වේල්ලවීදිය පොලීසිය මගින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබා දුන් තොරතුරක් අනුව එම ප්රදේශයේ දී සිදුකරනු ලැබූ වැටලීමකදී රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමක් සහිත භාවිතයට නුසුදුසු ශරීර ආලේපන තොගයක් පාරිභෝගික කටයුතු කළ අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සම පැහැපත් කිරිමට භාවිත කරන මෙම ශරිරර ආලේපන ඉන්දියාව පකිස්ථානය ආදී රට වලින් පකිස්ථාන තැරව්කරුවන් හරහා මෙරටට ගෙන්වා ඇති බවයි මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ.