ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති බව වාර්තා වනවා.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව තහවුරු කර තිබෙනවා.
එන්නත ලබා ගැනීමට සුදුසුකම් ඇති සියලු ඉන්දියානුවන්ට එන්නත ලබාගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍ය මෝදි එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මේ වන විට ලෝකයේ රටවල් රැසක එන්නත්කරණය වැඩසටහන් ආරම්භකර ඇති අතර ලොව විශාලතම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඉන්දියාව තුළයි.