අකුරණ ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට සිදුවූ කුරුල්ලන් අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු වනජීවී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලැබුනු හදිසි ඇමතුමකට අනුව අකුරණ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන 3ක් පරීක්ෂා කිරීමේදී මෙම පක්ෂීන් හමුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එහිදී මාල ගිරව් 53ක් සහ වී කුරුල්ලන් 5ක් හමුවී තිබෙනවා.
සැකකරුවන් දීර්ඝ කාලයක සිට මෙම පක්ෂීන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝනිගල ප්‍රදේශයෙන් එක් පක්ෂියෙකු රුපියල් 750කට මිලදී ගෙන රුපියල් 1800ක මිලකට අලෙවි කර ඇති බවටයි අනාවරණ කරගෙන ඇත්තේ.
අකුරණ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානවල රඳවා සිටි මෙම පක්ෂීන් වනජීවී නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
මාතලේ රජ්ගම්මන වනජීවී නිලධාරී කාර්යාලයයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.