වාහන ආනයනයට පැනවුණු සීමාවන් හේතුවෙන් මේ වසරේ ජනවාරි මාසයේ ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා.
පසුගිය වසරේ ජනවාරි මාසයේ ලියාපදිංචි කෙරුණු වාහන 34,475කට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ ලියාපදිංචි කර ඇත්තේ වාහන 3256ක් පමණයි.
වසරකට පෙර ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 2536කට සාපේක්ෂව මෙම වසරේ ජනවාරියේ මෝටර් රථ 195ක් පමණක් ලියාපදිංචි කර ඇති අතර, වෑන් රථ ලියාපදිංචිය ද 911 සිට 78 දක්වා පහත වැටී තිබෙනවා.
ජනවාරි මාසයේ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සංඛ්‍යාව පසුගිය වසරේ වාර්තා වූ 767කට සාපේක්ෂව 20ක් දක්වා පහත වැටී ඇති අතර, ලියාපදිංචි කළ යතුරුපැදි සංඛ්‍යාව ද 26,588 සිට 1228 දක්වා පහත වැටී ඇති බවයි ජේ.බී. සිකියුරිටීස් තැරැව්කාර සමාගම සඳහන් කළේ.