ගම්පහ - මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි 4කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පුද්ගලයින් දෙදෙනා සොයා පොලිස් කණ්ඩායම් 8ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරුවන් නුවර පාර ඔස්සේ පලාගිය බවට තොරතුරු වාර්තා වන බවයි.
සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන ආරක්ෂක හිස්වැසුම් සහ කළු ජැකට් පැළඳි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ පස්වරු 2.10ට පමණ යතුරුපැදියකින් මෙම මූල්‍ය ආයතනයට පැමිණ තිබුණා.
මූල්‍ය ආයතනයට පිවිසි ඔවුන් ආයතන නිලධාරීන්ගෙන් විවිධ තොරතුරු විමසා ඇති අතර කොල්ලකෑම සිදුකර ඇත්තේ ඉන් අනතුරුවයි.
ගිනි අවියක් පෙන්වා සේවකයින් බියවද්දමින් මෙලෙස මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා තිබුණා.