සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ 04 වන දිනය අදයි.
තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිල සියල්ලන් දැවී ලකුණු 344ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී ජෝ රූට් ලකුණු 186 ක් රැස් කරගැනීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 7 ක් දවා ගත්තේ ලකුණු 132 ක් ප්‍රදානය කරමින්.
කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්, ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 381 ක්.
තරගය පැවැත්වෙන්නේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙකු පන්දු රැකීමට යෙදවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.
එම කවුන්සිලය මේ බව කියා සිටියේ, ට්විටර් සටහනක් තබමින්.
අදාළ සටහනේ දක්වා ඇත්තේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් සමලෝචනයක් සිදු කිරීමට ද බලාපොරොත්තු වන බවයි.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රකිමින් සිටින අතරතුර තලගොයෙකු පැමිණි දර්ශන විකාශය කිරීමට කටයුතු කළා.
මේ වනවිට අදාළ ට්විටර් සටහන සම්බන්ධයෙන් ක්‍රිකට් රසිකයින් විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා.