එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ වාසය කරන විදේශිකයන් සඳහා එරට පුරවැසිභාවය ලබාදීමට තීරණය කර තිබෙනවා.
කොරෝනා වසංගත තත්ත්වයෙන් පසු එරට ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ඒ අනුව දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාසය කරන ආයෝජකයින් විද්‍යාඥයින් හා වෛද්‍යවරුන් ඇතුලු අංශ ගණනාවක පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත මෙලෙස ඉදිරියේදී එරට පුරවැසිභාවය හිමිවනු ඇති.