ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 256ක්.
මියගොස් ඇත්තේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක්.
ඇය කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු බෝවන රෝග විද්‍යා ආයතනයට මාරුකර යවා තිබුණා.
එහිදී අද මියගොස් ඇති මෙම කාන්තාවගේ මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග උග්රවූ හෘද රෝගයක්.
මේ අතර මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 372ක් ද වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 52309ක් ලෙසටයි.