කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු අද අලුයම පලාගොස් තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ ඔහු, ගාල්ල බූස්ස බන්ධනාගාරයේ රඳවා සිට ගෙළ වැළලාගෙන දිවි හානිකර ගැනීමට තැත් කිරීමේදී ඉන් මුදාගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ අයෙකු බවයි.
වැලිගම - පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාල රැඳවියා සොරකම් කිරීමේ චෝදනාවකට වසර 5 යි මාස 3 ක සිරදඩුවම් නියමව සිටි අයෙකු වනවා.
පලාගිය රැඳවියා සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.