රිතූ ඔබ ඓතිහාසික නිර්මාණවලට සම්බන්ධ වීමේ ලොකු ආශාවක් තිබෙන බව දකිනවා?
අපේ උරුම ගැන කතාවන ඓතිහාසික කතාවන්වලට සම්බන්ධ වෙන්න මගේ හිතේ ලොකු ආශාවක් තිබුණා. එවැනි චරිත නිරූපණය කිරීම පහසු කටයුත්තක් නෙවේ එය මට අභියෝගයක්. උරුමයක අරගලය, මහාවිරු පාණ්ඩු ටෙලිනාට්යවල මම සුවිශේෂී චරිත නිරූපණය කළා. මේ දවස්වල විකාශය වන ‘මහාවිරු පාණ්ඩු’ ටෙලිනාට්යයේ ‘කුම්බක ගුනා’ ගැන ගොඩදෙනෙක් කතාබහ වෙනවා.
මෙගා ටෙලිනාට්ය නිළියක් නිසාද ඔබට සිනමාවේ ඉඩකඩ අඩු?
මම කොහොත්ම කැමැති නැහැ මේ ක්ෂේත්රයට සම්බන්ධ අයව එහෙම වර්ගීකරණය කරනවාට. අපට ටෙලිනාට්යවල විතරක් නෙවේ චිත්රපටවලත් සුවිශේෂී චරිත නිරූපණය කරන්න පුළුවන් දක්ෂතාවක් තිබෙනවා. එයට අවස්ථාවක් නැතිකම තමයි ප්රශ්නය.
ඉතින් ඔබ තවමත් ප්රමාද ඇයි සිනමාවට?
චිත්රපටවලට මට ආරාධනා ආවා. හැබැයි ඒ චරිතවලට මගේ හිතේ කැමැත්තක් තිබුණේ නැහැ. හිතට සතුටක් නැතුව රඟපාලා වැඩක් නැහැ. හොඳ අධ්යක්ෂවරයෙක් යටතේ හොඳ චිත්රපටයකට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා.
ඔබ චිත්රපට ප්රතික්ෂේප කළේ අඩනිරුවත් නිසාද?
ප්රේක්ෂකයන් කැමැති දෙය අප දිය යුතුයි. ඔවුන් නිසා තමයි අපිත් රැඳිලා ඉන්නේ. ඔවුන් අපිව ප්රතික්ෂේප කළොත් අධ්යක්ෂවරුන් අපව නිර්මාණවලට ගන්නේ නැහැ. ඒ නිසා තමයි ටෙලිනාට්යවලින් මට ආරාධනා වැඩි. අඩ නිරුවත් චරිතවලට මම ගැළපෙයි කියලා මම හිතන්නේ නැහැ. එයත් එක්තරා කලාවක් තමයි. මට එවැනි චරිතයකට ජීවය දෙන්න අමාරුයි කියලා මම හිතන්නේ. බැරි දේවල් කරලා වැඩක් නැහැ.
නිර්මාණයන් පිටුපස පෞද්ගලික සම්බන්ධකම් තිබිය යුතුද?
එහෙම තිබිය යුතුයි කියලා මම කියන්නේ නැහැ. අනෙක මගේ එහෙම කිසිම පෞද්ගලික සම්බන්ධකම් නැහැ. මම ඉල්ලන්නේ මට ර`පාන්න තියෙන නිර්මාණයේ පිටපත. නිර්මාණය කරන්නේ කවුද කියලා විශේෂයෙන් හොයලා බලනවා. කණ්ඩායමක් විදියට එකමුතුව වැඩ කරන්න පුළුවන්නම් විතරයි මම වැඩක් බාර ගන්නේ.
අතිනත ගැනීම තවමත් ප්රමාද ඇයි?
මට ගැළපෙන සුදුසු කෙනෙක් තවම ලැබිලා නැහැ. කසාද බඳිනවා කියලා නිකම් කරන්නම් වාලේ කරලා වැඩක් නැහැ. අවුරුදු පනහක් හරි ගිහින් සුදුසු කෙනා මට ලැබුණොත් එදාට මමත් කසාද බඳීවි. හැම කෙනෙක්ම කැමැති සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න තමයි. රූපෙට, පාටවලට ආදරය කරලා වැඩක් නැහැ එතැන මනුෂ්යකම් නැතිනම්.
විවිධ සමාජ මාධ්ය හරහා නිළියන්ට අපහාස කරනවා. එය ගැන ඔබට යමක් කිවහැකිද?
හරිම කනගාටුයි ඒ ගැන. විවිධ අයට අපහාස කරමින් ඔවුන් මුදල් උපයාගෙන ජීවත් වෙන්න දඟලනවා. එවැනි බොරු දේවල් අහන්න, දකින්න ලැබීමත් ලැජ්ජයි. ඔවුන් බලන්නේ කාගේ හරි චරිතයක් ඝාතනය කරන්න. මාධ්ය සමඟ අපිත් ගනුදෙනු කරන්න කැමැතියි. එහෙම ගනුදෙනු කලාම ඒවාට කියන දේවල් වෙන විදියකට උළුප්පලා ඔය ‘යූ-ටියුබ්’ චැනල් ගොසිප් මවනවා.
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්රට" පුවත්පතේ "හාර්ට්ස්" අතිරේකයෙන්...