රතු ග්‍රහයා හෙවත් අඟහරු වෙත යැවූ තම රොබෝ යානය සාර්ථකව ගොඩබැස්වූ බව නාසා ආයතනය පවසනවා.
ඒ, එහි සමකයට ආසන්න ආවාටයක් වන ජෙසෙරෝ ප්රදේශයටයි.
ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක වටිනාකමකින් යුත් රෝද හයකින් යුත් මෙම රොබෝ යානය මෙතෙක් නිෂ්පාදිත නවීනතම තාක්ෂණයෙන් යුතු වන අතර, මෙය වසර දෙකක් අඟහරු මත පරීක්ෂණ සිදුකරනු ඇති.
එමඟින් ග්‍රහයා මත පැරණි ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ සාක්ෂි විමසා බැලීමට නියමිතයි.
එමෙන්ම රතු ග්‍රහයා මත කෙදිනක හෝ ජීවයක් පැවතියේද යන්න පිළිබඳව ඉඟි සැපයිය හැකි පාෂාණ නියැදි එක් රැස් කිරීමද මෙම රොබෝ යානය යැවීමේ තවත් අරමුණක්.
කොරෝනා ව්‍යාප්තිය පවතින අවස්ථාවකදී වූව ද මෙවැනි ව්‍යාපෘතියක් සිදු කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන බවයි, නාසා ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.