ගොවීන් සහ පාරිභෝගිකයින් සහල් මාෆියාවෙන් නිදහස් කර ගැනීමේ අරමුණින් රජය සහතික මිලට වී මිලදි ගැනීමට කටයුතු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
කෙසේ වෙතත්, ගොවීන් පෙන්වා දෙන්නේ සහතික මිලට වී ලබාදෙන ලෙස රජය දැනුම්දී තිබුණ ද අස්වැන්න අඩුවීම හේතුවෙන් එම මිල ගණන් යටතේ වී ලබාදීමට නොහැකි බවයි.
මෙවර මහ කන්නයේදී සහතික මිලක් යටතේ වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 03 ක් මිලදී ගැනීමට රජය පසුගියදා තීරණය කළා.
ඒ, යටතේ ප්‍රමිතිගත නාඩු තෙතමනය 14%ක් සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 50කට ද, තෙත බර ඉවත් නොකළ නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 44කට ද මිලදී ගැනීමට සැලසුම් කර තිබුණා.
එසේම, ප්‍රමිතිගත සම්බා තෙතමනය 14%ක් සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 52කට සහ තෙතබර ඉවත් නොකළ සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 46කට ද මිලදී ගැනීමට ද රජය තීරණය කළා.
මේ වනවිට මහ කන්නයේ වී අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති අතර ගොවීන් පවසන්නේ පෙර කන්නයට සාපේක්ෂව මෙවර අස්වැන්නේ අඩුවක් පවතින බවයි.
කෙසේ වෙතත්, තම අස්වැන්න අඩුවීමත් සමඟ රජයට වී ලබාදීමට හැකියාවක් නොමැති බවත් රජය ලබා දී ඇති සහතික මිල ඉක්මවා පෞද්ගලික අංශය වී මිලදී ගැනීමට කටයුතු කරන බවත් ගොවීන් පෙන්වා දෙනවා.
මේ අතර, ගොවි අරගල ව්‍යාපාරය මාධ්‍ය හමුවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා.
පොහොර සහනාධාරය යටතේ මෙරට වී වගා කරන ගොවින් ගණන දසලක්ෂ 41,923 ක්.
රජයේ වී මිලදි ගැනීමේ වැඩපිළිවෙළ යටතේ එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් 1000 බැගින් මිලදී ගනු ලබන්නේ කුඹුරු හෙක්ටයාර 1ත්, 1.5ත් අතර වගා කරන ගොවීන්ගෙන් පමණයි.
එවැනි භූමි ප්‍රමාණයක වී වගා කරන ගොවීන් සිටින්නේ 266,291 දෙනෙකු පමණයි.
කෙසේ වෙතත්, පොහොර සහනාධාරය අහිමි වන්නේ එම පිරිස අතරින් වී ලබා නොදෙන ගොවීන්ට පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළා.