සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද නිමාවට පත් වුණා.
අයහපත් අලෝක තත්ත්වය හේතුවෙන් තරගය නියමිත වේලාවට පෙර අවසන් කිරීමටය විනිසුරුවන් කටයුතු කළේ.
ඒ වනවිට සිය දෙවන ඉනිම සඳහා ලකුණු රැස්කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 156 ක්.
එහිදී ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න නොදැවි ලකුණු 76 ක් ලබා සිටි අතර රාත්‍රී මුරකරු ලෙස පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණියට කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වුයේ නැහැ.
එමෙන්ම පිට පිට ඉනිම් හතරකදී ලකුණු නොලබා දැවි ගිය කුසල් මෙන්ඩිස් පන්දු 65කට මුහුණදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 15 ක්.
පසුගිය තරග කිහිපයදී දැඩි පීඩනයකට හසු වූ කුසල් මෙන්ඩිස් පන්දුවට පහර දීමට පැමිණ අවස්ථාවේදී එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ඔහුව දිරිමත් කළ ආකාරය තරගයේදී කැපී පෙනෙන සිදු වීමක් වුණා.
එහිදි එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් මෙන්ඩිස් හට අතට අත දී සුබ පැතුම් එක් කිරීමත් විශේෂත්වයක්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 135ට පිළිතුරු ලෙස එංගලන්ත පිළ 421 ක් ලබා ගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 130 ක් පිටුපසින් සිටිනවා.
තරගය පැවැත්වෙන්නේ, ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.