ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ කියන්නේ මේ දිනවල කා අතරත් කතාබහට ලක් වෙන චරිතයක්. සැමියාගේ වියෝවත් එක්ක දේශපාලනයට අවතීර්ණ වෙන ඇය අද දේශපාලනය තුළ ඉන්න දක්ෂ අමාත්‍යවරියක්. නිහතමානී ඒ චරිතය, ආදරණිය සැමියා වූ දිවංගත ගරු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගැනත් ඇයගේ ජීවිතය ගැනත් හිරුත් එක්ක කතා කළේ මෙහෙමයි. ඒ කතාබහ ගැනයි මේ.
දිවංගත ගරු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ඔබේ ආදරණිය සැමියා. එතුමාගේ වියෝවත් එක්ක තමයි ඔබ දේශපාලනයට පිවිසෙන්නේ..ඇත්තටම පුංචි කාලේ දේශපානයට එන්න ඕන කියන හීනයකද ඔබ හිටියෙත්..?
කොහෙත්ම නැහැ. අපේ පවුල් පසුබිමත් එක්ක දේශපාලනය කියන එක හොඳ දෙයක් නෙමෙයි කියන ස්ථාවරයේයි හිටියේ. අම්මා තාත්තා කවදාවත් කැමති වුණේ නැහැ දේශපාලන කටයුතුවලට හා ඒ පැත්තට යොමු වෙනවට. මමයි නංගියි තමයි පවුලේ හිටියේ. ඒ නිසා දෙමාපියන්ට ඕන වුණා හොඳින් අධ්‍යාපන කටයුතු කරන්න. ඔවුන් වගේම තමයි මමත්. මම කවදාවත් දේශපාලනයට එන්න හිතලා තිබ්බෙත් නැහැ. කැමැත්තක් තිබ්බෙත් නැහැ. දේශපාලනය කියන දේට තදින් අකමැති වුණු කෙනෙක් මම.
දේශපාලනය හොඳ දෙයක් නෙමෙයි කියන සිතුවිල්ලේ හිටපු ඔබට විවාහ වෙන්න සිදු වෙන්නෙත් දේශපාලඥයෙක් එක්ක..?
මම පුද්ගලිකව දේශපාලනයට අකමැති වුණාට සැමියාට හැමදාම එයාගේ දේශපාලන ජිවිතේ ශක්තිමත් කර ගන්න උදව් කළා. එයාව සම්පුර්ණයෙන්ම පවුලේ වැඩකටයුතු ඒ වගකීමෙන් නිදහස් කරලා දේශපාලනය කරගෙන යන වටපිටාවක් හදලා දුන්නා. ඒ හැමදේම කළත්, ඔහුගේ වැඩවලට උදව් කළත් කවදාවත් මගේ හිත වෙනස් වුණේ නැහැ. දේශපාලනය කැමැත්තක් කවදාවත් ඇති වුණෙත් නැහැ.
අකමැත්තෙන් නමුත් සැමියාගේ වියෝවත් එක්ක ඔබේ හිතත් වෙනස් කරගන්න සිදු වුණා නේද..?
මගේ සැමියාව මරාගත්තේ ත්රස්තවාදීන් කියන දේ මගේ හිතට තදින් බලපෑවා. එතුමාගේ ආසනයේ පිරිස මට ආරාධනා කළා එතුමාගේ තැන වෙන කෙනෙකුට දීලා ආසනේ ජනතාව අපහසුතාවයට අසරණතාවයට පත් කරන්න එපා. ඒ නිසා මට මේ දේ භාර ගන්න කියලා. ජනතාවගේ ඉල්ලීම ගැන මම දෙපාරක් හිතුවෙනහ. දේශපාලන ජිවිතේට අකමැතිම මම දෙපාරක් නොසිතා ඒ තීරණය අරගෙන මමත් දේශපාලනයට අවතීර්ණ වුණා. ඒ මගේ සැමියාට ආදරේ කළ ජනතාවට සේවය කරන්න. සැමියා වගේ රටට සේවයක් කරන්න මිසක් ආසාවකට නෙමෙයි.
ඔබ දේශපාලනයට පිවිසෙනවාට දරුවන්ගේ විරුද්ධත්වයක් ආවේ නැද්ද..?
සැමියා මිය ගියාට පස්සේ මම දරුවෝ වෙනුවෙන් ශක්තිමත් වුණා. මම වැටුණොත් එයාලත් මානසිකව වැටෙන නිසා. එතුමා නැති වුනා, ඒත් අපිට ජිවිතේ ඉදිරියට ගෙනියන්න සිදු වෙනවා. ඒ නිසා මම ශක්තිමත් ගැහැනියක් වුනා. තාත්තගේ දේශපාලන ගමන මම ගමන් කරනවා කිව්වම දෙන්නම කිව්වේ තාත්තා නැති කරගත්තා වගේ අම්මවත් නැති කරගන්න බැහැ දේශපාලනය නිසා කියලා. ඒ කාලේ ත්‍රස්තවාදය උග්‍රව තිබ්බ කාලයක්. සැමියා නැති වෙලත් එතරම් කාලයක් නැහැ. අකමැති වුනත් දේශපාලනයට යන්න එපා කියලා බලපෑම් කළේ නැහැ. මගේ දෙමාපියන්, මගේ නංගි ඇයගේ සැමියා. මගේ සැමියාගේ මල්ලි. මේ හැමෝම මට උදව් කළා. ඔහුට දේශපාලනය තුළ තිබ්බ ගෞරවය මගේ ගමන ශක්තිමත් කළා.
දේශපාලනයට පිවිසෙන්න කලින් ඔබ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස කටයුතු කළා, එවැනි උතුම් රැකියාවකට සමු දීම ගැන ඔබේ හිතෙත් කණගාටුවක් ඇති..?
වෛද්‍ය ජිවිතෙන් ඈත් වුනු එක අපරාදයක් කියලා මම හිතන්නේ නැහැ. මම වසර 24ක් විශේෂඥ වෛද්‍යවරියක් විදිහට ජනතාවට සේවය කළා. ඒ රාජකාරී ජිවිතේ සීමාවක් ඇතුලේ තමයි ජනතාවට සේවය කරන්න පුළුවන් වෙන්නේ. සේවාවන් කරන්න ප්‍රතිපාදන ලැබෙන්නේ සීමාවකට. නමුත් දේශපාලන ජීවිතේදී ජනතාවට සේවය කරන්න අවශ්‍ය ප්‍රතිපාදන හිමි වෙනවා. ඒ නිසා වැඩි සේවාවක් කරන්න පුළුවන්නේ කියන සිතුවිල්ල එක්ක මම හිත හදාගත්තා වෛද්‍ය ජිවිතෙන් ඈත් වෙලා දේශපාලන ජිවිතේට එන්න. දුකක් නැතුවමත් නැහැ ඉතින්.
ඒ ගෞරවය දේශපාලනයෙන් ගන්න බැහැ නේද, ප්‍රසංසා අඩුයි, නින්දා වැඩියි, ගැහැණියක් විදිහට මේ හැමදේම ඉවසගෙන ඉන්නේ කොහොමද..?
වෛද්‍යවරියක් හැටියට කටයුතු කරද්දී ලැබෙන ගෞරවය ඉතාමත් වැඩියි. සුළු දෙයක් කළත් ලැබෙන්නේ ප්රසංසාව තමයි. නින්දා අපහාස හරිම අඩුයි. නමුත් දේශපාලනය කියන්නේ සියයට 99ක් කරලා එකක් වැරදුණත් කතා හදන මඩ ගහන ගරහන තැනක්. කුණු බැනුම් අහන්න ඕන. නමුත් ඒ මානසික පීඩනය වෛද්‍යවරියක් හැටියට අත්විදින්න ලැබෙන්නේ නැහැ. වසර 24ක වෛද්‍ය වෘත්තියේ ගෞරවයත් එක්ක දේශපාලනයට පිවිසෙද්දී ජිවිතේ පහසු වුනා. නමුත් මම නම් දැන් ඔය කටකතා ගැන හිතන්නේ නැහැ. දැක්කේ නැහැ වගේ ඉන්නවා. ඇහුනේ නැහැ වගේ ඉන්නවා. එතකොට මගේ හිත වැටෙන්නේ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා හිතලා වට්ටන්න කුමන්ත්‍රණ කරන. ඒ මිනිසුන්ට ඇයි නිකරුණේ අවස්ථාවක් දෙන්නේ. ඒ නිසා මම ඔය කතා ගැන හිතන්නේ නැතුව මගේ හිත ශක්තිමත් කරගෙන සතුටින් ඉන්න උත්සහ කරනවා. ඒ වගේම හිතට එකගව ජිවත් වෙනවා. හරි දෙයක් කළොත් හිත නිදහස් නිසා.
සැමියාගේ කාර්යබහුල දේශපාන ජිවිතේ කුටුම්භයට බලපෑමක් වෙලා නැද්ද..?
කොයිතරම් කාර්යබහුල වුණත් එතුමා ආදරණිය සැමියෙක්, ආදරණිය තාත්තා කෙනෙක්. පවුලට ලැදියි. නිතරම අපි ගැන හොයලා බැලුවා. වැඩවලට ගියත් දුරකථනය ඔස්සේ හෝ සම්බන්ධ වෙලා අපි ගැන හොයලා බැලුවා. ගෙදර ඉන්න පොඩි විවේක කාලයේදී අපි එක්කමයි කාලය ගත කළේ. එතුමාගේ ආදරේ නිසා ඔහුගේ අඩුපාඩුවක් අපි දැක්කේ නැහැ. පවුල් ජිවිතේ ඔහුත් එක්ක ලෙන්ගතුව ආදරෙන් සතුටින් ජිවත් වුණා කිව්වොත් ඒක තමයි ඇත්ත කතාව.
ඔබේ ජිවිතේට හයියක් වූ ඔබේ ආදරණිය සැමියා නැති වූ දවස අමතක කරන්නේ කොහොමද නේද ..? එදා දවස මතකය ගැන මතක් කරමු..?
එදා පාන්දර 5.30 ට විතර එතුමා ගෙදරින් පිටත් වුණා. කෑම හදලා තියන්න ගෙදර ඇවිත්ම කෑම කන්නම් කියලා කිව්වා. ඒ වගේම දවල් කෑම 25 දෙනෙකුට හදලා තියන්න කිව්වා. මධ්‍යම බලකායේ වැඩ අවසන් කරලා එන්නේ කියලා. ගෙදරින් ගිහිං උදේ 7.30 විතර ආරක්ෂක නිලධාරියෙක් දුවගෙන ඇවිත් කිව්වා, මැඩම් මහත්තයා ඉවරයි, මරාගෙන මැරෙන බෝම්බයක් මහත්තයාට වැදිලා කියලා කිව්වා. ඒත් මම විශ්වාසයෙන් හිටියේ එතුමා ජිවතුන් අතර ඇති කියලයි. ජිවිතේ බේරෙයි කියන විශ්වාසයෙන් මම ඒ මොහොතේ හිටියේ, ඒත් මරාගෙන මැරෙන බෝම්බයකින් බේරෙන්නේ කොහොමද. එතුමා මිය ගියා.
ඔහුගේ කට ටිකක් සර වුණාට හදවත හරිම හොඳයි. හඳවත ඉක්මණින් උනුවෙනවා. ඒ වගේ කෙනෙකුට ඒ වගේ දෙයක් වුණා අන්තිමට.
එතුමා ඒ කාලේ හරිම ජනප්‍රිය චරිතයක්..?
කවදාවත් එතුමාට කවුරුත් වරදක් කියන්නේ නැහැ. නැති වෙලා වසර ගණනක් ගියත් කතා කරන හැමෝම එතුමාගේ හොඳමයි කියන්නේ. වරදක් ඇහිලා නැහැ. ඒ වගේම ඔහු මිය ගියේ දේශපාලන ජිවිතේ හොඳම කාලේ. සාර්ථකම කාලේ. ජනතාව ඔහුට බොහොම ආදරෙන් හිටපු කාලේ තමයි.
ඔබේ විෂයට අදාලම අමාත්‍ය ධුරයක් ඔබට හිමි වුණේ ඒ ගැන ඔබ මොකද කියන්නේ කියලත් මතක් කරමු..?
තනතුරු ගැන මම හිතන්නේ නැහැ. සේවය කිරීම තමයි වැදගත් වෙන්නේ. කොහොම නමුත් මම උගත දෙයින් යමක් කරන්න මට අමාත්‍යංශයක් ලැබුණා. ඒ ගැන සතුටුයි. මම වෛද්‍යවරියක් වුණේ ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන. ඒ ඉගෙනගත් දෙයින් ජනතාවට සේවය කරන්න ලැබීමම ලොකු දෙයක්.
දරුවෝ ගැනත් මතක් කරමු..?
මට ඉන්නේ දුවයි පුතයි. දුව නීතිඥවරියක්. පුතා නිතිය ගැන හදාරලා උසස් අධ්‍යාපනයෙන් පස්සේ ව්‍යාපාරයක් කරනගෙන යනවා. දුව විවාහකයි. එයාට මාස දෙකහමාරක දුවෙක් ඉන්නවා. මම දැන් මිත්තණියක්. එයාගේ හුරතල් එක්ක ජිවිතේ ගෙවෙනවා. තවම වගකීම් වලින් අයින් වෙලා නැහැ. දරුවන්ගේ වඩාත් බලනවා. පුතා විවාහ වෙන්න නියමිතව ඉන්නවා.