මත්ස්‍ය සම්පත් බෝ කිරීමේ අරමුණෙන් ධීවර අමාත්‍යාංශය මඟින් සිදුකෙරෙන භාවිතයට නොගන්නා රථ වාහන මුහුදේ ගිල්වීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ගාල්ල ධීවර වරායේදී අද ආරම්භ කෙරුණා.
ඒ ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන්.
මේ යටතේ ධාවනයෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංගම බස් රථ කිහිපයක්, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සයුර නෞකාවෙන් රැගෙන ගොස් වරායේ සිට කිලෝමීටර් 13ක් දුර මුහුදු පතුලේ තැන්පත් කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.