Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
26
"ජිම්නාස්ටික් ක්‍රිඩාව කරන්න බැරි වුණ එක ගැන මා තුළ දුකක් ඇති කළා..' - රිටට අභියෝගයක් කළ ඔලිම්පික් ශූරි යෙලේනා කියයි

- "ජිම්නාස්ටික් ක්‍රිඩාව කරන්න බැරි වුණ එක ගැන මා තුළ දුකක් ඇති කළා..' - රිටට අභියෝගයක් කළ ඔලිම්පික් ශූරි යෙලේනා කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

51 Views
රුසියා යනු දක්ෂයා ය. එසේත් නැතහොත් ප්‍රාඥයා ය. එසේනම් ‘RUSSIA’ වේ ඉන්නේ දක්ෂයෝ එසේත් නැතහොත් ප්‍රාඥයෝ ද? අප අමෙරිකානු, රුසියානු හෝ ජපාන දක්ෂයෝ ගැන කියන්නට යන්නේ නැත. මේ රුසියාවේ උපන් රිටි පැනීමේ විශිෂ්ට ක්‍රීඩිකාව ගැන කතාවකි. ‘රුසියා’ යන්නට ‘රුසියානි’ යැයි ස්ත්‍රී වාචී පදයක් නොමැති වුව ද රිද්මයානුකූලව රුසියාවේ රුසියානි යැයි ඇයව හැඳින්වීම තෘප්තිකරය. මේ ඒ ‘රුසියානු රුසියානි’ගේ කතාව ය.
 

‘අභියෝගවලට පිළිතුර නවතා දැමීම නොවෙයි, ක්‍රමය වෙනස් කර ගැනීමයි.’ ඈ පවසන්නීය. බලාපොරොත්තු බිඳ වැටුණු විට කළ යුත්තේ කඩා වැටීම නොවේ. නව බලාපොරොත්තුවක් තුළින් නැඟී සිටීම ය. ක්‍රීඩා ලොවේ පෙරළි කළ යෙලිනා ද එවැන්නියකි.
 
1982 ජූනි 03 වැනි දින රුසියාවේ වොල්ගාග්‍රාද්හිදී නමින් යෙලිනා ගඩ්සියෙව්නා ඉසින්බයේවා ය. ඇයගේ මව්පියෝ ක්‍රීඩාවට සම්බන්ධ අය නො වූහ. එසේ වුවත් දැනුම් තේරුම් වියේ සිටම යෙලිනා ජිම්නාස්ටික් ක්‍රීඩාවට දැක්වූයේ අසීමිත උනන්දුවකි, ඇල්මකි.
 
ඇය ජිම්නාස්ටික් වෙත යොමුවූයේ පස්වැනි වියේ සිට ය. තම ප්‍රියතම ක්‍රීඩාව ඔස්සේ දුර ගමනක් යන්නට ඇය මුලපිරුවේ උපරිම ජවය, සවිය වැය කරමිනි. 15 වැනි වියට එළැඹි ඇය හොඳ උසක හිමිකාරියකව සිටියා ය. එහෙත් මේ හොඳ උස ඇයගේ ඉදිරි ජිම්නාස්ටික් ගමනට තදින්ම හරස් විණි.
 
“ජිම්නාස්ටික් ක්‍රීඩාවේ දී සමබරතාව පවත්වාගැනීම ඉතා වැදගත්. ඔබගේ උස මේ ක්‍රීඩාවට ගැළපෙන්නෙ නෑ. ඒ නිසා කනගාටුවෙන් වුණත් කියන්න තිබෙන්නෙ ඔබ තවදුරටත් ජිම්නාස්ටික් ක්‍රීඩාවට නොගැළපෙන බවයි.” පුහුණුකරුවෝ යෙලිනාට එසේ කීහ.
 
කිසිදාක අසන්නට බලාපොරොත්තු නොවූ මේ කතාවෙන් යෙලිනා අන්ත අසරණ වූවා ය. ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් පෙරට ගොස් ඔලිම්පික් පදක්කමක් දිනාගන්නට මැවූ සිහිනය බොඳ වී ගිය සෙයක් ඇයට දැනිණි.
 
“මම වැඩියෙන් කැමති ක්‍රීඩිකාවක් වෙන්න නෙ. ක්‍රීඩාවෙන් වෙන් වුණු ජීවිතයක් මට නෑ. ඒ නිසා ජිම්නාස්ටික් ක්‍රිඩාව කරන්න බැරි වුණ එක ගැන මා තුළ දුකක් ඇති කළා. ඒත් ඒ ගැන හිත හිතා දුක්වීම තේරුමක් නැති දෙයක් බවයි මට වැටහුණේ. ඉතින් ජිම්නාස්ටික් වෙනුවට මම රිටි පැනීම තෝරාගන්නවා.” යෙලිනා සිය අනාගත ක්‍රීඩා ජීවිතය සම්බන්ධව තීරණයකට එළඹුණා ය.
 
“රිටි පැනීම කියන්නෙ කාන්තාවන්ට ජාත්‍යන්තර මට්ටමෙන් කරන්න පුළුවන් ක්‍රීඩාවක් නෙවෙයි.” ඔලිම්පික් ක්‍රීඩා බලධාරීන්ගේ තීරණය වූයේ එයයි. මේ තීරණය හේතුවෙන් මෑතක් වන තෙක් කාන්තා රිටි පැනීම ඔලිම්පික් ක්‍රීඩා ඉසවුවක් බවට පත්වූයේ නැත.
 
යෙලිනා සිතුවේ තම රිටි පැනීමේ බලාපොරොත්තුව ද සුන් වී යා හැකි බවයි. ඇය මුලින්ම රිටි පැනීමෙන් ජයග්‍රහණයක් ලැබුවේ 1998 දී මොස්කව් නගරයේදී පැවැත්වුණු ලෝක තරුණ ක්‍රීඩා තරගයේදීය. එවිට ඇයගේ වයස අවුරුදු 16 කි.
 
“ගැහැනුන්ට රිටි පනින්න බැරි කතාව අමූලික බොරුවක්. මම රිටි පැනීමෙන් ලැබූ ජයග්‍රහණය ගැන හිතන්න. මම ඒ බව ක්‍රියාවෙන් ඔප්පු කරලා තිබෙනවා. පිරිමින් කරන ඕනැම ක්‍රීඩාවක් අපිටත් කරන්න පුළුවන්. යෙලිනා පවසන්නේ දැඩි ආත්ම විශ්වාසයෙනි, ආත්ම ධෛර්යයෙනි, ආත්ම ශක්තියෙනි.
 
යෙලිනා තනිවම ගෙන ගිය සටන ජය ලබමින් 2000 වසරේදී කාන්තා රිටි පැනීම නව ඔලිම්පික් ක්‍රිඩා ඉසවුවක් බවට පත්කරන්නට ඔලිම්පික් කමිටුව එකඟ විය.
 
යෙලිනා රිටි පැනීමේ හපන්කම මුලින්ම ලෝකය ඉදිරියේ පෙන්වූයේ වර්ෂ 2004 දී ග්‍රීසියේ පැවැති ඔලිම්පික් ක්‍රිඩා තරගාවලියේ දී ය. එහිදී ඇය මිටර් 4.91 ක් ඉහළට රිටි පනිමින් රන් පදක්කමක් දිනාගත්තේ ලෝක වාර්තාවක් ද පිහිටුවමිනි.
 
වර්ෂ 2008 දී චීනයේ බීජිං නගරයේ පැවැත්වුණු ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ දී ද ඇය රිටි පැනීමෙන් රන් පදක්කමක් දිනා ගත්තාය. ඒ, 2004 දී මීටර් 4.91 ක් පනිමින් තමන් විසින්ම තබා තිබූ ඔලිම්පික් වාර්තාව බිඳහෙළමිනි. 2008 දී ඇයගේ පිම්ම මීටර් 5.05 කි.
 
රිටි පැනීමෙන් පළ කළ දස්කම් අගයමින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය 2004, 2005 හා 2008 වර්ෂවලදී යෙලිනා ‘වසරේ ක්‍රීඩිකාව’ ලෙසින් නම් කළේය.
 
“යමක් කරද්දි ඔබට විවිධ අභියෝග එල්ල වේවි. ඒ අභියෝග හමුවේ කවදාවත් ඔබ කරන්න යන දෙය නතර කරන්න එපා. එය කරන ක්‍රමය පමණක් වෙනස් කරන්න.” සිය ඉලක්කය සපුරා ගනිද්දී එල්ල වූ අභියෝග ඇය ජයගත්තේ එලෙසිනි.
 
 
 
නඳුන් අමන්ද
සිළුමිණ 
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top