ජපාන රජය පරිත්‍යාග කළ ජීප් රථ 31ක්, බස් රථ 4ක් සහ වෑන් රථ 10ක් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා සංකේතාත්මකව භාර දීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරුණා.
මෙරට ජපාන තානාපති අකිර සුගියාමා විසින් වාහන භාරදීම සිදුකෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
රුපියල් මිලියන 1250ක පූර්ණ ප්‍රදානයක් ලෙස ලැබෙන පරිත්‍යාගයේ පළමු පියවර ලෙස රුපියල් මිලියන 775කට වටිනාකමින් යුතු වාහන 45කුයි මෙලෙස පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත්තේ.
පොලීසිය සිදුකරන විමර්ශන පහසු කිරීම සඳහා ජපාන රජය මෙම පරිත්‍යාග කිරීම සිදුකර තිබෙනවා.