ගජමුතු ජාවාරම් කිරීමක් සම්බන්ධයෙන් මුලතිව් නගරය ආසන්නයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගැනීමට ගිය සැකකරුවෙකු විසින් එම ගජමුතු ගිලදමා තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ඊට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු ද අදාළ වැටලීමේදී අත්අඩංගුවට ගත් බවයි.
විශේෂ කාර්ය බලකායේ මුලතිව් කඳවුරේ නිලධාරින් ඊයේ පස්වරුවේ මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.
අදාළ පුද්ගලයා මේ වනවිට මාන්චෝලේ දිසා රෝහලට ඇතුළත් කර සිටිනවා.