මෙසේ ඝාතනය කර ඇත්තේ ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව, මහපතන, සෙල්ලිපිගම ප්රදේශයේ පදිංචි දෙදරු මවක්.
ඉකුත් 27 දින පස්වරුවේ දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් සැමියා විසින් බිරිඳගේ ගෙලට මෙලෙස තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.
පසුව සැකකරුගේ සහෝදරයෙකුගේ මාර්ගයෙන් සිද්ධිය පිළිබඳව ඊයේ (28) සැකකරු පොලිසියට දැනුම් දී ඇති බව සඳහන්.
පොලිසිය විසින් දෙදරු මවගේ සිරුර සොයාගෙන ඇති අතර සිද්දියට අදාළ සැකකාර සැමියා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කල ප්රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ බිරිඳ කලක පටන් පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාවයක් නිසා මෙම ඝාතනය සිදු කළ බවයි.
ඝාතනය සම්බන්දයෙන් වැඩිදුරටත් පාපොච්චාරණය කල සැකකරු වැඩි දුරටත් පවසා ඇත්තේ, බිරිඳ පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාවය නවත්වන ලෙසට අවස්ථා කිහිපයකදී අවවාද කර තිබුණත්, එම අවවාද නොතකා ගිය බිරිඳ ඝාතනය වු දින උදැසන නාවලපිටිය ප්රදේශයේදි අනියම් පෙම්වතා සමග ත්රිරෝද රථයකින් ගමන් කරමින් සිටි අයුරු තමා දුටු බවයි.
එම අවස්ථාවේ සැකකරු විසින් බිරිඳගේ අනියම් පෙම්වතාට සහ බිරිඳට පහර දුන් බවත් එදින සවස නිවසට පැමිණි අවස්ථාවේ එම සිද්ධිය පදනම් කරගෙන ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් පසු බිරිද තියුණු ආයුධයක් ගෙන තමන්ට පහර දිමට උත්සහ කල අවස්ථාවේ එම ආයුධය සැකකරු උදුරාගෙන බිරිඳගේ ගෙල කපා ඝාතනය කළ බවටයි වැඩිදුරටත් පාපොච්චාරණය කර ඇත්තේ.
හැටන් මහෙස්ත්රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය මහ රෝහලේ අධිකරණය වෛද්යවරයා වෙත යොමු කරන බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ ගිනිගත්හේන පොලිසියයි.