උඩුගම පොලිසියට මවගෙන් ලැබුණු පැමිණිල්ල..
කෝරලේගම ප්රදේශයෙන් අතුරුදන් වූ පාසල් සිසුවිය 01 දා රාත්රී උඩුගම අලූත්වත්ත ප්රදේශයේ නිවසක සිටියදී පොලිසිය විසින් සොයාගෙන ඇතැයි වාර්තා වනවා.
මෙම සිසුවිය පාසලේදී සිදුවූ අභූත චෝදනාව හේතුවෙන් දැඩි සේ කම්පාවට පත්ව ඇති අතර ඇය එම හේතුව නිසා නිවසට යෑමටත් පාසල් යෑමටත් මැලිව මාස කිහිපයකට පෙරදී හඳුනාගත් තරුණයකු වෙත නිවස වෙත යන්නට නොහැකි බව දන්වා අනතුරුව ඥාති නිවසකට ගොස් තිබෙනවා.
පසු දින තරුණයාගේ නිවසට ගොස් ඇති අතර තරුණයාගේ මවු පියන් සිසුවියගේ මව වෙත දන්වා රාත්රී පොලිසියට දැන්වීමෙන් අනතුරුව මේ වනවිට උඩුගම පොලිසිය ඇයගෙන් ප්රශ්න කරමින් සිටිනවා.
ඇයට පාසලේදී සිදුවූ කෙනහිලිකම් නිසා හිස හැරුණ අතේ යන්නට තීරණය කරන්නට ඇතැයි සිය මව හඬා වැළපෙමින් අප සමග පැවසුවා.
උඩුගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
නෙළුව සිරිසේන ගමගේ