නාමල් රාජපක්ෂ කියලා කියන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා මෙන්ම, මෙරට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයායි.
ඒ විතරක් නෙවෙයි නිතරම සෞඛ්‍ය ගැන හිතන තරුණ දේශපාලනඥයෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
ඒ් නිසාම ඔහු නිතර සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය කරනවා. ඒ විතරක් නෙවෙයි ඔහු සමාජ මාධ්‍ය තුළ වැඩිම අනුගාමිකයින් සිටින දේශපාලනඥයින් අතර කෙනෙකු ද වනවා.
ඉතිං මොහු පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ තියෙන ප්‍රාදේශීය ක්‍රීඩාංගණවල නිරීක්ෂණ චාරිකාවකට ද එක් වුණා. එහිදී ක්‍රිකට් ගසමින් සිටි තරුණයින් එක්ක එකතු වී ක්‍රීඩා කළ බවත් සඳහන්. මේ වනවිට එම ඡායාරූප සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබීමත් විශේෂත්වක්.