Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
02
"හැමදාමත් ඔබට ආදරෙයි, ඉන්න තැන හොඳින් ඉන්න.." - ජාන්වී තැබූ සංවේදී සටහන

- "හැමදාමත් ඔබට ආදරෙයි, ඉන්න තැන හොඳින් ඉන්න.." - ජාන්වී තැබූ සංවේදී සටහනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49 Views
අවවාදය සේම, ආදර්ශයෙන්ද මම එය මගේ පවුල තුළ රඟදක්වමි.., මේ මුළු ලොව තුළ ජාන්වීට සිටින හොඳම මිතුරිය මම වෙමි..,
 
ජාන්වී… ඔබ මට විශ්වයකි. මගේ පුංචි කෙල්ලට සුබම සුබ උපන් දිනයක් වේවා…!

මේ… සංවේදී සටහන භාරතීය සුපිරි නිළි රැජන ශ්‍රීදේවි විසින් සිය ඉන්ස්ටර්ග්‍රෑමයේ මුදාහැර තිබුණේ 2017 අවුරුද්දේ මාර්තු මස 06 වැනි දින හිමිදිරියේය. ඒ සිය වැඩිමල් දියණිය වූ ජාන්වී කපූර්ගේ විසි වැනි උපන් දිනය වෙනුවෙන්ය.
 
වචනයේ පරිසමාප්ත අරුතින්ම ජාන්වී සහ ශ්‍රීදේවි කල්‍යාණ මිතුරියන්ම වූහ. ජාන්වී තුරුණු සිතෙහි ශ්‍රීදේවිට නොකියූ රහස් තිබුණේද නැත. තරුණයෙක් තමා ලෙස වෙනස් විදියකට බැලුවත් ජාන්වී එය අම්මාට කීවාය.
 
මේ ලෝකෙට මම දැකපු හොඳම අම්මා ඔයයි. ඔයා මට විශ්වයක්, ඒ විශ්වය කොණක ඉන්න පුංචිම පුංචි තිත. ජාන්වී කපූර් කියන පිස්සු කෙල්ලය.
 
ඔයාට සුබ උපන් දිනයක් වේවා! අම්මා…
 
ශ්‍රීදේවිගේ 50 වැනි උපන් දිනය වෙනුවෙන් ජාන්වී තැබූ ට්විටර් සටහන එය විය.
 
ශ්‍රීදේවිගේ අකල් මරණය හමුවේ බොහෝ මානසිකව ඇදවැටුණු ජාන්වීට එම පීඩනයෙන් පැහැදිලිව ගොඩ ඒමට තවමත් නොහැකි විය. සමහරදා රාත්‍රියට අම්මා තමා වෙත පැමිණ තම හිස ඇගේ ඇකයේ තබා පිරිමදින ආකාරය ජාන්වීට දැනෙන බව ඈ තම නැඟණිය වූ කුෂී සමඟ කියා තිබුණාය.
 
‘ලබ්බු… ඔයා නිදිද?’
 
කියා අම්මා තමාගේ කනට කොඳුරා අසන බව ජාන්වී කිහිපවිටම ශ්‍රීදේවිගේ සමීපතම මිතුරියක හා පැවැසූ අතර, ඒ මොහොතේ විනාඩි ගණනක්ම ඈ ඉකි ගසමින් හැඬූ වගද ශ්‍රීගේ මිතුරිය බොනී සමඟ පවසා තිබිණ.
 
ශ්‍රීදේවිගේ ශෝචනීය මරණයෙන් පසු ගෙවී යන තුන් අවුරුදු මරණ සැමරුම පසුගිය දිනෙක ජාන්වී විසින් සමරා තිබුණේද හද කම්පා කරවනසුළු ‘පෝස්ටු’ කිහිපයක් තුළිනි.
 
‘මම ඔයාට ගොඩාක් ආදරෙයි ලබ්බු… ලෝකයේ මට මුණගැහුණු හොඳම දරුවා ඔයයි…’
 
ජාන්වී, තම උපන් දිනයට ශ්‍රීදේවි විසින් පසුගිය වසරක මුදා හළ ඒ හැඟීම්බර පෝස්ටුව තම ට්විටර් ගිණුමට දමා තිබිණ. ‘ලබ්බු’ යන සුරතල් නාමය ජාන්වීට දැමුවේද ශ්‍රීදේවි විසින්මය.
 
මේ ලෝකයෙහි මා දුටු හොඳම අම්මාද ඔබය. ඔබ මාව කියවා තිබූ ආකාරයට මටවත් තවම මාව කියැවීමට නොහැකි විය. එතරම් අපූරුවට ඔබ මාව වටහා ගත් සියුම් කලාව මෙලොව තවත් අම්මලාට තම දූවරුන් වෙනුවෙන් පිහිටන්නේ නම් මෙලොව කිසිම ගැහැනු දරුවකු ජීවිතයේ කිසිඳු දිනෙක අතරමං නොවනු ඇත.
 
මෙලෙස ඔබව අහිමිව යෑමට මා කළ පාපය කුමක්දැයි සෙවීමේ දිවැසක් මට ඇති නම් දැනටමත් මම එය සොයා යමි.
 
ඔබ දෙවියන් සමඟ කතාබහ කරන්නේ නම්, ඔබ නැති අඩුව මට නොදැනෙන විස්මිත ආශීර්වාදයක් මට දෙන්නැයි ඔවුනට කියන්න..,
 
හැමදාමත් ඔබට ආදරෙයි. ඉන්නා තැනක සතුටින් වසන්න.
 
2021 පෙබරවාරි මස 24 වැනිදා පාන්දර ජාන්වී තම ට්විටර් ගිණුමෙහි එම දුක්බර සටහන එක්කර තිබිණි. ජාන්වීට ලැදි සේම ශ්‍රීදේවිට ආදරය කරන ලක්‍ෂ සංඛ්‍යාත අනුගාමිකයන් එම පෝස්ටුව වෙනුවෙන් තම දුක්බර මතකය සනිටුහන් කොට තිබිණ. ඒ අඟහරුවාදාවේ බොනී කපූර්, කුෂී සහ ජාන්වී ශ්‍රීදේවි වෙනුවෙන් පුද පූජා පැවැත්වූයේද ශ්‍රීදේවියට අදටත් ඇලුම් කරන සුවහසක් රසික සිත් ශෝකයෙන් මුසපත් කරවමිනි.
 
ජාන්වී රංගනය සඳහා අවතීර්න වීමට නියමිතව සිටියේ ශ්‍රීදේවි මියයෑමට ආසන්නයේමය. රංගනය සඳහා ජාන්වීව හුරු කළ හොඳම ගුරුතුමිය වූයේ ශ්‍රීදේවිය.
 
‘මට කවදාකවත් ශ්‍රීදේවි වීමට නම් හීන හතකින්වත් බැරි වේවි..,’
 
ජාන්වී දිනෙක ශ්‍රීදේවිට කියා තිබිණි.
 
ලබ්බු… ඔබ ශ්‍රීදේවි විය යුතු නැහැ… එසේ වීමට උත්සාහ ගන්නටද එපා… ඔබ ජාන්වී කපූර් වන්න, ‘ජාන්වී’ ලෙස රසිකයන් අතර එක් මතකයක් හෝ තබන්න. ශ්‍රීදේවිගේ දියණිය ලෙස ගමනක් යනවාට වඩා එය වටින්නේය.’
 
ශ්‍රීදේවි ජාන්වීට කියා තිබුණේ ඉමහත් සෙනෙහසින්ය.
 
දමයන්ති රේණුකා ප්‍රනාන්දු
 
 
 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top