ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 2ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 435ක්.
මියගොස් ඇත්තේ කුරුවිට ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ තිහාරිය ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
කුරුවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා මහරගම අපේක්ෂා රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර යවා තිබෙනවා.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 19 වනදා මරණයට පත්වී තිබෙනවා.
මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ ශ්වසන පද්ධතිය අක්‍රිය වීම ලේ විෂවීම කොවිඩ් නිව්මෝනියාව සහ පිළිකා රෝගී තත්වයක්.
තිහාරිය ප්‍රදේශයේ පදිංචි පුද්දගලයා ගම්පහ දිස්ත්‍රික් රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙසට හඳූනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබුණා.
එහිදී අද මරණයට පත්වී ඇති ඔහුගේ මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාවයි.