එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ලහිරු තිරිමාන්න සිය දෙවන ටෙස්ට් ශතකය ලබාගැනීමට සමත්වුණා.
මේ වනවිට සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර කඩුලු 3ක් දැවී ලැබි සිටි ලකුණු සංඛ්‍යාව 210 ක්.
ඒ් අනුව ඔවුන් එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 76 ක් පිටුපසිනුයි සිටින්නේ.
ශ්‍රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී 135 රැස්කරගත් අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 421 ක් ලබාගත්තා.
ගාල්ල ජාත්‍යන්තර ක්රීඩාංගණයේදීයි තරගය පැවැත්වෙන්නේ.