Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Feb
26
"මහන්සියෙන් ගොඩනඟාගත් නමට කැළලක් වෙනවට කැමති නැහැ, විශ්වනාත් අන්තිමට විශ්ව වුණා .." - විශ්ව කොඩිකාර

- "මහන්සියෙන් ගොඩනඟාගත් නමට කැළලක් වෙනවට කැමති නැහැ, විශ්වනාත් අන්තිමට විශ්ව වුණා .." - විශ්ව කොඩිකාරHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
2013 වසරේ දී ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ලැබෙන විට අධ්‍යක්ෂවරු ඇතුළු බොහෝ දෙනෙක් මගෙන්  ඇහුවා විවාහයට කල් වැඩි නැද්ද කියල. ඒත් මම හිතන්නේ ප්‍රේක්ෂකයා අකමැති නොවේවි තමන් ආදරේ කරන රංගන ශිල්පියා හෝ ශිල්පිනිය හොඳ පවුල් ජීවිතයක් ගෙවනවට. සතුටින් ඉන්නවට. ඉතින් විශ්ව කොඩිකාරට ආදරේ කරන ප්‍රේක්ෂකයත් කැමති වෙයි මම හොඳීන් සතුටින් ඉන්නවට. ඒ නිසාම මම හිතනවා ඒ තීරණය නිවැරදියි කියලා. මට දැනෙන්නේ ඉස්සරටත් වඩා දැන් මට ප්‍රේක්ෂකයන් ආදරෙයි කියලා.
 

රඟපාන්න කැමැත්තක් ඇතිවුණේ කොයි කාලේද?
පුංචි කාලේ ඉඳලම රඟපෑමට කැමතියි. මම විජය කුමාරතුංග මහත්මයාට ගොඩක් ආදරෙයි.ඔය කාලේ දී මගේ පියා පද්මසිරි කොඩිකාරගේ "නොහඬන් ලඳුනේ" චිත්‍රපටයේ රංජන්  මහතාගේ කුඩා කාලයට රංගනයෙන් දායක වෙනවා. එම චිත්‍රපටයේ මගේ මව වෙන්නේ වීණා ජයකොඩි. ඉන්පසුව "සුපිරි බලවතා" චිත්‍රපටයේත් රංජන් ගේ කුඩා කාලයට රංගනයෙන් දායක වෙනවා.
 
 පාසලෙත් නළුවෙක් කියලා ජනප්‍රිය ද?
1999 වසරේදී ධර්මරාජ විද්‍යාලයේ ශිෂ්‍යභට බලකායේ බටහිර තූර්යවාදක කණ්ඩායමට එකතු වෙනවා. එතකොට මම 7 වෙසරේ. ඉස්කෝලේ යන කාලේ මම කැපී පෙනෙන චරිතයක්. ශිෂ්‍යභටයෙකුට යන්න පුළුවන් උපරිම තැනට මම ඒ ඔස්සේ ගියා. එයට සම්බන්ධ වීම නිසා රංගනයෙන් මඳක් ඈත් වීමට සිදුවුණා. කැඩෙටිංවලට තිබුණ ආසාව නිසාම මට රංගනය මඟ හැරුණා. නමුත් අදටත් මම හැම අවුරුද්දකම ජචඤඥබඵ නචඵඵ ධභබ එකට යනවා
 
රඟපෑම වෘත්තිය කරගන්න ද විශ්වට ඕන වුණේ?
පාසලෙන් අයින් වෙනකොට මගේ තාත්තා මගෙන් ඇහුවා දැන් ඔයා මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ කියලා. මට රඟපාන්න ආසයි කියලා මම තාත්තාට කිව්වා. මම කලාව
කරනවා කියලා ඔයත් කලාව කරන්න ඇවශ්‍ය නෑ. ඔයාට කැමතිදේ ඔයා තෝරගෙන කරන්න කියලා තාත්තා මට කිව්වා. එතැනදී මට හිතුණා මම රඟපානවා. යම් හෙයකින් මට ඒ දේ කරගන්න බැරි වුණොත් ඒ වෙනකොටත් මම දියුණු කරගත් තවත් දක්ෂතාවයක් තිබුණ නිසා රඟපාන්න බැරි වුණොත් මම ගුවන් හමුදාවට යනවා කියලා.
 
 රංගනය ද හමුදාව ද කියලා හිතපු විශ්ව නැවතත් රංගනයට එනවා?
මේ කාලේ දී මගේ පියා "සදාදර ජෝතී" චිත්‍රපටය සඳහා තාත්තා කෙනෙක් හොයමින් සිටියේ. එවකට සරසවිය පත්තරේ හිටපු කර්තෘ ගාමිණී සමරසිංහ හා රෝයි ද සිල්වා යන දෙදෙනා මගේ තාත්තට මගේ නම යෝජනා කරනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රෝයි ද සිල්වා. මගේ තාත්තා පද්මසිරි කොඩිකාර එය නිෂ්පාදනය කළා. 2007 දෙසැම්බර් මාසයේ දී කලාවට නැවත වරක් පිවිස අද දක්වා නිර්මාණවලට දායකත්වය ලබා දෙමින් හෙමින් ගමනක් යනවා.
 
 චිත්‍රපටයේ නිමාවෙන් පස්සෙ තාත්තාගෙන් ලැබුණේ මොනවගේ ප්‍රතිචාරයක් ද?
" සදාදර ජෝතී" චිත්‍රපටයේ නිමාවෙන් පසුව නිර්මාණ බොහොමයක් සඳහා ඇරැයුම් ලැබෙනවා. නමුත් තාත්තා ‍‍ඒ එකක්වත් මට කරන්න දෙන්නේ නෑ. රංගනය පිළිබඳ කිසිදු ඉගෙනීමක් නැතුව මේ ගමන යනවට තාත්තා කැමති වුණේ නෑ. තාත්තා කිව්වේ යම් හැදෑරීමකින් පසුව කලාව කරන්න කියලා. මම තාත්තාට කිව්වා මට ඉගෙන ගන්න ක්‍රමයක් හොයලා දෙන්න කියලා. සිංහල සංස්කෘතික ශාලාවේ (සුදර්ශිය) මහේන්ද්‍ර පෙරේරා මහතාගේ ඇකඩමිය හා තාත්තා මාව සම්බන්ධ කරනවා. රංගනය මෙන්ම නළුවෙකු සතුවිය යුතු විනය ද ඔහු මැනවින් පුරුදු පුහුණු කළා. මගේ ගුරුවරයා, මහේන්ද්‍ර පෙරේරා මහත්මයාට පිං දෙනවා. ඔහු මට හරි මාවත පෙන්නුවා.
 
 විශ්වනාත් රජීන්ද්‍ර කොඩිකාර, විශ්ව කොඩිකාර වෙන්නේ කොහොමද?
මගේ පියා සමඟ දිනේෂ් ප්‍රියසාද් මහත්මයා ඒ දවස්වල බොහොම ළඟින් වැඩ කළා. වරක් ඔහුගේ නිවෙසේදී අප මුණ ගැසුණ වෙලාවක ඔහු මගෙන් නම මොකද්ද පුතා කියලා ඇහුවා. මම සම්පූර්ණ නම කිව්වම ටික වෙලාවක් මගේ මූණ දිහා බලන් ඉඳලා කිව්වා විශ්වනාත් නැතුව අපි විශ්ව කොඩිකාර නම භාවිත කරමු ඒ නම හොඳට කලාවට ගැළපෙනවා කියලා. අජන්තා රණසිංහ මහත්මයා මට දාපූ නම කොට කරලා විශ්ව කොඩිකාර කළේ දිනේෂ් ප්‍රියසාද් මහත්මයා.
 
ඔබේ පියා නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක්, ඔබ එතැනට යන්න හිතලා නැද්ද?
මම ආසයි මේ කියන කාර්යයන් දෙකටම. නමුත් මෙය එයට සුදුසු කාලය නොවේ කියලයි මම හිතන්නේ. අධ්‍යක්ෂණය ඕනෑම කාලයක දී කළ හැකියි. නමුත් රඟපැම කළ නොහැකියි. කලාව සාගරයක් නම් දිය බිඳක තරම් දෙයක්වත් මම තාම දන්නේ නෑ. ඒ නිසා මම කැමතියි මේ කාලය දැනුම එකතු කරගන්න ප්‍රයෝජනයට ගන්න. මගේ උත්සාහය හොඳීන් කලාව උගෙන ඉන්පසු නිර්මාණ බිහිකිරීමටයි.
 
 පුංචි තිරය තුළ ඔබ හැමදාමත් දකින්න ලැබෙන්නේ ආදරවන්තයා ලෙසින්. විශ්ව එකම රාමුවකට කොටුවෙලාද?
ප්‍රේක්ෂකයා ආදරේ කරන චරිතාංග නළුවෙක් වෙන්න මම කැමැතියි. ආදරවන්තයා කියන තැනදී යම් කොටු වීමක් තිබුණත් මම රඟපෑ චරිත ගෙන බැලුවොත් ඒ චරිත වල එකිනෙකට වෙනස් ආදරවන්තයෝ තමයි සිටියේ. මොන චරිතය කළත් ප්‍රේක්ෂකයාගේ හදවතට ආමන්ත්‍රණය කරන චරිතයක් විය යුතුයි. පවුලේ හැමෝටම එකට ඉඳගෙන නැරඹිය හැකි නිර්මාණයක් නම් මම එයට මගේ දායකත්වය ලබා දෙනවා.
 
 විශ්ව වඩාත් කැමැති සිනමාවට ද? පුංචි තිරයට ද? වේදීකාවට ද?
මම වඩාත් කැමති සිනමාවට. සිනමාවට ආදරෙයි කියලා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය අතාරින්න සූදානම් නෑ. චිත්‍රපටවලට ආරාධනා ලැබුණට ටෙලිනාට්‍ය දෙවෙනි තැනට දාලා චිත්‍රපට කරන්නේ නෑ. ප්‍රේක්ෂකයා මාව හඳුනා ගත්තේ ටෙලිනාට්‍ය තුළින්. මට ආරාධනා කළ චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වෙන්න බැරි වුණා. දින වෙන්කරන්න බැරිවුණ නිසා. ඒ වෙලාවෙදි මම ටෙලිනාට්‍යක වැඩ කරමිනුයි සිටියේ. මම දිනයක් දුන්නොත් එයට මම වගකිව යුතුයි. ඒ වෙනුවෙන් මම බැඳී සිටිනවා. ඒ නිසා කිහිපවතාවක් මට චිත්‍රපට අහිමි වුණා. වේදිකාව නම් රංගනය ඉගෙනගන්න කලාකරුවෙකුට හොඳ තෝතැන්නක්.
 
 ඔබ පුංචි තිරයට එන්නේ මෙගා නාට්‍ය හරහා. අද තියෙන මෙගා නාට්‍ය ගැන මොකද හිතෙන්නේ?
කුමන නිර්මාණයක් හෝ වේවා ආදරයෙන් ගොඩනැඟිය යුතුයි. මුදල මත පදනම්ව උඩින් පල්ලෙන් නිර්මාණ කරන්න ගියාම අපි නැති කරගන්නේ අපේ කලාව. අපේ ප්‍රේක්ෂකයා. පිටරටක මෙගා නාට්‍යයක් ගෙන බැලුවොත් ඒවා නිර්මාණාත්මකව ලස්සනට කරලා තියෙනවා. දිගින් දිගටම බලන්න යොමු වෙන්නේ, මිනිසුන් ඒවා වැලඳගන්නේ ඒ නිසා. නිර්මාණයක් ප්‍රේක්ෂකයා ඇදබැඳ තබා ගත හැකි ලෙස නිර්මාණය කළ යුතුයි. නොඑසේ නම් ලංකාවේ චැනල්වල ඉඩ මීටත් වඩා පිටරට නිර්මාණවලට වෙන් වේවී.
 
 විශ්ව ෆේස්බුක්  නෑ කිව්වට ෆේස්බුක්  ඉන්නවා නේද?
මම ෆේස්බුක්  හි කාලයක් නැතුව හිටියා. නමුත් මම විවාහවුණාට පස්සේ මගේ බිරිඳ මට කිව්වා ෆේස්බුක් එකවුන්ට්  එකක්  කරන්න එයින් ඔයාට ආදරේ කරන රසිකයන් තව තවත් ළං වේවී කියලා. නමුත් මගේ නමින් ෆේස්බුක් එකවුන්ට් බොහොමයක් තියෙනවා. ඒ එකවුන්ට්යොදාගෙන අතිශය වැරදි දේවල් කරලා තිබුණා පසුගිය කාලේදී. ඒ සම්බන්ධයෙන් ගැහැනු ළමයි දෙදෙනෙක් ඔවුන්ට වුණ ප්‍රශ්න ගැන මා සමඟ කතා කළා. මාධ්‍යට මට ඒවා හෙළි කරන්න බෑ. මම කියන්න කැමැතියි මගේ නමින් වැරදි මැසේජ් එකක් ආවොත් ඒ මම නෙවෙයි. ඕනෑම කලාකරුවෙකු නමින් එහෙම එකක් ආවොත් ඒක අයින් කරන්න. මොකද කලාකරුවෙක් කැමැති නෑ තමන් මහන්සියෙන් ගොඩනඟාගත් නමට කැළලක් වෙනවට.
 
 ක්ෂේත්‍රයට එන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට විශ්වට මොනවද කියන්න තියෙන්නේ?
මට බොහෝ දෙනෙක් කතා කරලා කියනවා රඟපාන්න ආසයි කියලා. ඒ අයට මම කියන්නේ රංගනය ඉගෙනගෙන කලාව තුළ යමක් කරන්න බලන් එන්න. ඇවිල්ලා ආවට වඩා ඉක්මනට යන්න එන්න එපා. කවුරුහරි ක්ෂේත්‍රයට එන්න උදව්කළත් රඟපාන්න බෑ කියලා දැනුණොත් අධ්‍යක්ෂවරයා නිර්මාණයෙන් ඉවත් කරනවා. ප්‍රේක්ෂකයාට දැනුණොත් ප්‍රතික්ෂේප වෙනවා. ඉන්පසුව කලාවට බැනලා වැඩක් නෑ. ඒ නිසා මෙහි රැඳෙන්න නම් දක්ෂතාවය හා ඉගෙනීම බොහොම වැදගත්.
 
 විශ්වගේ ආදරණීය පවුල ගැනත් කියමු?
බිරිඳ එරන්දි දුව කාවින්ද්‍යා පුතා ඔනෙත් මේ අය එක්ක සතුටින් මගේ ජීවිතේ ගෙවෙනවා. පුළුවන් හැම වෙලාවකම මම උත්සහා කරන්නෙත් ඒ අය එක්ක කාලය ගෙවන්නයි
 
තිළිණි රාජපතිරණ
සරසවිය 
 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top