එංගලන්ත, අහසේ විශ්මජනක ගිනි පුපුරක් ගමන් කරන ආකාරය එරට වැසියන් දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එම වාර්තා කියා සිටියේ, එය උල්කාපාතයක් බවට එරට විශේෂඥයින් විශ්වාස කරන බවයි.
මෙය ලන්ඩන් සහ බර්මින්හැම් ජනයාට ඉතා පහසුවෙන් දැක ගැනීමේ අවස්ථාව ලැබි තිබු බව සඳහන්.
මෙය ඉතා මන්දගාමි උල්කාපාතයක් බව ද, එරට තාරකා විද්‍යාඥයින් පවසනවා.
නිවෙස්වල සවි කර තිබු කැමරාවලින් මෙහි දර්ශන කිහිපයක් පටිගතව තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එම දර්ශන දුටු අයෙකු මාධ්‍ය වෙත කියා සිටියේ, මෙය තමාට අදහාගත නොහැකි වූ බවයි.
මේ අතර ගැමා නොර්මිඩ් උල්කාපාත වර්ෂාව සාමාන්‍යයෙන් මාර්තු මාසයේ දී දැකගත හැකි බව ද එම තාරකා විද්‍යාඥයින් වැඩිදුරටත් කියා සිටියා.