උඩුගම මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට බීමතින් කළහකාරී ලෙස හැසිරුණු 15 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කන්නෙලිය ප්රදේශයේ දිය නෑමට ඊයේ පස්වරුවේ පැමිණි අවස්ථාවේ මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිටදී කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්රකාශ කළේ.
අක්මීමන - රජ්ජම්බුගහ ප්රදේශයේ පදිංචිකරුවන් වන මෙම පිරිස අනතුරුව පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ලබන මස 4 වනදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.