සංගීතයේ සිහසුන තනමින් මිලියන ගණනක ජනතා සිහිනය, මල්ඵල ගන්වන ශ්‍රී ලංකාවේ පළමු සජීවි රියැලිටි ටෙලිවිෂන් උත්කර්ශයේ ඓශ්චර්යමත් උද්වේගකර සංග්‍රාමය, හිරු ස්ටාර් සීසන් ටූ අවසන් මහා තරඟය අද රාත්රියේදී පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්.
අසිරිමත් රාත්‍රියක උත්කර්ෂය රැගත් හිරු ස්ටාර් සීසන් ටූ අවසන් මහා තරඟය පස්වරු 7.30 සිට හිරු ලයිෆ් මැදිරි සංකීර්ණයේ දී සජීවිකරණය කිරීම සිදුවනවා.
මැදිරි සංකීර්ණ දෙකක් එක් කොට මෙරට සිදුකරන ප්‍රථම සජීවි විකාශය ද මෙය වනවා.
හිරු ස්ටාර් සීසන් ටූ අවසන් මහා තරඟයේ ජයග්රාහකයාට එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ රියැලිටි වැඩසටහනකදී පිරිනැමෙන විශාලම ත්‍යාග සමඟ මේ රාත්‍රියේ, හිරු ස්ටාර් වේදිකාවේ සිහසුන තනන්නට දැනටමත් ජනතා මනාපයෙන් සිව් දෙනෙකු තේරී පත්වී අවසන්.
ඒ, හොරණ - විශ්ව ප්‍රභාත්, අහුංගල්ල - උදාර කෞශ්යල්ය, හොරණ - අමන්දා පෙරේරා සහ බොරැල්ලේ - දිල්ශාන් මධුරංගයි.
මිලියන ගණනක ජනතා සිහිනය සැබෑ කරමින් කිරුළ අත්පත් කර ගන්නා විජයග්‍රාහකයා වෙනුවෙන් රුපියල් ලක්ෂ 35ක් වටිනා නවීනතම ජීප් රථයක්, මුදලින් රුපියල් මිලියන දෙකක් සහ රුපියල් මිලියන 5ක් වටිනා දෘශ්‍ය ගීත 12ක් ඇතුළත් සංගීතමය ඇල්බමයක් හිමි වනවා.
හිරු ස්ටාර් ශ්‍රී ලාංකීය රියැලිටි වංශ කතාව වෙනස් කළේ ප්‍රේක්ෂකයින්ට තම අභිමතය පරිදි හිරු ස්ටාර් මොබයිල් ඇප් මෘදුකාංග යෙදවුම හරහා තරඟකරුවන් ගායනා කරන අවස්ථාවේදීම, සජීවීව මනාපය පළ කිරීමේ අවස්ථාව සලසා දෙමින්.
මනාපය පළ කරන්නාගේ රුව ද දැවැන්ත ඩිජිටල් තිරයේ ඒ මොහොතේදීම දිස්වන අයුරින් අති දැවැන්ත නවීනතම තාක්ෂණික ක්‍රියාවලියක් ඔස්සේ ගලා ගිය හිරු ස්ටාර් වැඩසටහන සුවිශේෂී වූ ආලෝකකරණ, රූප සහ නාද රටා උපයෝගී කර ගැනීම හේතුවෙන් මෙරට ප්‍රේක්ෂකයන්ගේ ජනප්‍රියතම රියැලිටි වැඩසටහන බවට පත්වුණා.
හිරු ස්ටාර් මොබයිල් ඇප් මෘදුකාංග යෙදවුම බාගත කිරීම මගින් අවසන් මහා තරඟයේදීද තරඟකරුවන්ට මනාපය පළ කිරීමට ඔබට අවස්ථාව සැලසෙනවා.
මෙතෙක් ශ්‍රී ලංකාවේ ඔබ නුදුටු රියැලිටි අත්දැකීමක් හිරු ස්ටාර් සීසන් ටූ අවසන් රාත්රියේදී තිලිණ කිරීමටයි හිරු ටී.වී. සූදානමින් සිටින්නේ.