟ පොලිස් කණ්ඩායම් ගොස් ඇති අතර එහි අමුත්තන්ගේ තොරතුරු සටහන් කරන ලේඛණයේ ඝාතනයට ලක්වූ තරුණියගේ සහ සියදිවි හානිකරගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ සියළු තොරතුරු සටහන්ව තිබුණා.
කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ උප පොලිස් පරීක්ෂකවරයා ඝාතනය සිදුකර ඔවුන් සිටි කාමරය සම්පූර්ණයෙන් පිරිසිදු කර ඉන් පිටව ගොස් ඇති බවයි.
එමෙන්ම තරුණිය මියගිය පසු මළ සිරුර නහවා ඇති බවට සැක කෙරෙන බවද පොලිසිය සඳහන් කළා.
මේ අතර මෙම තරුණියගේ නොසිතූ වියෝව ගැන ඇයට සමීප හිතවතුන් බොහෝ දෙනෙක් මුහුණු පොතට විවිධ සංවේදී අදහස් එකතු කර තිබුණා.
ඒ අතරින් කිහිපයක් පහතින් බලන්න...
"ලොකු මිනිස්සු මට ලොකු නෑ..හොඳ මිනිස්සු මට ලොකු ".. ආදරණීය දිලිනි යෙහන්සා සොයුරිය .ඔබට සුභ ගමන්... හිත් පිත් නැති ලෙස තමා ආදරය කල තරුණියව තමා අතින්ම මරා දමන්නට කෙනෙක්ට හැකි නම් මිනිස්කම කොයි තරම් නම් සිල්ලරට අලෙවි වන තැනකට අප පත්ව ඇතිද යන්න අමුතුවෙන් කිවයුතු නැත.එසේ මරා හිස වෙන් කොට සිරුරද බෑගයක දමා බස් රියට නැගී එය රැගෙන යන්නට තරම් මිනිසෙකුට හිතක් හදා ගත හැකිද ? දියණියක් යනි නිවසටම සිරිකත කැන්දන දෙවි දුවකි.ඇය ඉපදුන දවසේ ඇය හඬන විට ඇගේ මවුපියන්ද තුටු කඳුලු වගුරමින් සිනහ වන්නට ඇත.බහ තෝරන වියට විත් හැදී වැඩී සමාජයට එක් වන ඇගේ හිතේද දහසකුත් බලාපොරොත්තු හීන පොදි බැදගෙන තිබෙන්නට ඇත.ආදරණීය ප්‍රේමවන්තයෙකු ,දයාබර සැමියෙකු,යහපත් පවුල් ජීවිතයක්..ඇගේ හීන අතර ඉදිරියෙන්ම තිබෙන්නට ඇති. එහෙත් ඒ සියලු හීන බලාපොරොත්තු එක තත්පරයකින් විනාඩියකින් සුනු විසුනු කොට ඇගේ ආත්මයම වනසා දමන්නට තරම් මිනිසෙකුට හිත හදාගන්නට පුලුවන් වීම දෛවයේ සරදමකි.ඒ මිනිසා, තම ප්‍රාණ සම ප්‍රේමවන්තයා වීම ඊටත් වඩා හද පාරවන්නකි. ආදරණීය දිලිනි සොයුරිය.. මා ඔබව මුල් වරට හඳුනා ගන්නේ මීට වසර කිහිපයකට ඉහත දී යෞවන සමාජ ක්රියාකාරණියක් වශයෙනි.එදා සිටම කඩිසරව යුහුසුලුව අන් අයගේද ආදරය දිනා ගන්නට තරම් ඔබ වාසනාවන්ත විය. අවසන් වරට මට ඇගෙන් ඇමතුමක් එන්නේ පසුගිය මාසයේ දීය.ඒ ඇගේ මිතුරියකගේ කුඩා දරුවෙකු සම්බන්ධ ගැටලුවකටය.එහෙත් එදා ඇය කියූ ඒ ගැටලුව ඇගේ ගැටලුවක් බව මා තුන් හිතකින් වත් නොසිතුවේය. එදා එලෙස කතා කල ඇය ගැන මෙදා මෙලෙස සටහනක් තබන්නට සිදුවේ යැයි මට කිසි දිනෙක නොසිතුණි.. තම ප්‍රේමවන්තයා විසින් ඔබේ ජීවිතය උදුරාගන්නා මොහොතේත් ඔබ ඔහුටම ආදරය කරන්නට ඇති.ආයාචනාත්මක දෑසින් ඔහුගෙන් ජීවිතය අයදින්නට ඇති.එහෙත් ඔබව ජීවත් කරවන බවට සපථ වූ ඔහුම ඔබේ ජීවිතය උදුරාගෙන ඔබව මරා දමන්නට තරම් සැහැසි වූ බව කෙසේ නම් අප අදහා ගන්නෙමුද ? දයාබර නැගණිය..කොහේ හෝ සිට ඔබ කම්පිතව බලා හිදිනු ඇත.ඔබේ දෙමව්පියන් හිතවතුන් ඔබ අහිමි සොවින් තැවෙනු ඇත.සමීපතමයින් ලෙසින් ඔබේ වියෝවෙන් අපවද දැවෙනු ඇත. යුවතියකට දියණියකට සමාජයෙන් එන අභියෝග හමුවේ මෙවැනි අවාසනාවන්ත ඉරණම් කතා ලියවෙනුයේ දිලිනි සොයුරියගේ නම ඉදිරියෙන් පමණක්ම නොවන බවද අප දනිමු.මෙසේ කටුක අත්දැකීම් ලබා අකලට මිලින වූ පලමු හෝ අවසන් තරුණියද ඇය නොවනු ඇත. එහෙත් නීති බලාත්මක කරනවා මෙන්ම, ඇතැම් ප්‍රශ්න හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා තැනට පත් වීමට පෙර සමාජ ශෝධනයෙන් මිනිසුන්ගේ ආකල්ප වෙනස් කල හැකි නම් මෙවැනි කඳුළු කතා මින් මතු නොලියවෙනු ඇත. ඒ වෙනුවෙන් සමාජීය සහ සාර්ධර්ම වශයෙන් අප තවත් යහ දමින් සවිමත් විය යුතුය.ප්‍රශ්නයක් වූ විට විසඳනවා වෙනුවට ප්රශ්නය නිර්මාණය වීමට පෙර විසඳුමක් ලබා දිය හැකි නම් ස්ත්රිත්වයට මෙලොව තවත් සුන්දර තැනක් වනු ඇත. නැගණිය...අපට එකට එක් වී ඔබ වෙනුවෙන් කල හැකි යමක් ඉතිරිව ඇත්නම් නොපමාව එය කරන්නෙමු.මෙවැනි හිත් පිත් නැති නරුමයින්ට ඔබ වැනි නැගණිවරු බිලි වීම වලක්වාලන්නට අපට හැකි නම් ,ඔබත් කොහෝ හෝ හිඳ නිහඬවම ඒ ගමනට ආශිර්වාද කරනු ඇත. ======================= (රටට යමක් කලහැකිව තිබූ ලස්සන ජීවිතයක් අහිමි වීම (ඒ දිලිනි ) බිරිඳකට ස්වාමිපුරුෂයා දූදරුවන්ට පියා අහිමි වීම කොතරම් නම් ශෝක ජනකද? (පොලිස් නිලධාරීයා) ජාතික තරුණ සේවා සභාවෙන් ඔබ කොතරම් නම් පන්නරයක් ගත් යෞවනියක්ද? එහෙව් බොහෝ පන්නරයන් ගත් ඔබ! ආත්මාර්ථකාමී හා අසම්මත ප්‍රේමයක පැටලුනේ සමහර විට ඔබ ඔබේ දේමාපියන්ගේ සූරක්ශාවෙන් ඔබ විසින්ම මිදුණු නිසා හා අර පොලිස් නිලධාරීයාගේ ආකාර්ශණීය චාටු බස් හා නිල ඇදුමේ හා නිලයෙන් ඔබව බයකර බලහත්කාරයෙන් ඔබව ග්‍රහණයට ලක්කොට සිටීම නිසාත් විය හැකිය , සමහර යෞවන යෞවනියන් හිතනවා ..ඔවුන් සමාජයත් එක්ක ගැටෙන කොට ,අපි දැන් මාරම අද්දැකීම් බහුල අය අපිට ආයේ කාගේවත් උපදෙස් මග කියා දීම් අනවශ්‍ය බව, අපි යොබ්බන මදයත් එක්ක එහෙම හිතුවාට, අපි වරද්ද ගන්නේ අන්න ඒ අතිපණ්ඩිත ලොකුකම් නිසාමය, මේ වගේ සමාජයත් එක්ක යම් අවබෝධයකින් ගැටෙන අයටත් මේ වන් ඉරණම් සිදුවන්නේනම්..සියලු යෞවන යෞවනින් මීට වඩා තමන්ගේ ජිවිත පිලිබදව හිතන්නටම අවශ්‍යමයි , මං දුටුවා මේ "Dilini Yehansa යෞවනියත් facebook එකෙ දාලා තියෙනවා මං ජීවත් වෙන්නේ මට ඕනෑ විදියට " ඒක වෙනස් කරන්න කාටවත් නොහැකියි කියලා .. කොහේවත් නැති අසම්මත ප්‍රේමයක් තුලින් ඒ පොලිස් නිලධාරීයා (තමාට වඩා අවුරුදු 20 ක් වැඩිමහල් පුද්ගලයා) ඇගේ සියලුම අපෙක්ශා නිමාවට පත්කොට ඇත, "ඒ විතරක්ද ඔහුත් විවහාක පුද්ගලයෙකු හේතුවෙන් ,බිරිඳකට හා දූදරුවන්ට පියෙක් අහිමි කර තිබේ" , ඔහූ ඔහු කල සේවා දෙපාර්තමේන්තුවේ ගෞරවනීය බවටද දැඩි අවමානයක් ද සිද්ද කර තිබේ.. මේ සියලු කරනා තරයේ හිතටගෙන වත්මන් යෞවන ,යෞවනියන්,දෙමාපියන් ,ගුරුවරුන් ,රටේ වගකිව යුත්තන්, ආගමික නායකත්වය ,විශේෂයෙන් රටේ පාලනතන්ත්රයන්, මීට වඩා බොහෝම වගකීමකින් කටයුතු කල යුතු වකවානුවක අපි සියලු දෙනා සිටිනා බව තරයේ හිතට ගෙන කටයුතු කල යුතුව ඇත, මනුෂ්‍යත්වය හා ආධ්‍යාත්මික බව සියලු මිනිසුන් හට කාවන්දන්නටම පෙරමුණ ගතයුතුව ඇත, ජාතික තරුණ සේවා සභාව හරහා රටට යමක් කරන්නට සිටි නිර්මාණසීලී කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා, නුඹට අමාමහ නිවන්සුව " ==================== කර්මය විපාක දුන් හැටි. මේ වගේ උන්ට මෙහෙම වෙන්නම ඕන. මේ රටෙන් තුරන්ම වෙලා යන්න ඕන. මේ වගේ උන් පොලීසියට ආවට වඩා හොදයි හිඟා කෑවනම්. තිරිසන්නු. කර්මය පල දෙනවා සමජ මාධ්‍ය හරහා ආදරය හොයා යන්න එපා මුහුණු පොත භාවිතා කරන කොට හිතන්න තමන්ට බිරිදක් ,සැමියෙක් ,දරුවන් ඉන්නවා කියලා අන්තිමේ අත් වෙන්නේ මෙවැනි ඉරනම් එක් කෙනෙක් නෙවෙයි දෙදෙනාම හිතන්න තිබුණේ මිට කලින් ==================== අවසන සියල්ල මරණයෙන් කෙළවර විය. දිලිනි යෞවන සමාජ ව්‍යාපාරය හරහා අඳුරගත්තු මිතුරියක්. උඹේ ජීවිතය මේ විදිහට කෙළවර වෙයි කියලා නම් අපි කවුරුත් හිතුවේ නෑ. හිස නැති මල කඳ දකිද්දී හිතුවේ නෑ ඒ උඹයි කියලා. ඒත් උදේ පත්තරේ බලනකොටයි දැක්කේ දැකලා පුරුදු කතා බහ කරලා තියෙන කෙල්ලෙක් නේද මේ කියලා. අවසානෙට දැක්කේ නිකවැරටිය යොවුන් පුරෙන්. මට මතක විදිහට උඹ යොවුන් පුර නගර සභිකයෙක්. ආදරයේ නාමයෙන් පැමිණි මාරයා ඔබව අරන් ගිහින්. තහනම් ගහේ ගෙඩි කෑ පොලිස් නිළධාරියා ද යන්නම යන්න ගිහින්. ඒත් දෙදෙනාම කියා දුන් පාඩම් සදාකාලිකවම රැදේවි. සියල්ල කල යුත්තේ පසු කලෙක ආපසු හැරී බලන කල පසුතැවිල්ලක් නොවන අයුරිනි. අපිට හමුවන සෑම මනුස්සයෙක් ම හොඳ අයත් නෙවෙයි,නරක අයත් නෙවෙයි.ඇත්තේ අවස්ථාව අනුව වෙනස් වෙන අයවලුන් ය. දිලිනි උඹේ ප්‍රේමවන්තයා ,නෑ උඹේ මිනීමරුවා අනේ මන්දා ඒ මොකා වුණත් දැන් ඌත් මැරිලා. ඒත් ඌ උගේ නීත්‍යානුකූල බිරිඳට ලිපියක් ලියා ඇතැයි පැවසේ. "මම ලොකු වරදක් කලේ,ඔයාලට අපහාස විදින්න වෙයි,ඒවා විද දරාගෙන ජීවත්වෙන්න." මේ වචන ටිකම ඇති හැදෙන මිනිහෙක්ට ඉගනගන්න. සියල්ල සිදු වී අවසන්. ඒත් ඔබට මට කරන්න වැඩ ටිකක් ඉතුරු වෙලා තියෙනවා. දැන් ඉතින් පොලිස් නිළධාරියා කරපු වැරැද්දට සමස්ථ පොලිස් නිළධාරීන් දෙසට ඇඟිලි දිගු කොට ඇරියස් කවර් කරවා ගන්න යන්නත් එපා. ඒ කෙල්ලයි පොලිස් නිළධාරියයි අතර වෙච්ච දේවල් දන්නේ උන් දෙන්නා විතරයි. මැරිච්ච උන්ට හෙණ ඉල්ලන්න අපහාස කරන්න යන්නත් එපා,උන් කල දූ උන් අරන් ගියා, ඊළගට වඩාත්ම වැදගත් දේ අර පොලිස් නිළධාරියාගේ නීත්‍යානුකූල බිරිඳටයි දරුවෝ දෙන්නටයි සැනසීමෙන් ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්නත් ඕන.මිනිහා කරපු දේට අර අහිංසක ගෑණියි,දරුවෝ දෙන්නයි පලි නෑ. ඒ දරුවො දෙන්නත් මා දැනගත් පරිදි තරුණ ළමයි දෙන්නෙක්.සමාජයෙන් එල්ලවෙන පීඩනයත් එක්ක ඒ ළමයි සමහර විට ජීවිතේ වැරදි පාරක යන්නත් ඉඩ තියෙනවා,සමාජෙට වෛර කරන තැනට පත් වෙන්නත් පුලුවන්. ඒ වගේම දිලිනි ගේ ගෙදර අයටත් වෙනදා වගේම ජීවත් වෙන්න ඉඩ දෙන්න.කෙල්ලට වගේම කෙල්ලගෙ පවුලේ අයගේ ජාතකේ හොයන්න යන්නේ නැතිව. යලිත් මෙවන් සිදුවීම් අසන්නට නොලැබේවා!!! දිලිනි උඹට සුබ ගමන්.මේක දිගු සංසාර ගමනක්,අපි ආයෙත් දවසක මුණ ගැසේවි. එතෙක් ආයුබෝවන්...!!! VIDEO