ලීෂ්මනයසිස් රෝගය වැලි මැස්සා නමින් හඳුන්වනු ලබන කෘමි සතෙකුගෙන් පැතිරී යයි. ඇතැම් ප්‍රදේශවල ජනතාව හෝහපුටුවා ලෙස හඳුන්වන්නේ කුඩා කෘමි සතුන්ටය. නමුත් එම කෘමි සතුන් හෝහපුටුවන් නොවේ. සෑම කුඩා කෘමි සතෙකුම හෝහපුටුවන් නොවුනත් සෑම හෝහපුටුවෙක්ම වැලි මැස්සෙකි.
වැලි මැස්සාගේ ගැහැනු සතා පමණක් ලේ උරාබොන අතර පිරිමි සතුන් මල් පැණි හෝ වෙනත් ස්වාභාවික දියර වර්ග මත යැපෙති. ගැහැනු වැලි මැස්සකු ලීෂ්මනයසිස් ආසාදිත පුද්ගලයෙකුගේ සම මත ඇති තුවාලය ආසන්නයෙන් රුධිරය උරා බොන අතරතුරදී ලීෂ්මනයසිස් පරපෝෂිතයා ඌගේ ශරීරයට ඇතුළු වේ. එම ගැහැනු වැලි මැස්සා තුළදී ලීෂ්මනයසිස් පරපෝෂිතයා සංඛ්‍යාත්මකව වර්ධනය වී තවත් නිරෝගී පුද්ගලයකුට ආසාදනය ඇති කළ හැකි ආසාදිත තත්ත්වයට පත් වේ. මෙබඳු ආසාදිත ගැහැනු වැලි මැස්සකු නිරෝගී පුද්ගලයකුගෙන් ලේ උරාබොන විට ලීෂ්මනයසිස් පරපෝෂිතයා සම තුළට ඇතුළු කෙරේ.
විද්‍යාත්මක වර්ගීකරණයේදී වැලි මැස්සන් ආත්‍රපෝඩා (Arthrpoda) වශයෙන් කෘමි (Insects) කාණ්ඩයට අයත් වන සත්ව විශේෂයකි. වැලි මැස්සා හෝහපුටුවා ඉතා කුඩා කෘමියෙකි. සාමාන්‍යයෙන් ඌගේ ශරීර ප්‍රමාණය වැඩුනු මදුරුවකුගේ ශරීර ප්‍රමාණයෙන් අටෙන් එක (1/8) සිට තුනෙන් එකේ (1/3) දක්වා ප්‍රමාණයක් විය හැක. එමෙන්ම ප්‍රමාණාත්මකව වැඩුණු වැලි මස්සකුගේ ශරීරයේ දිග මිලි මීටර් 1.2 සිට 3.7 දක්වා වේ. වැලි මැස්සා සියලූ ශරීර කොටස් (පාද, පියාපත්, හිස, උරස, උදරය) ඉතා සිනිදු කෙඳිවලින් වැසී suwa22 4පවතින නිසා එය වැලි මැස්සා හඳුනා ගැනීමේ
ආවේනික ලක්ෂණය ලෙස සැලකිය හැකිය. වැලි මැස්සා කිසියම් පෘෂ්ටයක් මත වසා සිටින සිට ඔවුන් පියාපත් යුවල ඉංග්‍රීසි හෝඩියේ V අකුර හැඩයට තබා ගනී. ඔවුන්ගේ පාද ශරීරයට සාපේක්ෂව ඉතා දිගුය. (රූප සටහන 2 බලන්න) එසේම පෘෂ්ටයක වසා සිටින වැලි මැස්සකුට බාධා කළ විට ඔවුන් බොහෝවිට පනින (Hopping) ආකාරයේ චලනයක් දක්වන අතර එයද මෙම සතුන් හඳුනා ගැනීම සඳහා භාවිතා වන තවත් ලක්ෂණයකි. ලීෂ්මනයසිස් රෝගයට අමතරව තවත් බැක්ටීරියා හා වෛරස් රෝග කීපයක් මෙම වැලි මැස්සා විසින් පතුරවන අතර ඒවා කිසිවක් ශ්‍රී ලංකාවේ වාර්තා වී නොමැත. වැලි මැස්සා/ හෝහපුටුවා දෂ්ටනය සාමාන්‍යයෙන් මඳුරු දෂ්ටනයකට වඩා වේදනාත්මක වන අතර සමහර පුද්ගලයන් මෙම දෂ්ටනවලට ඉතා සංවේදීය. ඔවුන්ගේ සම මතුපිට වැලි මැස්සා දෂ්ට කළ ස්ථානයේ කුඩා බිබිලි/ තුවාල ඇති වන අතර තද කැසීමක්ද ඇති කරයි. මෙම තත්ත්වය සති කිහිපයක් පැවතිය හැකි අතර එය ලීෂ්මනයසිස් රෝගය නොවන බවද සිහි තබා ගත යුතුය. කෙසේ වෙතත් වැලි මැස්සන්් බෝවීම ලීෂ්මනයසිස් රෝගය නැති අවස්ථාවලදී පවා ගැටලූ ඇති කරන බව මතක තබා ගත යුතුය. ලෝකය පුරා වැලි මැස්සන් විශේෂ 800ක් පමණ හඳුනාගෙන ඇත. මේ අතරින් විශේෂ 30ක් පමණ ආසියානු කලාපයේ ලීෂ්මනයසිස් රෝග වාහකයන් ලෙස හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ දැනට පර්යේෂණාත්මකව සොයාගෙන ඇති පරිදි රෝග වාහක හැකියාව ඇති වැලි මැස්සන් විශේෂ ඇත්තේ එකකි. ඒ ප්ලේබෝටමස් ආජෙන්ටිපිස් (Phlebotomus argentipes) නම් වන විශේෂයි. මෙම වැලි මැස්සන් විශේෂය අසල්වැසි ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල ලීෂ්මනයසිස් රෝග වාහකයකු ලෙස හඳුනාගෙන ඇත. මෙම ප්ලේබෝටමස් ආජෙන්ටිපිස් විශේෂය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම හමුවන අතර රෝග වාහකයෙක් නොවන තව විශේෂ 15-20ක් පමණ හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ බහුලව හමුවන්නේ සම මත දෂ්ඨකරන (cutanious leishmaniosis) වැලිමැස්සන්ය.
වැලි මැස්සාගේ ජීවන චක්‍රය හා හැසිරීම
වැලි මැස්සාගේ ජීවන චක්‍රය සාමාන්‍ය මදුරුවකුගේ ජීවන චක්‍රයට සමාන වන අතර බිත්තර, කීට, පිලා හා වැඩුණු වැලි මැස්සා/ හෝහපුටුවා යන අවස්ථා හතරම පෙන්වයි. වැලි මැස්සන් බිත්තර දමන නැතහොත් බෝ වන ස්ථාන නිශ්චිතව හඳුනා ගැනීම තරමක් අසීරු කාරණයකි. නමුත් බොහෝ අවස්ථාවලදී ගැහැනු වැලි මැස්සන් බිත්තර දැමීම සඳහා මැටි සහිත බිත්තිවල පැලූම් හා විවර, ඉතා බුරුල් පස් සහිත ස්ථාන (ගව මඩු/ විශාල ගස්වල මුල් අතර රැෙඳන පස්), සතුන් විසින් හාරන ගුල් (ඌරු මීයන්) ආදිය තෝරා ගනියි. මෙහිදී විශේෂ වන්නේ එම ස්ථානවල ඇති අඳුරු බව, තෙතමනය, පරිසර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් පැවතීම හා වැලි මැස්සාගේ බිත්තරවලින් පිටවන කීටයන්ට ආහාර සඳහා අවශ්‍ය ඉතා සියුම් ¥විලි වැනි ද්‍රව්‍ය පැවතීමයි. පරිසරයට එකතු වන කාබනික ද්‍රව්‍ය බහුල වන විට එම ස්ථාන වැලි මැස්සාගේ බෝවීමට හිතකර තත්ත්වයක් ඇති කළ හැකිය.
මැස්සන්් සාමාන්‍යයෙන් සවස් කාලයේ හා උදය කාලයේ හිරු රැස් අඩු පරිසර තත්ත්ව යටතේ වැඩි වශයෙන් ලේ උරාබීම සිදු කරයි. රාත්‍රී 8.00 සිට 11.00 දක්වා කාලය තුළදී ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ඉතා ඉහළ බව සොයාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ සිටින ප්ලේබෝටමස් ආජෙන්ටිපිස් විශේෂය මිනිසුන්ට වඩා හරකුන් වැනි සතුන්ගෙන් ලේ උරාබීමට වැඩි කැමැත්තක් දක්වන බව පර්යේෂණවලින් හෙළි වී ඇත. නමුත් වැලි මැස්සන් බහුල කාලවලදී ඔවුන් අවට සිටින මිනිසුන්ගෙන් ඇතුළු අනෙකුත් සියලූම උණුසුම් රුධිරය සහිත
සතුන්ගෙන් ලේ උරාබීමට පෙළඹේ. දහවල් කාලයේ ආලෝක තත්ත්වය ඉතා හොඳින් පවතින අවස්ථාවල, දැඩි උණුසුම් තත්ත්ව හා සුළං තත්ත්වවලදී වැඩුණු වැලි මැස්සන් අඳුරු, සීත හා සුළඟින් ආරක්ෂා වීමට හැකි ස්ථානවල සැඟවී සිටිති. පරිසරයේ ඇතැම් කුඩා පඳුරු හා කුඩා ගස් විශාල ප්‍රමාණයක් එකට වැවී ඇති ස්ථාන, අතහැර දමන ගොඩනැඟිලි, වැසිකිලි, නිවාස තුළ ඇති ගබඩා කාමර ආදී ස්ථාන ඔවුන් මේ සඳහා තෝරා ගනියි.
වැලි මැස්සන් නිවාසවලින් පිටත පරිසරයේදී (Out door) දෂ්ටනයට වැඩි කැමැත්තක් දක්වයි. එහෙත් නිවාස තුළ (Indoor) දෂ්ටනය මගින් ලේ උරාබීම සිදු නොවන බවත් එයින් අදහස් නොකරන අතර අවස්ථාව අනුව නිවාස තුළට පැමිණ ලේ උරාබීමේ හැකියාව ඇත.
වැලි මැස්සන් පාලනය කිරීම
වැලි මැස්සන් බෝ වන ස්ථාන ඉවත් කිරීම ඉතා අපහසු කාර්යක් වන නමුත් නිවාස අවට පිරිසිදුව තබා ගැනීම (කාබනික ද්‍රව්‍ය ක්‍රමානුකූලව ඉවත් කිරීම) වැලි මැස්සන් පාලනයට වැදගත් විය හැක. මීට අමතරව වැඩුණු වැලි මැස්සන් පාලනය කිරීම සඳහා කෘමි නාශක දියර ඉසීම, දුම් ගැසීම ආදිය සිදු කළ හැකිය. විශේෂයෙන් මැටි බිත්ති සහිත නිවාස, අඳුරු කාමර ආදිය තුළට කෘමි නාශක දියර ඉසීම කළ හැකි අතර වැඩුණු වැලි මැස්සන් සැඟවී සිටින බවට සැක කළ හැකි නිවාස අවට ඇති පඳුරු, ගස් ආදිය ස්ථානවලට දුම් ගැසීම සිදුකළ හැක. නමුත්
ප්‍රායෝගිකව මෙබඳු කටයුතුවලින් ලැබෙන ප්‍රතිඵල තවමත් ඉහළ තත්ත්වයකට පත් වී නැත.
වැලි මැස්සන් දෂ්ටනය අවම කිරීම
වැලි මැස්සන් ඉතා කුඩා වන බැවින් ඔවුන්ට සාමාන්‍ය රෙදි තුළින් දෂ්ටනය කිරීමේ හැකියාවක් නැති අතර නිරාවරණය වී ඇති සම තුළින් පමණක් ලේ උරා බොයි. එබැවින් බොහෝ විට අත්, මුහුණත හා කකුල් ආදී පරිසරයට නිරාවරණය වන සම ආශ්‍රිතව ලීෂ්මනයසිස් තුවාල දක්නට ලැබේ. මෙම නිරාවරණය වන ස්ථාන වැසෙන සේ ඇඳුම් ඇඳීම, සම මතුපිට මඳුරු විකර්ශන ආලේප මගින් වැලි මැස්සන් දෂ්ටනය අවම කළ හැක. තවද වැලි මැස්සන් බහුල කාලවලදී හා ඔවුන් වැඩිපුර ක්‍රියාකාරී වන අවස්ථාවලදී නිවාසවලින් පිටත කටයුතු අවම කිරීම, නිවාස තුළ හොඳින් ආලෝකකරණය කිරීම, මඳුරු දඟර, මඳුරු නාශක දියර (Spray) හා බෙහෙත් ගල්වන ලද මඳුරු දැල් භාවිතය මගින්ද නිවාස තුළදී වැලි මැස්සන්/ හෝහපුටුවන් දෂ්ටනය අවම කළ හැකිය.
වැලිමැස්සන් දෂ්ඨකිරීම නිසා සම මත ඇතිවන තුවාල සුවකිරීමට ආයුර්වේදයේ බහුලව පාවිච්චිකරන ඖෂධ වන්නේ කොහොඹ ඇට කුඩු, එ`ඩරු ඇට කුඩු, කහ කුඩු කොහොඹ තෙලෙන් මිශ්‍රකර සාදාගත් ඖෂධ දුම් කබලකට දමා එම දුම හොඳින් තුවාලයට ඇල්ලීමය. ඊට අමතරව තුවාලය සහිත සම ඖෂධ වර්ග මිශ්‍රකර තම්බාගත් ජලයෙන් සේදීමද මගින් මෙම තුවාල ඉතා ඉක්මනින් සුවකරගත හැකිය.
දිවයින