Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
16
"වෛද්‍යවරු පරික්ෂා කරලා කිව්වා අප්පච්චි රෝහලට රැගෙන එද්දිම නැති වෙලා හිටියේ කියලා..” - ජයලාල් රෝහණයන්ගේ ආදරණීය දියණිය, පියාගේ මතකයන් අවදි කළ හැටි - Photos [Exclusive]

- "වෛද්‍යවරු පරික්ෂා කරලා කිව්වා අප්පච්චි රෝහලට රැගෙන එද්දිම නැති වෙලා හිටියේ කියලා..” - ජයලාල් රෝහණයන්ගේ ආදරණීය දියණිය, පියාගේ මතකයන් අවදි කළ හැටි - Photos [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48,735 Views
"මට මහන්සියි, ටිකක් නිදා ගන්න ඉඩ දෙන්නකෝ කියලා අන්තිමට කිව්වා.."
 
 ජයලාල් රෝහණයන් ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න අටුවා ටීකා අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහු පුංචි තිරය, සිනමාව වගේම වේදිකාව එක සේ රංගනයෙන් පෝෂණය කළ රංගධරයෙක්. කැමරාව ඉදිරියට විවිධ චරිතවලින් ආ හෙතෙම මේ වෙද්දී මෙලොවින් සදහටම සමුගෙන අවසන්. ඒ ආදරණියයා දරුවන් දෙදෙනෙකුට ආදරණිය අප්පච්චි කෙනෙක්. ඒ අප්පච්චි ගැන කතා කරන්න අපි ඔහුගේ ආදරණිය ලොකු දුව පූජනිව සම්බන්ධ කරගත්තා. කැමරාව ඉදිරියේ හිටිය  ජයලාල් හා කැමරාවෙන් මෙපිට හිටිය ජයලාල් ගැන ආදරණිය දියණිය පුජනී අපිත් එක්ක කතා කළේ මෙලෙසිනුයි. 

ජයලාල් රෝහණයන් කැමරාව ඉදිරියේ කුමන ආකාරයේ චරිත මැව්වත් සැබෑ ජිවිතයේ ඔහු ඔබේ පියා, හැමෝටම වඩා ඔබට සමීප වූ ඔහු අසනීප වෙන්නේ කොහොමද කියලම මේ කතාබහ පටන් ගමු..?
අප්පච්චිට වකුගඩු අමාරුවක් තිබිලා ඒකට ප්‍රතිකාර කළා. ඒ අමාරුව ආවේ සෑහෙන කාලෙකට කලින්. ඊට පස්සේ 2018 අමාරු වෙලා නැවත රෝහල් ගත කළා. එතකොට තමයි අපි දැනගත්තේ අප්පච්චිගේ හෘදය සියයට 30ක් වැඩ කරන්නේ කියලා. ඉන් පස්සේ ඊට ප්‍රතිකාර කළා. ඊට පස්සේ අප්පච්චි හොදට හිටියා වැඩකටයුතු කරගෙන. මාසෙකට උඩදී තමයි නැවත හුස්ම ගැනීමේ අපහසුතාවයක් ආවේ. ටික දුරක් ඇවිද්දත් හති දානවා. මහන්සිය වැඩියි. අප්පච්චි වැඩිය කන්නේ නැහැ. ගෑස්ට්‍රයිටිස් හැදිලා කියලා බෙහෙත් ගත්තා. ඒ නිසා කන්න බැරුව ඇති කියලා අපි හිතුවේ. ඔය අතරතුර තමයි අප්පච්චි නැති වුනු දවසේ උදේ දේශනයකට සම්බන්ධ වෙලා ඉක්මනට ගෙදර ආවේ මහන්සියි කියලා.
 
මට ටිකක් ඉන්න දෙන්න මහන්සි නිසා ටිකක් නිදාගත්තොත් හරි යයි මට නිකක් නිදා ගන්න ඉඩදෙන්න කිව්වා. අපි ඊට පස්සේ අප්පච්චිට නිදාගන්න ඉඩ දුන්නා. පැය කිහිපයක් ගියත් අප්පච්චිගේ අමාරුවේ අඩුවක් නැති නිසා මමයි අම්මයි  අප්පච්චිව රෝහලට රැගෙන යන්න හිතුවා. ගෙදර වටපිටාවේ පිරිස අපිට උදව් කළා. ඒ අයගේ උදාවෙන් අප්පච්චිව ඉක්මණට රාගම රෝහලට රැගෙන ගියා. වෛද්‍යවරු පරික්ෂා කරලා කිව්වා අප්පච්චි රෝහලට රැගෙන එද්දිම නැති වෙලා හිටියේ කියලා. 
 
ඔහු අන්තිම මොහොතේ මොනවගේ දේවල්ද කතා කළේ..?
විශේෂ දෙයක් ඒ වෙලාවේ කතා කළේ නැහැ. නමුත් අප්පච්චි ටික කාලෙක ඉදලා මට විහිළු කරනවා මම මැරුණට පස්සේ ඔයාගේ දරුවෙක් වෙලා ආයෙමත් ඉපදෙනවා කියලා. ඒ වචන ටික අප්පච්චි නිතරම කිව්ව දෙයක්. අප්පච්චි ඉක්මණට නැති වෙයි කියලා නම් කොහෙත්ම හිතන්න නැතුව ඇති. ඒ වගේම අම්මට කියනවා ලබන ආත්මෙත් ඔයා මගේ වෙලා ඉපදෙන්න ඕන. අපි දෙන්නා එකටම ඉපදෙමු කියලා. අප්පච්චිට ඕන වුණා නිතරම අපිත් එක්ක ගැවසෙන්න. ඒ නිසා ඒ ආදරේ පෙන්නපු විදිහ වෙන්න ඇති.
 
පියාගේ වියෝවත් එක්ක කලාකරුවන්ගෙන් ලැබුණු සහයෝගය මතක් කරමු..?
වසන්ත විට්ටච්චි මහත්මයා කිව්වා අප්පච්චිට අවසන් ගෞරව දක්වන්න සුදර්ශනී ශාලාවේ දේහය තැම්පත් කරන්න කියලා. අපි ඒ දේ කළා. අප්පච්චි  රෝහලට  ඇතුලත් කළා කියලා මුලින්ම කිව්වේ සුනිල් අරුණ වීරසිරි මහත්මයාට. එතුමා අප්පච්චිට කිට්ටුයි. ඔහු ඒ මොහොතේම ආවා. ශ්‍රියන්ත මහත්මයා හා කුසුම් රේණු මහත්මියත් තව බොහෝ කලාකරුවන් අප්පච්චිගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආවා. කිසිම අඩුවක් වුනේ නැහැ. අප්පච්චිට ආදරේ කරන බොහෝ දෙනෙක් ඉන්නවා නේද කියලා ඒ මොහොතේ තමයි දැනුණේ. හැමෝටම ස්තුති කරනවා මේ මොහොතේ. 
 
කැමරාවෙන් මෙපිට ඉන්න ජයලාල් රෝහණ කොයි වගේ කෙනෙක්ද..?
මනුස්සකම පිරුණු මනුස්සයෙක්. ආදරණිය පුද්ගලයෙක්. අප්පච්චිට හරියට තරහ යනවා. ඒ වගේම ඒ තරහ පොඩි වෙලාවයි.අපිට හිටපු  අප්පච්චි සැර නිසා මමයි මල්ලි අප්පච්චිට බයයි. වැරදි කරන්න බයයි. වරදක් කරලා හෝ මොනවා හරි කියයි කියන බයට මම අප්පච්චි ලගට යන්නේ අඬ අඬා. එතකොට අප්පච්චිත් දුකට අඬනවා. පොඩි දේටත් පුජි කියලා මාව හොයනවා. සමහර වෙලාවට මටත් තරහා යනවා. හැමදේටම මාව හොයන නිසා. අප්පච්චි හරිම හොඳ අප්පච්චි කෙනෙක්. පවුලට හරිම ආදරෙයි. අපි හරිම විනෝදෙන් ජිවත් වුනේ. ඒ වගේම අපේ දේවල් තනියම කරගන්න කියලා දුන්නු අප්පච්චි කෙනෙක්. කිසිදේකට පස්සෙන් ඉදලා මෙහෙම කරන්න මෙහෙම ඉන්න කියලා නැහැ. ස්වාධීනව ජිවත් වෙන්න අපිව පුරුදු කළා.
 
ඔහු රංගනයෙන් පෝෂණය වෙලා හිටිය නිසා ඒ මාවතේ ගමන් කරන්න කියලා ඔබට බලපෑම් කලේ නැද්ද..?
ඉස්සර මම හරි ආසයි රඟපාන්න. ඒ වුනාට අප්පච්චි ඒකට කැමති වුනේ නැහැ. අප්පච්චි නිතරම කිව්වේ හොඳට ඉගෙන ගන්න. පස්සේ රඟපාන්න කියලා. ඒ නිසා මම සංගීතය හැදෑරුවා. වයලීනය වාදනය කළා. අප්පච්චි කිව්වා ජපන් භාෂාව හරි ලස්සනයි කියලා. ඒ නිසා මම ජපන් භාෂාව ඉගෙන ගත්තා විෂයක් විදිහට. අප්පච්චිට අවශ්‍ඉවත් වුනු ය වුණා මම උපාධිධාරිනියක් වෙනවට. මගේ ඊලග බලාපොරොත්තුව එය ඉටු කරන්න තමයි. අප්පච්චිගෙන් මම ඉල්ලීමක් කළා එයාගේ රංගන පාසලෙන් ඉගෙන ගන්න මටත් අවස්ථාවක් දෙන්න කියලා. දෙවැනි වැඩමුළුවට මට අවස්ථාවක් දෙන්න මම රඟපාලා පෙන්වන්නම් ඊට පස්සේ අප්පචිචි තීරණය කරන්න මට රඟපාන්න පුලුවන්ද කියලා මම කිව්වා. අප්පච්චි මට අවස්ථාව දුන්නා. මම එය හොඳින් කළා. එය දැකලා අප්පච්චි සතුටු වෙන්න ඇති කියලා මම හිතනවා. නමුත් මොකුත් කිව්වේ නැහැ. 
 
අධ්‍යාපන කටයුතුවලදී පසුබසිද්දී දෙමාපියන් විදිහට ඔවුන් සැරවැර වෙනවා. ඔබේ පියාගේ බලපෑම කොයි විදිහටද බලපෑවේ...?
කවදාවත් ඉස්කෝලේ ප්‍රගති වාර්තා පොත බලලා බන්නේ නැහැ. ලකුණු 100 % ඕන කිව්වේ නැහැ. ලකුණු 60ක් තිබ්බා නම් ඊළඟ පාර තව එක ලකුණක් ගමු නේද කියලා තමයි කිව්වේ. ශිෂ්‍යත්වය පාස් වෙන්න මෙච්චර ලකුණු ගන්න කියලා බල කරලා නැහැ. කියන්න ඕන දේ හරි වෙනස් විදිහට කිව්වා මිසක්. කොහොමත් අප්පච්චි සැරයි. නමුත් කිසිදෙයකට බලපෑමක් කලේ නැහැ.
 
ඔබේ මවයි පියයි අතරේ තිබුණු සම්බන්ධයත් හරිම ශක්තිමත්..? කතාබහ අවසන් කරන්න කලින් ඒ ගැනත් මතක් කරමු..?
අම්මයි අප්පච්චියි අවුරුදු 10යක ආදර සම්බන්ධයකින් පසුවයි විවාහ වෙන්නේ. ඒ නිසා ඒ දෙන්නා හරිම ආදරෙන් ජිවත් වුනු යුවලක් කියන්න පුළුවන්. ගිය අවුරුද්දේ 24 වැනි විවාහ සංවත්සරය සැමරුවා. මේ කාලය පුරාවටම මේ දෙන්නා පුදුමාකාර බැදීමකින් ජිවත් වුනේ. හැම සිංහල අවුරුද්දකටම අප්පච්චි තමයි කිරිබත් හදන්නේ. අප්පච්චිට රසට උයන්නත් පුළුවන්. අප්පච්චි ඉන්දියානු කෑම කන්න ආසයි. එක එක වට්ටෝරු වලට මම කෑම හදලා දුන්නා. අප්පච්චි හරි කැමැත්තෙන් කෑවේ. අපි හතර දෙනාම යාළුවො වගේ ජිවත් වුනේ. අප්පච්චි මිය යන්න ටික දවසකට කලින් අපි ට්‍රිප් එකකුත් ගියා. එතකොටත් අප්පච්චි හොඳින් හිටියේ.
 
හර්ෂණී වීරරත්න 
 


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top