සියදිවි නසා ගැනීම් අනුපාතය ඉහළ යාම හේතුවෙන් ජපානය පළමු වරට “තනිකම” පිළිබඳ අමාත්‍යවරයෙකු පත් කර තිබෙනවා.
වසර 11 කට පසු ජපානයේ සියදිවි නසා ගැනීම් ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් කැබිනට් මණ්ඩලය විසින් මෙලෙස තනිකම පිළිබඳ අමාත්‍යවරයෙකු පත් කර තිබෙනවා.
තනිකම සඳහා පත් කළ අමාත්‍ය ටෙසුෂි සකමොටෝ එරට උපත් අනුපාතිය පහත වැටීම සහ කලාපීය ආර්ථික පුනර්ජීවනය සම්බන්ධයෙන් ද මැදිහත්වී කටයුතු කළ අයෙක්.
කොරෝනා වසංගතය හමුවේ දරිද්‍රතාවය ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් ජපානයේ සියදිවි නසා ගැනීම් මෙලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්.