ඔහුගේ පියා වඩුවෙක්. මව රැකියාවක් කළේ නැහැ. එයාගේ පවුලේ ආර්ථික ගැටලු වැඩි නිසාම ක්‍රිස්ටිව පවුලෙන් එළවලා දමන්නට පියාට සිද්ධ වුණා.
කල්ලි ගැහිලා කොලු රෑන් එක්ක පුංචි පුංචි හොරකම් කරලා ජීවත් වෙන්නට ක්‍රිස්ටි ඊටපස්සේ පටන් ගත්තා. යාන්තම් අවුරුදු 15ක් විතර වෙනකොට මහ මඟම ජීවිතය ගත කරන මුදල්වලට ගත මිල කරන ගැහැනියක් වෙත සතුටු වෙන්නට ගියා.
ඒ ගැහැනිය ක්‍රිස්ටිව පුදුම විදිහට සමච්චලයට ලක් කළා. උඹත් පිරිමියෙක්ද? ඇය මොර ගසා කෑ ගැසුවා. ක්‍රිස්ටිට තමා ගැනම ලැජ්ජාවක් ඇති වුණා. ඒ වගේ අර ගැහැනිය ගැන ඔහුට ඇති වුනේ මහා කේන්තියක්.
මෙලෙස කාලය ගෙවී ගියා. ක්‍රිස්ටි දුබලයෙක් කියලා ඇය වීදියේ සරණ අනෙක් කාන්තාවකටත් කියලා තිබුණා. ඒ නිසාම ඒ කාන්තාවනුත් ක්‍රිස්ටිට සමච්චල් කරන්න පටන් ගත්තා.
අවුරුදු 22ක් වෙනකොට ඔහු එකල නම් දැරූ රූබර තැනැත්තියක් සමඟින් විවාහ වුණා. ඒත් මේ විවාහයෙන් ආරවුල් හටගන්න පටන් ගත්තා. තම දුර්වලකම වසාගන්න ඔහු නොයෙක් දේ කරන්න පටන් ගත්තා.
1934 දී ඔහු අනතුරකටත් ලක්වුණා.
තමන් කුලවන්තයෙකු බවත් දුගී තරුණියක කසාද බැඳීමෙන් පසුව හිඟව දුගියෙකු වූ බවත් ඔහු ප්‍රචාරය කර හැරියා. 1939 දී ඔහු කොස්තාපල්වරයකු ලෙස සේව කළා. එහෙත් ඔහුගේ රාගී සිතුවිලි නම් අහවර වූයේ නැහැ.
අයාලේ ගිය ගැහැනියක් නිවසට කැඳවාගෙන ආ ඔහු ඇය සමඟ සිටින්නට තැනුවත් එය බැරිවුණා.
පසුව ඔහු බියකරු තීරණයකට එළඹුණා.
විවිධ රසායන කලවම් කොට ඒවා උණු වතුරේ මිශ්‍ර කොට රහසින් කැඳවාගෙන ආ කාන්තාවන්ට ආඝ්‍රහණය කරන්නට දී ඔහු සිහි විසඥ නොට ඔවුන් සමඟින් ලිංගිකව එකතු වන්නට ඔහු කල්පනා කළා. ක්‍රිස්ටි මේ ගැන අත්හදා බලන්නට එම මිශ්‍රණයට ගෑස් වර්ගයකුත් මුහු කළා. අවසානයේ එය ඝාතන යන්ත්‍රයක් බවට පත්වුණා.
ඔහුගේ පළමු ගොදුර වූයේ රූමත් සුන්දර යුවතියක්.
"මේ බලන්න මම හැදුවා මූණ වාෂ්පවලින් සෝදන යන්ත්‍රයක්.."එහෙම කියූ ඔහු ගෑස් වර්ගයක් මිශ්‍ර කරන ලද හුමාලය ඇගේ මුහුණට වදින්නට සැලැස්සුවා. ඇය විස:ව ගියා. ඉන් පසුව ඇය සමඟින් සතුටු වූ ඔහු ඇගේ ගෙල සිර කර මරා දමනු ලැබුවා.
මේ කාලයේ ඔහුගේ බිරිය ඔහු සමඟින් අමනාප වී තමන්ගේ නිවසට ගොස් සිටියා. මරා දමනු ලැබූ කාන්තාවගේ සිරුර ඝනකමැති වෝල් පේපරයක ඔතා නිවසේ උඩු මහලේ කාමරයක කබඩයක තැන්පත් කළා. ඔහුගේ දෙවැනි ඉලක්කය වූයේ තවත් මිතුරියක වූ මියුරිසල්. ඇයටත් මේ දේම සිදුවුණා.
තමන්ගේ බිරිය තමන්ගේ නැන්දණියගේ නිවසේදී දරුවකු ප්‍රසූත කළ බවට ඔහුට ආරංචි වුණත් ඔහු, ඇය බලන්නට ගියෙත් නැහැ. 1949 දී මිතුරෙකු වූ තිමොති, ක්‍රිස්ටි හමුවන්නට ආවා.
"මට ලොකු ගැටලුවක්. මගේ බිරියට ආයෙත් දරුවෙකු ලැබෙන්න එනවා. මට රස්සාවකුත් නෑ. මේ දරුවාව නැති කර ගන්න මට දොස්තර කෙනෙක් ඉන්න තැනක් කියාපන්..."තිමොති අසරණයක්. මුළු නගරය පුරාම ඔහු මන්ද බුද්ධිකයෙක් ලෙසට ප්‍රචලිත වෙලා තියෙනවා.
ඒත් ඔහුගේ බිරිය ඩෙරිල් ගොඩක් ලස්සන කාන්තාවක්, අයියෝ ඕක මොකද්ද මම දක්ෂ ගබ්සා කරන්නෙක්. හෙට වැඩේ කරමු. හැබැයි උඹ ගෙදර ඉන්න බෑ. මොකද ඇයට වේදනාවක් වුණොත් උඹ එතැනට ඇවිල්ලා යකා නැටුවොත් වැඩේ අවුල් වෙනවා.." ක්‍රිස්ටි කිව්වා, තිමොති මේ පාපතර යෝජනාවට කැමති වුණා.
පහුවෙනිදාට ඉරත් උදාවුණා. ක්‍රිස්ටි තිමොතිගේ නිවසට ගියා. ශල්‍යකර්මයකට ඇයව සුදානම් කරන විට ඇගේ සිරුර ඔහු දුටුවා. ඔහුට සියල්ල අමතකා වුණා. ඔහු ඇයව සිපගත්තා. ඇයට ගැලවෙන්නට නොහැකි වුණා. අවසානයේ ඇයව ඔහු ගෙල සිරකර මරා දැමුවා. මේ සිද්ධිය බලා සිටි ඇගේ දියණිය වූ සය හැවිරිදි දරුවාවත් ඔහු මරා දැමුවා.
පසුව තිමොති නිවසට ආවා. තමන්ගේම නිවස තුළ නිරුවතින් මිය ගිය බිරිඳත් දියණියත් දුටු ඔහු උමතු වුණා. පරීක්ෂණවලින් චෝදනා එල්ල වූයේ උමතු තිමෝතිමයි.
1952 දී ක්‍රිස්ටි බිරියත් දරුවාත් සමඟින් අඩදබර සහිතව ජීවත් වුණා. එක අමිහිරි රාත්‍රීයක ඔහුගේ ඉල්ලීමට එකඟ නොවුනු බිරියව ගෙල සිරකර ඔහු මරා දැමුවා.
අනතුරව මෙසේ කාන්තාවන් බොහෝ දෙනෙකු ඔහුගේ ගොදුර බවට පත් වුණා.
ඊටා නෙල්සන්, කැත්ලීන් නම් ගණිකාවන්ද ඔහුගේ ගොදුරු වුණා.
කෙසේ හෝ ක්‍රිස්ටිගේ බිරියගේ ඥාතීන් විසින් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ක්‍රිස්ටිගේ නිවසට කඩා වැදුණු පොලිසිය පරීක්ෂාවක් කළා. ඔවුන්ට සොයා ගත හැකි වූයේ තොග පිටින් කාන්තාවන් මරා දැමූ ඝාතාකාගාරයක්. අහිංසක කතුන් හා දරු පැටවුන් දෙදෙනෙකු මරා දැමූ ක්‍රිස්ටි 1953 ජූලි 15 වැනි දින මරණීය දණ්ඩනයට ලක් වුණා.
ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියකි.