Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
15
“එයාගේ ඇස්වලින් කඳුළු පැන්නා. තරහින් පිපිරුණා කම්මුල්... නංගි උඹ මට අයිති වස්තුවක්.. අක්කගේ හැසිරීම මාව පිස්සියක් කළා...” - කාටත් හොරෙන් අසම්මතයක පැටලුණු, කොළඹ හතේ සුපිරි පාසලකට ගිය කෙල්ලෙකුගේ සමලිංගික ආදර කතාව වැලන්ටයින්දා එළියට - SHAINI'S STORY EP 01 [Exclusive]

- “එයාගේ ඇස්වලින් කඳුළු පැන්නා. තරහින් පිපිරුණා කම්මුල්... නංගි උඹ මට අයිති වස්තුවක්.. අක්කගේ හැසිරීම මාව පිස්සියක් කළා...” - කාටත් හොරෙන් අසම්මතයක පැටලුණු, කොළඹ හතේ සුපිරි පාසලකට ගිය කෙල්ලෙකුගේ සමලිංගික ආදර කතාව වැලන්ටයින්දා එළියට - SHAINI'S STORY EP 01 [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,902 Views
“ඒත් දෙයියනේ..!! එයා කෙල්ලෙක් මාත් කෙල්ලෙක්..”
 
“එයා එකපාරම මාව බදාගත්තා. කම්මුල් දෙක පිස්සියක් වගේ ඉම්බා..”
 
කාලයක ඉඳලා “වට්ස්ඇප්” එකේ ඉහළ පහළ දුවපු ඒ “අමුතු අමුත්තිය” එදා තුන්වැනි වතාවට මට කතා කළා. එක බිඳුණු හඬකින් ඇහෙන්න ගන්න දීර්ඝ කතාවක් ආරම්භ කරන්නයි එයා හදන්නේ....!! ඒ කතාවේ පුදුම හිතෙන තැන් අපූරූවට ගැළපෙන හැටි මම බලාගෙන හිටියා.
 
“සමලිංගික වෙන එක පවක්ද...?” මගේ විකාර ප්රශ්න ඇමිණුම ගැන මට කොතෙකුත් නිදහසට කාරණා තියෙනවා වුණත්, මට අනුව මම කියන්නේ, අමුතුම කතන්දරකාරයෙක්. එහෙව් එකේ ඈ වුණත් ඒක තේරුම් ගනිවී...!! (සීරියස්ලී! මේක විකාර කතාවක් නෙවෙයි.)

“මම එහෙම හිතන් නෑ. ඒත්... අපේ අම්මා කියන විදිහට, පෙර ආත්මේ කරපු පව්ලූ ඒවා..” ඈ ඒක කියන්නෙ බොහෝම දුකින්. ඇගේ වට්ස්ඇප් “ස්ටෝරිස්” වල තිබුණු තරම් ඇගේ ජීවිතේ ලස්සන නැතුවැති කියලා මට හිතුණා. ඈ තුරුළු කරන් උන්නු “බෝනික්කියෝ” තරම් ඈව දන්න අඳුනන උන් නැතිවැති කියලත් මට හිතුණා. අවසානයට................
 
මට හිතන්න තරම් දෙයක් නැතුව ගියා. නොඉවසිල්ලෙන් මම කුරුටුබලි ගාගෙන ගියා.
 
“මට ඕනි ඒ කතාව මුල ඉඳන් දැන ගන්න...”

No description available.
 
“මම ඔයා වෙබ් එකට ලියන මඟුල් කියවලා තියෙනවා. ඒවා හැම එකකම වගේ හිටපු කෙල්ලෝ හුඟක් දුප්පත් අය... උන්ට මේ සිස්ටම් එකත් එක්ක නිදිවදින්න නොතේරෙන තැන උන් උන්ගේ ජීවිතේ වෙනස් කරගන්නවා. මම කියන්නේ, මම සමලිංගික වුණ එක සමාජෙවත් මගේ දෙමව්පියන්ගෙවත් වරදක් නෙවෙයි. ඒ නිසයි මගේ කතාව ටිකක් වෙනස් වෙන්නේ. (ටිකක්මත් නෙවෙයි.) කොටින්ම සල්ලි ගොඩක ඉපදුනු කෙල්ලෙක් මම... මට කියලා කිසිම අඩුවක් පාඩුවක් තිබ්බේ නැහැ. තාත්තාවත් අම්මිවත් ඒවා දැනෙන්න දීලා නැහැ. ස්කූල් ගියෙත් වෙහිකල් එකේ. මාව බලාගන්න කෙනෙකුත් චූටි දවස්වල හිටියා. ජීවත් වුනේ තට්ටු තුනේ මාළිඟාවක..” ඈ කතාව අතරමඟක නැවතුණා. වේගයෙන් ගැහෙන ඇගේ ඇසිපිය මාර්ග සළකුණු “අමතක කළාදෝ” කියලා මට හිතුණා. ටිකකින් ඈ හඬ දෙනක්ම මම නිහඬවම හිටියා. ඒත්.. දිගටම මට එහෙම ඉන්න බැරිවුණා. විනාඩියක්.... දෙකක්...!! (ශීෆ්ට් එකට යාගන්න බැරිවෙයිද වෙලාවට.)
 
“ආ යූ දෙයාර්................?”
 
“සොරි...................” ඈ ආයෙම ගොඩ වෙනවා මේ දිහාවට. මම ඇගේ කතාවේ සමහරක් තැන් මවා පාන්න ලොකු උත්සහයක යෙදෙනවා. විශ්වාස කරන්න! ඒක හුඟක්ම අමාරු ව්යාපෘතියක් මට අනුව...

No description available.
 
“ලිංගිකත්වය ගැන, වයසින් මුහුකුරා එනකොට අපේ ශරීරෙ වෙන වෙනස්කම් ගැන මම හොඳටම දැනන් හිටියා. ඒක ටිකක් අමුතුම හැඟීමක් වුණත්... මම ආස කළා පිරිමියෙක් එක්ක ඒක විඳින්න. ඒ දවස්වල ස්කූල් එකේ හැමෝටම වගේ කොල්ලෝ හිටියා. (හැමෝම කිව්වේ මගේ යාළුවෝ.) උන් ඒ එකාලා එක්ක කරන්න ඕනි හැම මඟුලම කෙරුවා. ටියුෂන් කට් කරලා රූම් යන එක උන්ට සාමාන්ය දෙයක්. සමහරු ඇත්තටම ඒක කළේ ආදරය කියන අටමංගල්යය ඉස්සරහාට දාගෙන නෙවෙයි. උන්ට ඕනි වුනේ සුළු මොහොතක ආතල් එකක්............ ඒත් මොකද්දෝ හේතුවකට මට හම්බුනේ හාත්පසින්ම වෙනස් ආදරයක්...!!”
 
“මොකද්ද ඒ ආදරේ වෙනස...?” මම පෑන් කොපුවක් හපාගත්තා. නෝට් බුකියේ තවත් පිටුවක් පෙරළගත්තා. ඊටත් පස්සෙ... ආයෙම අර අරුම පුදුම කතාකාරිය.... ඔව්..!! ඒකිට ඇහුම්කන් දෙන්න ගත්තා.
 
“රෝෂිනි අක්කා මට වඩා වැඩිමහල්. අපි එකට ස්පෝට් මීට් එහෙම කළා. ඒක මාර ආතල් කාලයක්...!! එයයි මායි නොදැනුවත්වමයි ළංවුනේ. අපි ඉතින් කෙල්ලෝ දෙන්නෙක්නේ. හැමදේම කරන්නෙ එකට. ෂොපින් යන්න ඕනි වුණාමත් මම එයාව හොයන් යනවා. මුල් කාලේ අපි දෙන්නට දෙන්නා නැතුවම බැරිවුණාට අපි ඒ බැඳීමට නම් තියලා තිබ්බේ හොඳම යාළුකම, නැත්තම් බෙස්ටි වගේ සීන් කෝන් එකක්. ඒත්... ඒක එහෙම නෙවෙයි කියලා තේරුම් ගන්න අපිට ලොකු කාලයක් ගියා...”
 
“ඒක කොහොමද වුණේ...?” මම දුරකථනයේ සිග්නල් කුළුණු පරීක්ෂා කෙරුවා.
 
“මම ටිකක් ලස්සනට අඳින පළඳින කෙල්ලෙක්. ඒක ඇත්තම කිව්වොත් මම සල්ලිකාර කෙල්ලෙක්. ඒකනේ තාත්තී මාව කොළඹ ඉන්ටනැෂනල් බාලිකාවකට දාන්නේ. ඉතින් මගේ පස්සෙන් ආපු කොල්ලොන්ගෙන් අඩුවක් වුනේ නැහැ මට, ලස්සන හින්දම. ටියුෂන් එකේදී කොල්ලොන්ගෙන් ලියුම් කඩදාසි එහෙමත් ගොඩාක් ලැබුණා. මටත් ඉතින් ආසාවක් නොතිබුණා නෙවෙයි. ඒ දවස්වල මගේ ක්රෂ් එක රිතික් රෝෂන්. ඉතින් ක්ලාස් එකේ හිටපු ලස්සනම කොල්ලාව නෝට් කරලා, මම ඌට “හා” කියලා උත්තරයක් දුන්නා...”
 
“හහ්... ශයිනී ආදරවන්තියක් වෙන්න යන්නේ...!” මම උරුවන් බෑවා. (මට අමතක වුණා කියන්න, අපේ කතාකාරියගේ නම ශයිනී.)
 
“ඔව්...!! එහෙම තමයි වෙන්න තිබුණේ... මම හා කියලා කිව්වට පස්සෙ අපි හවස් වරුවේ හම්බුණා. පාර්ක් ගියා... හුඟක් ක්ලොස් වුණා. සීමාවක ඉඳන් හැමදේම කළා... එදා මට දැණුනේ මාර ෆීලින්ග් එකක්. මොකද ඒ ප්රස්ට් ටයිම් මම කොල්ලෙක් එක්ක ගිය... ඒ වෙනකන් මගේ තිබ්බ ලොකුකම කොච්චරද කියනවා නම් මම කිසිම එකෙකුට කැමැත්ත දුන් නෑ, ලස්සනම එකා හොය හොයා හිටියා මිසක්...!!”

No description available.

“හ්ම්ම්ම්ම්....!” කතාකාරිය හුස්ම ගන්න හඬ මට යන්තමින් ඇහෙනවා. මම ආයෙම කතාව අහන්න ආසාවෙන් මුනිවතින්ම උන්නා.
 
“ඒත්... මම නොහිතපු විදිහේ දෙයක් වුණා... රෝෂීනි....... අර මගේ යාළුවා. මගේ අක්කා.. මගේ සහෝදරිය.. මගේ හැමදේටම හිටපු කෙනා... මම එයාට කිව්වා මගේ කොල්ලා ගැන, ඌ මාව ඉඹපු හැටි, මගේ අත අල්ලන් ඇවිදපු හැටි.. සේරම...”
 
“ඉතින්...............?”
 
“දන්නවද රෝෂිනි අක්කා මාව තල්ලු කළා තරහින්... එයාගේ ඇස්වලින් කඳුළු පැන්නා. තරහින් පිපිරුණා කම්මුල්... එකපාරම මගේ කණට සද්දන්ත පාරක් ගහලා එයා ඇහුවා, කාගෙන් අහලද උඹ ඒ පරයා එක්ක යාළුවුනේ කියලා.. මට එයාව තේරුම් ගන්න බැරිවුණා. මම සද්ද නැතුව බලාගෙන හිටියා එයාගේ වෙනස් හැසිරීම දිහා. පස්සෙ මගේ කම්මුල් දිගේ කඳුළු එන හැටි දැකලා එයා එකපාරම මාව බදාගත්තා. කම්මුල් දෙක පිස්සියක් වගේ ඉම්බා... ඊළඟට මගේ තොල් හපාගත්තා. මගේ දිගම දිග කොණ්ඩේ උදුරගත්තා. ඊට පස්සෙ, එයා කිව්වා, නංගි උඹ මගේ... මට අයිති වස්තුවක්.. උඹව කිසිම එකෙකුට මම දෙන්නෙ නෑ කියලා... එදා ෂොපින් කළේ නෑ අපි. බදාගෙන හිටියා විතරයි.....!! රෝෂිනි අක්කගේ හැසිරීම මාව පිස්සියක් කළා. ඒ වෙනකොටත් කොල්ලෙක් අතපත ගාපු මගේ ශරීරය රෝෂීණි අක්කා එයා සන්තක දෙයක් කරගෙනයි හිටියේ....”
 
මම පුදුමයෙන් අහගෙන හිටියා, ඇගේ ඒ කතාව... ඈ ලස්සනට ඒක ගළපන හැටි. යන්තමින් ආපහු හැරිලා ගිහින් වචන ඇහිඳගෙන ආයෙමත් ඇවිත් යන හැටි. ඇගේ දිගු කෙහෙරැලි ගැන වරුණා කියවන හැටි... ටිකකින් නැවතිලා අතීතයට හුස්ම ගල්වන හැටි.....!!
 
“කුතුහලයෙන් තියන්න ඔට්ටු නෑ...” අන්තිමට මම කිව්වා.
 
“රෝෂිනි අක්කා මට ආදරෙයි. මාත් එහෙමයි. ඒත්...... මේක මහා පිස්සුවක්..!! එයා කොහොමද මට කොල්ලව අත අරින්න කියන්නේ. එයාට මොකද්ද තියෙන අයිතිය..? එයා මගේ යාළුවා තමා.. සහෝදරිය වගේ තමා...!! ඒත් එයාට අයිතියක් නෑ එහෙම කියන්න. මට බලපෑම් කරන්න.. ඔහොමයි මගේ හිත කිව්වේ.. ඒත් ටිකකින් මම අන්ත අසරණ වුණා. ඇයි රෝෂිනි අක්කා මාව ඉම්බේ... කඳුළු පුරෝගෙන මහ හයියෙන් මාව බදාගෙන ඇඬුවේ...? ඒ කියන්නේ එයා මට ආදරෙයි.. ඒත් දෙයියනේ..!! එයා කෙල්ලෙක් මාත් කෙල්ලෙක්.. අනික මට කොල්ලෙක් ඉන්නවා. මොන පිස්සුවක්ද මේක...?”
 
“අන්තිමට මොකද්ද ඔයා ගත්ත තීරණය...” මම ඊළඟ පිටුවට යන්න හදලත් නැවතුණා.
 
“දැන්ම කියන්න ඕනිද..?”
 
“හොඳයි!! අපි ඒක රෑට අහමු..!! මොකද කිව්වොත් මට දැනටමත් ලේට් වෙලා...”
 
“ඕකේ...!! මම ගන්නම්...” ඈ ඇමතුමට සමුදුන්නා. මම අමාරුවෙන් මම ලියාගත්තූ කුරුටුබලි දිහා ආයෙම බැලුවා. (දෙයියනේ!! මේක පිස්සුවක් වෙන්නයි යන්නේ.!)
-
By Samitha Lakshan
 
(මෙම කතාවේ එන ඇතැම් නම් ගම් හා සිදුවීම් ඔවුනොවුන්ගේ පුද්ගලිකත්වය තකා වෙනස් කර ඇති බව කරුණාවෙන් සලකන්න.)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top