Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
“..උඹට කන්න බෑ උඹෙ කට වටේටම පිච්චිලා.. මේ වගේ දේවල් කරන උන් ඉන්න ලෝකෙක ආයෙ ඉපදෙන්න එපා ජිමියෝ...!” - අසරණ සුනඛයෙකු ගිනිබත් කරපු, හිත්පිත් නැති නරුමයෙකුගේ ක්‍රියාවක් මුහුණු පොතෙන් එළියට එයි - Photos

- “..උඹට කන්න බෑ උඹෙ කට වටේටම පිච්චිලා.. මේ වගේ දේවල් කරන උන් ඉන්න ලෝකෙක ආයෙ ඉපදෙන්න එපා ජිමියෝ...!” - අසරණ සුනඛයෙකු ගිනිබත් කරපු, හිත්පිත් නැති නරුමයෙකුගේ ක්‍රියාවක් මුහුණු පොතෙන් එළියට එයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,476 Views
“සත්තුන්ට මේ වගේ දේවල් කරන උන් ඉන්න ලෝකෙක
ආය ඉපදෙන්න එපා ජිමියෝ...”

අසරණ සුනඛ පැටවෙකුට කළ සාහසික ක්‍රියාවක් ගැන අතිසංවේදී පුවතක් මුහුණු පොතෙන් අපිට හමුවුණා. මෙම සුනඛයාට භූමිතෙල් වත් කොට ගිනිකූරක් ගසා ගිනි තබා ඇති බවයි මෙම තරුණයා ලියා තිබුණේ.

ඔහුගේ සංවේදී සටහන පහතින් බලන්න.....

පෙබරවාරි දහය රෑ ජිමී උඹ කෙඳිරි ගාද්දි අපි බැලුවේ මොකද කියලා, හවසට කූඩුවෙන් එලියට දැම්මම ගේ වටේ දුව දුව සෙල්ලම් කරන උඹ අමුතු විදිහට කෙඳිරි ගාද්දි මොකක් හරි වෙලා කියලා තේරුනා.
උඹ කාගෙවත් හපන්න යන්නෙ නෑ උඹ ගෙදරට එන කා එක්ක උනත් සෙල්ලමටයි යන්නෙ.
උඹ කෙඳිරි ගාද්දි බලන්න ආවම උඹෙ ඇඟේ තුවාල පෙනුනා, වාහනේකට වත් හැප්පුනාද කියලා හිතුනත් මුලු ඇඟෙන්ම භූමිතෙල් සැර එනවා. කවුරු හරි කෙනෙක් උඹෙ ඇඟට භූමිතෙල් දාලා ගිණි තියලා කියලා දකිද්දි අපිට දැනුන දුක වචන වලින් කියන්න බෑ ජිමියෝ මේක මේ දැන් ටයිප් කරන වෙලාවෙත් ඉකි ගහ ගහ අඬනවා මම පොඩි එකෙක් වගේ...
උඹෙ කන් දෙක ඇඹරිලා ඇඟේ තැන් තැන් වල හම ගැලවිලා, බඩ යට, අත්, කකුල්, මූණ, කට, ඇස් හැම්දේම පිච්චිලා, බූල් තියෙනවා පෙනුනත් බාගෙට පිච්චිලා.
පුංචි ගිනිකූරකට අත පිච්චුනාම දැනෙන වේදනාව ගැන හිතද්දි උඹෙ මුලු ඇඟටම ගිණි අරගත්ත වෙලාවෙ ඒ වේදානාව කොහොම උඹ දරාගන්න ඇතිද කියලා හිතන්න බෑ...
මේක කෙනෙක් නොකර අනතුරකින් වෙච්ච දෙයක්ද කියලා හොයලා බලන්න ඒ වෙලාවෙම පාර හැම තැනම ගියත් එහෙම දෙයක් හොයාගන්න ලැබුනේ නෑ.
උඹට ඉන්ජෙක්ෂන් ගැහුවා, උඹෙ තුවාල වල බෙහෙත් ගෑවා, උඹට බෙහෙත් පෙව්වා, වතුර පෙව්වා, කිරි පෙව්වා, ඒත් උඹ කන්නෙ නෑ. ඒ බඩගිනි නැතුව නෙමෙයි වෙන්න ඇති උඹට කන්න බෑ උඹෙ කට වටේටම පිච්චිලා වෙනදා ජිමී කියලා කතා කලාම නැට්ට වනලා කෙඳිරි ගාලා මොකක්දෝ කියන උඹට අද ජිමී කිව්වම අසරණ විදිහට මූන දිහා බලනවා විතරයි.
ඒ විදිහට දුක් විඳලා උඹට ඉන්න ලැබුනේ දවස් දෙකකටත් අඩුවෙන් 12 හවස උඹ යන්නම ගියා.
මේක උඹට කවුරු හරි කෙනෙක් කෙරුව දෙයක් නම් ඌට සතුටු ඇති දැන්. එහෙම නොකෙරුවා නම් මේක කොහොමද උනේ කියලා හිතා ගන්න බෑ...
ආය කොහෙ හරි ගිහින් ගෙදර එද්දි පිලිගන්න මගට එන්නෙ නෑ උඹ, අපිත් එක්ක සෙල්ලම් කරන්නෙ නෑ උඹ. අහිංසක සත්තුන්ට මේ වගේ දේවල් කරන උන් ඉන්න ලෝකෙක ආය ඉපදෙන්න එපා ජිමියෝ... උඹට බුදු සරණයි!
අහිංසක සතෙකුගෙ ඇඟට භූමිතෙල් දාලා ගිණි තියන්න තරම් පොරක් උන එකාට කර්මය පලදෙන බව කියලා දෙන්න එකෙක් ඉන්න නැතුව ඇති...
සුරතල් සතුන්ට ආදරය කරන අය තමන් ඇති දැඩි කරන අහිංසක සත්තු මානසික ලෙඩ්ඩුන්ගෙන් පරිස්සම් කරගන්න...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top