Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
16
දරු පැටියා ලෝකෙට එන්නත් කලින්, අමුතු විලාසිතා-වලින් හැමෝම වසඟ කරගත්තූ, බොලිවුඩයේ සුපිරි නිළියන් මෙන්න - Photos

- දරු පැටියා ලෝකෙට එන්නත් කලින්, අමුතු විලාසිතා-වලින් හැමෝම වසඟ කරගත්තූ, බොලිවුඩයේ සුපිරි නිළියන් මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,615 Views
කරීනාගේ සිට අනුෂ්කා දක්වා මෙන්න මේ නිළියන් තමන් මව්වරුන් බව අන්තර්ජාලයෙන් මෙන්න මෙහෙම පෙන්නුවා.
 
ගර්භනී සමයේ හින්දී සිනමාවේ නිළියන් තිරයෙන් අතුරුදන්වෙලා ඉන්න විතරක් නෙවෙයි මාධ්යවලින් වහන්වෙලා ඉන්න යුගයක් තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට බොලිවුඩ් නිළියන් තම ගර්භනීභාවය සැඟවීමෙන් වැළකී සිටින අතර ඔවුන් මේ වන විට තම ඉදිරියට නෙරා ආ කුස හැමෝටම පෙන්වීමට පටන්ගෙන තියෙනවා.
 
අද ඔබට මේ ලිපියෙන් කියන්නේ ඔවුන් ගැනයි..............
 
01. කරීනා කපූර් ඛාන්
තෛමූර් අලී ඛාන්ගේ උපතෙන් පසු කරීනා දෙවැනි වරටත් මව් පදවිය දැරීමට සූදානම් අතර ඇය මේ දිනවල තමන්ගේ ගර්භනීභාවය බොහෝ සේ විඳිමින් ඉන්නවා. ඇය තම ගර්භනීභාවය පිළිබඳව නිරන්තරයෙන් තම සමාජ මාධ්ය ගිණුම්වල තොරතුරු සහ ඡායාරෑප ඇතුළත් කරනවා. ඇය තම සහෝදරිය කරිෂ්මා කපූර් සහ හොඳම මිතුරිය වන මලයිකා සහ අම්රිතා අරෝරා වෙනුවෙන් සාදයක් ද පවත්වලා තියෙනවා.
 
02. අනුෂ්කා ශර්මා
අනුෂ්කා ශර්මාගේ සහ ජනපරිය කරිකට් කරීඩකයෙක් වන විරාත් කෝලිගේ නිවසේ සිඟිත්තියකුගේ කිරි සුවඳ පැතිරීමට පටන්අරන්. තමන් මවක් වීමට යන බව දැනගත් අනුෂ්කා බොහෝ සෙයින් සතුටට පත්ව සිටියා. අනුෂ්කා තම ගර්භනීභාවය ගැන හොඳින්ම විඳිනවා පමණක් නොව නිරන්තරයෙන් ඇය සමාජ මාධ්ය හරහා තම ඉදිරියට නෙරා එන කුසෙහි ඡායාරෑප පළ කරනු ලැබුවා. මෑතකදී ඇය නාන ඇඳුමකින් සැරසී තම ඉදිරියට නෙරා ඇති කුස ඡායාරූප ගත කර සමාජ මාධ්යවල පළ කරලා තිබුණා.
 
03. සෝහා අලී ඛාන්
සයිෆ් අලී ඛාන්ගේ නැගණිය සෝහා අලී ඛාන් 2017 දී තම දියණිය ඉනායා බිහි කළ අතර ඇය ඇයගේ නෑනා වන කරීනා අනුගමනය කරමින් නැවතත් මවක් වී ඇති අතර සෝහාද තම ඉදිරියට නෙරා ඇති කුස සමාජ මාධ්යවල ඡායාරූප පළ කරමින් ඇයට ආදරය කරන සියල්ලන් හා ගර්භනී සමය බෙදා ගැනීමට කටයුතු කර තියෙනවා.
 
04. කල්කි කොච්ලින්
2020 පෙබරවාරි කල්කි කොච්ලින් තම දියණිය මෙලොවට බිහි කළා. ඇය තම ගර්භනී සමය තුළදී ඉදිරියට නෙරා ආ කුස විටින් විට සමාජ මාධ්ය හරහා ඡායාරූප පළ කරමින් තම ආදරණීයන් දැනුවත් කළ අතර ඇය ගර්භනී සමය තුළ ෆොටෝ ෂූට් එකක්ද කරලා තියෙනවා.
 
05. ලීසා හේඩන්
පුතුන් දෙදෙනෙකුගේ මවක් වන ලීසා හේඩන් කූල් මව ලෙසින් බොලිවුඩයේ හඳුන්වනවා. ලීසා තම ගර්භනී කාලය තුළ තම ඉදිරියට නෙරා ආ කුසෙහි ඡායාරූප සමාජ මාධ්යයන්හි පළ කරමින් තම ගර්භනී සමය පිළිබඳව තමන්ට ආදරය කරන හැමෝම එක්ක බෙදාගෙන තියෙනවා.
 
06. එමී ජැක්සන්
හින්දී සිනමාවේ ජනපරිය නිළියක් වන එමී ජැක්සන්ද පසුගිය වාරේ පුතෙක් බිහි කළ අතර එමීද තම ගර්භනී කාලය බොහෝ සතුටෙන් වින්ඳ කෙනෙක්. ඇය තම ඉදිරියට නෙරා එන කුසෙහි ඡායාරෑප විටින් විට තම ඉන්ස්ටගරෑම් එකේ පළ කළා. කිහිප වතාවක්ම ඇය බිකිනියකින් සැරසී තම ඉදිරියට නෙරා එන කුසෙහි ඡායාරෑප සමාජ මාධ්යවල පළ කර තියෙනවා.
 
07. අම්රිතා රාඕ
ජනපරිය නිළි අම්රිතා රාඕගේ නිවසෙහිද ටික කලකට පෙර සුරතල් දරුවෙක් උපත ලැබුවා. අම්රිතාද ගර්භනී සමයේදී තම ඉදිරියට නෙරා ආ කුස සමඟින් විශේෂ ෆොටෝ ෂූට් එකක් කර එම ඡායාරූප සමාජ මාධ්ය හරහා තම ගර්භනීභාවය ගැන තම රසික රසිකාවියන් එක්ක බෙදාගෙන තියෙනවා. ඇයගේ ස්වාමිපුරුෂයත් ඇයත් එක්ක ඒ ඡායාරූප සඳහා පෙනී සිට තියෙනවා.
 
08. සෙලීනා ජෙට්ලි
බොලිවුඩයේ ජනපරිය නිළියක් වන සෙලිනා ජෙට්ලි 2017 වසරේ ගර්භනී සමය ගත කරන කාලය තුළ බිකිනියකින් සැරසී තම ඉදිරියට නෙරා ආ කුස විදහා දැක්වෙන විදියට ඡායාරෑප ගත කරලා තම නිවුන් දරුවන් බිහිවෙන්න කලින්ම තම රසික රසිකාවියන් එක්ක තමන් මවක් වෙන්න යන සතුට බෙදාගෙන තියෙනවා. ඇය තම ඉදිරියට නෙරා ආ කුස සහිත මුහුදු වෙරළේදී ලබාගෙන තිබුණු ඡායාරූපවලින් මිනිසුන් පුදුමයට පත්කොට තිබුණා කියලා තමයි කියන්නේ.
 
09. සමීරා රෙඩ්ඩි
හින්දී සිනමාවේ නිළියක් වන සමීරා රෙඩ්ඩි තම ගර්භනී සමය තුළදී දිය යට සිට තම ඉදිරියට නෙරා ආ කුස පරදර්ශනය කරමින් ෆොටෝ ෂූට් එකක් කරලා හැමෝම පුදුමයට පත් කරලා තියෙනවා. සමීරාගේ මෙම ඡායාරූප සමාජ මාධ්යයන්හි වෛරසයක් වගේ පැතිරී තියෙනවා.
 
චන්දන වරාවිටගේ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "දේශය" පුවත්පතේ "හදසර" අතිරේකයෙන්..


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top