විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඊයේ බටහිර ඉන්දීය කොදෙව් දිවයින් බලා නික්මුණු අතර, ශ්‍රී ලංකා පිලට මුහුණදෙන කොදෙව් කණ්ඩායම මෙතෙක් නම් කර නැහැ.
කෙසේ නමුත්, කොදෙව් පිලේ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් පාකිස්තාන සුපර් ලීග් විස්සයි විස්ස තරඟාවලියෙන් නික්මී අද පස්වරුවේ කොදෙව් දිවයින් බලා යෑමට නියමිත බව වාර්තා වනවා.
ඔහු පාකිස්තාන විස්සයි විස්ස තරඟාවලියේදී ක්වෙටා ග්ලැඩියේටර්ස් පිල නියෝජනය කරනවා.
පාකිස්තාන ක්‍රිකට් මාධ්‍යවේදියෙකු වන සාජ් සාදික් ට්වීටර් පණිවුඩයක් එක් කරමින් ප්‍රකාශ කළේ කොදෙව් දිවයින් බලා යන ක්‍රිස් ගේල් නැවතත්, පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියේ අවසන් කොටසට එක්වනු ඇති බවයි.