කොරෝනා මර්දන එන්නත් ලබාදීමේදී ෆයිසර් සමාගම ඇපකර ලෙස ඇතැම් රටවලින් හමුදා කඳවුරු, තානාපති කාර්යාල ඇතුළු ස්වාධිපත්‍යයට හිමි දේපළ ඉල්ලා ඇති බවට ඉන්දීය මාධ්‍ය ආයතනයක් වාර්තා කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව වැනි ලතින් ඇමරිකානු රටවල් ෆයිසර් සමාගම සමග සිදුකළ සාකච්ඡා අතහැර දමා ඇත්තේ මෙම කොන්දේසිවලට එකග වීමට නොහැකිවීම හේතුවෙන් බවයි.
මේ අතර රටවල් 60කට අධික සංඛ්‍යාවකට එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉන්දීය රජයට ස්තූතිය පළ කර තිබෙනවා.
එහි ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියේසස් ට්විටර් සටහනක් තබමින් ඊයේ ඒ පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ස්තූතිය පළ කර තිබුණා.