කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල කොවිඩ් 19 ව්‍යාප්ත වීමේ අධි අවදානමක් සහිත ග්‍රාම නිලධාරී වසම්වල සිටින අවුරුදු 30 සහ ඊට වැඩි සියලුදෙනාට කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ට එන්නත් ලබාදීම සිදු කෙරෙනු ඇති.
එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු අධි අවදානමක් සහිත ග්‍රාම නිලධාරී වසම් හඳුනා ගන්නා ලෙසටයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාට දැනුම්දී ඇත්තේ.
හඳුනා ගන්නා ග්‍රාම නිලධාරී වසම්වල අවුරුදු 30 සහ ඊට වැඩි ජනතාවට එන්නත ලබාදීමට වසංගත රෝග විද්‍යා අංශය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබාදී තිබෙනවා.
තෝරා ගන්නා ග්‍රාම නිලධාරී වසම්වල ඉහත වයස් කාණ්ඩයට අයත් ස්ථිරව පදිංචිව සිටින සහ තාවකාලිකව පදිංචිව සිටින ජනතාවට ද එන්නත ලබාදෙන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.
තෝරා ගනු ලබන අධි අවදානම් ග්‍රාම නිලධාරී වසම්වල එන්නත්කරණ මධ්‍යස්ථානවලදී එම ග්‍රාම නිලධාරී වසමට අයත් මහජනතාවට පමණක් එන්නත ලබාදෙන බවට එම මධ්‍යස්ථාන භාර නිලධාරීන් වගබලා ගත යුතු බවට ද දන්වා තිබෙනවා.