Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
16
හරීන්ගේ බොරුව හෙළිවෙයි, විනිසුරු පද්මිණීට රන්ජන් ඇමතුම් දුන්නේ නඩු තීන්දුවට පෙර

- හරීන්ගේ බොරුව හෙළිවෙයි, විනිසුරු පද්මිණීට රන්ජන් ඇමතුම් දුන්නේ නඩු තීන්දුවට පෙරHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18 Views
පාර්ලිමේන්තු මන්ත්රි හරීන් ප්රනාන්දු පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ කතාවෙන් බළලා මල්ලෙන් එළියට පැමිණ නැවත මල්ල තුළටම රිංගා ගත්තේය.
 
අප ජීවත් වන්නේ 21 වැනි සියවසේ තෙවැනි දශකයේය. මේ යුගයේ සියල්ල විවෘතය.
 
කිසිවකුට කිසිවක් සැඟවිය නොහැකිය.

කිනම් අරමුණක් අරබයා හෝ යමෙක් යමක් සඟවන්නට හෝ වැරැදි අර්ථකථන දෙන්නට හදනවා නම් ඊට ඉඩ දියයුතු නැත. එය නිර්දය ලෙස ජනතාවට හෙළිකර පහදා දීම මාධ්යයේ වගකීමය.
 
හිටපු පාර්ලිමේන්තු මන්ත්රි දුමින්ද සිල්වා - භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධව මරණීය දණ්ඩනය ලැබ සිරගතව සිටීම සරල පැහැදිලි කරුණක් නොවේ.
 
වෙඩි තිබ්බා. නඩු ඇසුවා. මරණ දඬුවම් නියම කළා යනුවෙන් පහසුවෙන් නිර්වචනය කළ හැක්කක්ද නොවේ.
 
එය එසේ වන්නේ දුමින්දගේ නඩු විභාගය තුළ නීතිගරුක මිනිසුන් විමතියට පත්කරවන, දේශපාලන අත පෙවීම්, අධිකරණයට සිදුකළ අනීතික බලපෑම් ගණනාවක් මේ වනවිට එළියට පැමිණ ඇති නිසාය.
 
හරීන් ප්රනාන්දු සිය පාර්ලිමේන්තු කතාවේදී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් කරන ලද ප්රකාශය එම කූට දේශපාලන රංගනයේ තවත් එක් අවස්ථාවකි.
 
බළලා මල්ලෙන් එළියට පැමිණ නැවත මල්ල තුළටම රිංගා ගත් බව සඳහන් කළේ හරීන්ගේ යටි අරමුණ කුමක් හෝ පදනමක් නැති බොරුවක් එළියට දමා ජන මනස නොමඟ යවා දුමින්දට සාධාරණය ඉටුවීමේ ඉඩකඩ අසුරා දැමීම බව අප දන්නා නිසාය.
 
නමුත් සත්යය පාගා මඩේ ඔබා සැඟවිය නොහැකිය.
 
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තීන්දුව ශ්රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ කළු පැල්ලමක් සටහන් කළ සංසිද්ධියකි.
 
එය එසේ වූයේ අධිකරණ ක්රියාවලිය තුළ සිදුවූ ජුගුප්සාජනක සිදුවීම් ගණනාවක් කරණකොට ගෙනය.
 
රටේ ජනතාව තුෂ්ණීම්භූත වූයේ නඩු තීන්දුව ප්රකාශයට පත්වී කෙටි කලකට පසු නඩුව පිටුපස සිදුවූ විස්මිත නාටකය එළියට පැමිණීමෙනි.
 
මේ කතාව දිග හැරුණේ පාර්ලිමේන්තු මන්ත්රි රන්ජන් රාමනායක සන්තකයේ තිබී පොලිසිය සොයාගත් හඬපට එළියට පැමිණීමෙන් පසුය.
 
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව විභාග කළේ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.
 
විනිසුරු මඬුල්ලේ ප්රධාන විනිසුරු ශිරාන් ගුණරත්න වූ අතර පද්මිණි රණවක විනිසුරුවරිය හා චමත් මොරායස් සෙසු විනිසුරෝ වූහ.
 
දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය නියම කරමින් නඩු තීන්දුව ප්රකාශයට පත් කරන ලද්දේ 2016 සැප්තැම්බර් 8 වැනි දිනය.
 
හරීන් ප්රනාන්දු මන්ත්රිවරයා 2021 ජනවාරි 6 වැනිදා පාර්ලිමේන්තුවේදී මෙසේ පැවැසීය.
 
"පද්මිණි රණවක මහත්මිය රන්ජන් රාමනායකත් එක්ක කතා කළේ එතුමිය විශ්රාම ගියාට පස්සෙ. සමාවෙන්න තීන්දුව දුන්නට පස්සෙ. තීන්දුව දෙන්න ඉස්සෙල්ල රන්ජන් රාමනායකට කතා කරලා තිබුණා නම් අන්න එතැන වරදක් තියෙනවා."
 
හරීන් ප්රනාන්දු මන්ත්රිවරයා මෙහිදී සිදුකරන්නේ හිතාමතා කරුණු විකෘති කිරීමකි. ඔහු සිය කතාව ආරම්භයේදී මෙවැනි පූර්විකාවක්ද ඉදිරිපත් කළේය. එය ඇසූ විට හරීන්ගේ අරමුණ පැහැදිලි වේ.
 
"මේ කාලෙ ජනාධිපති සමාව දෙන රැල්ලක් පටන්ගෙන තියෙනවා. ඔය රැල්ල එන්නේ මොන පොල් පැළේ කන්නද කියන එකත් අපි හොඳට දන්නවා. මේ දඟලන්නේ, දත කන්නේ මොන පොල් පැළේ කන්නද කියන එක අපිට හොඳට තේරෙනවා."
 
හරීන් කියන්නේ පද්මිණි රණවක විනිසුරුතුමිය නඩු තීන්දුව දීමට පෙර රන්ජන් සමඟ කතා කළා නම් එය වැරැදි බවය.
 
ඊට වඩා වැඩි පැහැදිලි කිරීමක් නොකරම ඔහු ආරම්භ කළ මාතෘකාව එතැනම අතහැර වෙන කරුණකට මාරු වන්නේ ඉතා සූක්ෂ්ම හා කපටි ලෙසය.
 
හරීන් සත්යය වසන් කළේ කරුණු නොදැන යැයි අපි නොසිතමු.
 
හොඳයි අපි හරීන්ගේ වාසියට බර තබා ඔහු නොදන්න තිත්ත ඇත්ත මෙසේ සඳහන් කරමු.
 
දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනකුට මරණීය දණ්ඩනය නියම කරමින් භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කරන්නේ 2016 සැප්තැම්බර් 8 වැනි දිනය.
 
නමුත් එවකට නියෝජ්ය ඇමැතිවරයකු වූ රන්ජන් රාමනායක සහ විනිසුරු පද්මිණි රණවක අතර නඩු විභාගය සම්බන්ධ සාකච්ඡාව සිදුවන්නේ 2016 ජූලි මස 14 වැනි දින රාත්රි 9.33ටය.
 
එහිදී රන්ජන් ඇයට පවසන්නේ නඩු විභාගය ගැන රටම බලා සිටින බවත් රන්ජන් ඇතුළු බොහෝ දෙනකුගේ ටාගට් එක එකක්ම බවය.
 
රන්ජන් වැඩිදුරටත් පවසන්නේ දුමින්දට එරෙහිව තීරණ ගන්නා තැන පද්මිණි සිටීම සතුටක් බවය.
 
රන්ජන් _ පද්මිණි
 
(විනාඩි 1යි තප්පර 20යි) 2016-07-14 වේලාව රාත්රි 9.33
 
පද්මිණි - හෙලෝ....
 
රන්ජන් - ගරු මැතිනිය, මේ වෙලේ කතා කළාට තරහා වෙන්න එපා...
 
පද්මිණි - අ... ඔව්....
 
රන්ජන් - මම රන්ජන් රාමනායක....
 
පද්මිණි - ආ... ඔව්... (රන්ජන් අනේ) මිස්ටර් රාමනායක....
 
රන්ජන් - අනේ මේ ... මේ.. කරදරයක්ද දන් නෑ... පොඩ්ඩක් කතා කරන්න කතා කළේ. පුළුවන්ද?
 
පද්මිණි - ඔව්... ආශ්රය වෙන්න කමක් නෑ....
 
රන්ජන් - ආ... රයිට්... අනේ....
 
පද්මිණි - පොඩ්ඩක් ඉන්ඩ, කවුද එනවා. පොඩ්ඩක් ඉන්න...
 
(පද්මිණි, නිවෙසේ සිටින අයකුට... 'රංජිත් කවුද එනවා රංජිත් බලන්ඩ')
 
හෙලෝ ඔව්....
 
රන්ජන් - මම ගෙදර ඉන්නේ... මම, මම විතරයි. මම විතරයි ඉන්නේ, මේ මේ.... මම බොහොම ගෞරවයෙන් කතා කරන්නේ... රටම බලන් ඉන්නවා ඔබතුමියලගේ මේ මේ මම අද පත්තරේ දැකලා කතා කළේ. දැනුත් ටී.වී. එකේ ගියා... මේ... අර නඩු තීන්දුව ගැන ලොකු සාධාරණයක් වෙයි කියලා රටම බලාපොරොත්තුවෙන් ඉන්නවා. බොහොම ස්තුතියි.... මේ..... මේ... විනිසුරු මඬුල්ලේ ඔබතුමිය ඉන්නවා කියන එක ලොකු සතුටක්... මේ....
 
පද්මිණි - හරි... හරි...
 
රන්ජන් - හහ්...හා... හොඳ දෙයක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා... අ... මේ... මේ...
 
පද්මිණි - හරි... හරි...
 
රන්ජන් - දෙවි පිහිට ලැබේවා කියලා... ආ... ශක්තිය ලැබේවා කියලා කියන්නයි කතා කළේ....
 
මේ සුරතලයෙන් නිවැරැදි මිනිසකුගේ ගෙලට තොණ්ඩුව වැටෙනවා නම් එය බරපතළ අපරාධයකි.
 
ශ්රී ලංකා පාර්ලිමේන්තුව පමණක් නොව ලෝකයේ සෑම රාජ්ය සභාවක්ම සැලකෙන්නේ බොරු නොකියන ස්ථාන ලෙසය.
 
අසත්ය ප්රකාශ නොකිරීමට මන්ත්රිවරු උපරිමයෙන් සැලකිලිමත් වෙති.
 
හරීන් ප්රනාන්දු මේ අසත්යය තහවුරු කිරීමට වෑයම් කළේ සමගි ජන බලවේගයේ වෙනත් අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිසදැයි අපි නොදනිමු.
 
නියෝජ්ය ඇමැති රන්ජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර අතර භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව ගැන සංවාදය සිදුවන්නේ නඩු තීන්දුව ප්රකාශයට පත්කිරීමට පෙර දිනය.
 
දිනය - 2016 සැප්තැම්බර් 7
 
රන්ජන් - ගුඩ් ඊවිනින් කොහොමද හෙට අපට බෑඩ් නිවුස් එකක් එයිද?
 
ශානි - අනිවාර්යයෙන්ම ගුඩ් නිවුස් එකක් එනවා. සර් උසාවි එනවා නේද?
 
රන්ජන් - අනේ ඒක ඔයා වෙනස් කරන්න නම් එපා. අපේ හිත කඩන්න නම් එපා.
 
ශානි - නෑ නෑ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඩෙෆිනීට්ලි. හැබැයි මැද එක්කෙනා නිදහස් වෙන්න ලියන්නෙ.
 
රන්ජන් - අම්මට සිරි කවුද මැද එක්කෙනා කියන්නේ.
 
ශානි - චෙයාමන්. ඒකට ප්රශ්නයක් නැහැ. අපට දෙකක් ඉන්නවා.
 
රන්ජන් - පද්මිණි හරි නේද?
 
ශානි - ඔව්. හරි හරි.
 
රන්ජන් - සුප්රිම් කෝට් යයිද.
 
ශානි - කොහොමත් සුප්රිම් කෝට් යනවනේ. සර් උසාවි එනවද?
 
රන්ජන් - මම එන එක හරිද? අපි වැඩෙත් එක්ක ඉන්නවා වගේ පෙනෙයිද?
 
ශානි - හැම දූෂණ එකකටම එනවා නම් මේකට ආවම මොකද?
 
රන්ජන් - මම කෝල් එක දීපු එක අහුවෙයිද?
 
ශානි - එහෙම වෙන්නේ නැහැ. ඔයා එන්නකෝ හරීන්ට ඉස්සරහා දීල සර් මොකටද තිරය පස්සට යන්නේ.
 
රන්ජන් - ෂුවර් නේද?
 
ශානි - ෂුවර්, ෂුවර්, ආයෙ දෙකක් නැහැ.
 
රන්ජන් - මම ආයෙත් කියන්න ඕන නැහැනේ.
 
ශානි - නැහැ නැහැ, වැඩේ ඉවර වුණාට පස්සේ බලමු.
 
රන්ජන් - තැන්ක් යූ කියමු. මැද එක්කෙනා හදාගන්න බැරිද?
 
ශානි - අවශ්ය නැහැ දෙකක් තියෙනවනේ. මැජෝරටි තියෙනවා නේ.
 
රන්ජන් - හරි හෙට උදේ අපිව කලකිරවන්නේ නැහැනේ.
 
ශානි - කලකිරවන්න තිබුණු එක පස්සේ හැදුණා.
 
රන්ජන් - හොඳයි, හොඳයි, දෙයියන්ගේ පිහිටයි.
 
ශානි - සර් එන්න. ඔය වගේ දවසකවත් නැත්නම් වැඩක් නැහැනේ.
 
අපි ඔබේ හෘද සාක්ෂියෙන් මෙසේ ප්රශ්න කරන්නෙමු.
 
අධිකරණයේ විභාග වන නඩු තීන්දුවක් සම්බන්ධයෙන් රජය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධරයකු සහ රජයේ නියෝජ්ය ඇමැතිවරයකු මෙසේ සංවාදයක යෙදෙනු ඔබ මෙයට පෙර අසා තිබේද? නඩුවේ විනිසුරන් සමඟ සිදුකළ ගනුදෙනු ගැන මෙලෙස රහසේ සංවාදයක යෙදෙන අවස්ථාවක් ඔබ දැන සිටියාද? නඩුවේ තීන්දුවට සිදුව ඇති අගතිය හා බලපෑම ගැන ඔබේ අදහස කුමක්ද? දුමින්ද සිල්වා නිදහස් කළ යුතු යැයි අපි කියන්නේ ඉහත කරුණු පදනම් කරගෙනය.
 
යුක්තිය පසෙකින් තබමු.
 
නීතිය සෑම පුරවැසියකුටම සමානව බල පැවැත්විය යුතුය.
 
රන්ජන් රාමනායක විසින් භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ විනිසුරු පද්මිණි රණවකට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකරට දෙන ලද දුරකථන ඇමැතුම් මඟින් නඩු තීන්දුවට කර ඇති අගතිය අතිමහත්ය.
 
ඔවුන් අතර දුරකථන සංවාද 22ක් සිදුව ඇති බව අධිකරණයට වාර්තා විය.
 
2016. 07. 14 සිට 2019. 09. 11 අතර එම සංවාද සිදුව තිබේ.
 
රන්ජන් සහ ශානි අබේසේකර අතර පහත සඳහන් දුරකථන සංවාදය සිදුවී තිබෙන්නේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව විභාග වෙමින් පවතිද්දී 2016 මැයි 10 වැනි දිනය.
 
මේවාට හරීන්ලා පවසන්නේ කුමක්ද? මේ සෑම සංවාදයක්ම නඩු තීන්දුව අවශ්ය පරිදි ලියවා ගන්නට දත කන ඒවාය.
 
හරීන්ලා තොත්ත බබාලා සේ හැසිරෙන්නේ සත්ය හා නිවැරැදි කරුණු අගතියට පත්වූවන් උදෙසා පෙළගැසී තිබෙන පසුබිමකය.
 
රන්ජන් - ශානි - විනාඩි 21 තත්පර 27 - 2016. 05. 10 - ප.ව. 12.46
 
රන්ජන් - හලෝ.. ශානි, ශානි මහත්තයද?
 
ශානි - ඔව්.
 
රන්ජන් - මම රන්ජන් රාමනායක කියලා එක්කෙනෙක්.
 
ශානි - ආ... සර්, ගුඩ් ආෆ්ටර්නූන්.
 
රන්ජන් - කොහොමද? අනේ මේ විෂ් කරන්න, සුබ පැතුම් එක්කරන්න කතා කළා. කෝ මගේ නොම්බරේ දාගෙන නෑ නේද?
 
ශානි - නෑ... මේ නොම්බරේ සේව් කරලා තියෙන්නේ.
 
රන්ජන් - මේ නොම්බරේ සේව් කරලද තියෙන්නේ?
 
ශානි - ඔව්. ඔව්. සර් ඔව්... සර් මට දුන්නේ සර්...
 
රන්ජන් - ආ... එදා ඊයේ පෙරේදත් කතා කළා. දැන් එස්.එස්.පී. මහත්තයෙක්ද? එස්.පී.ද?
 
ශානි - ඔව්. සර්. එස්.පී.
 
රන්ජන් - එස්.පී. ආනේ. බොල සන්තෝෂයි. සන්තෝෂයි. ඔයාව මතක් වුණේ මේ මේ කවුරුත්, කතා කරන්න පුළුවන්ද ඔතැන?
 
ශානි - පුළුවන්, පුළුවන්, සර් පුළුවන්.
 
රන්ජන් - මේ බාර් එක දැක්කා මොකද වෙන්නේ අවුලක් නෑනේ. නඩුව ඉවරයිනේ.
 
ශානි - නෑ. නෑ. කිසි අවුලක් නෑ 9ක් යනව සර්.
 
රන්ජන් - (සිනා) ඔයා එදා කිව්ව වචනෙන් මං හරි සන්තෝෂෙන් හිටියේ. මං මේ අද දැකලා බැලුවා සේරම වාචික මොනාද... ඉවරයි මොකද්ද එහෙම කියලා ලංකාදීපේ දැක්ක මුකුත්.
 
ශානි - ඔව්. මේ... මේ මේ සාක්ෂි ඉවරයි සර්. දැන් දේශන.
 
රන්ජන් - දේශන නේද?
 
ශානි - ඔව්. මේ... වාචික දේශනයි. ලිඛිත දේශනයි ජජර්ස්ලා ඉල්ලුවොත් දෙන්න... ඩේට් එකක් දෙයි. 24 වැනිදාට ආපසු ගන්නවා සර්.
 
රන්ජන් - ආ. එතකොට මේ මේ බය වෙන්න දෙයක් නෑනේ තීන්දුව නේද?
 
ශානි - නෑ. නෑ. සර්. කිසිසේත්ම බය වෙන්න දෙයක් නෑ.... වගේ ඒක හරි
 
රන්ජන් - ශානි
 
(විනාඩි 28 තත්පර 39යි) - 2016.07.25 වේලාව දහවල් 12.12
 
ශානි - සර්.
 
රන්ජන් - කොහොමද...
 
ශානි - සර්.
 
රන්ජන් - ඔව්.
 
ශානි - සර්, හදිසියක් කතා කරන්න පුළුවන්ද?
 
රන්ජන් - පුළුවන්.
 
ශානි - සර්. වඳින්නම් අර නඩුවේ සිද්ධිය ගැන කිසිම කෙනකුට කතා කරන්න එපා. ලොකු ප්රශ්නයක් වෙනවා.
 
රන්ජන් - ඇත්තද..?
 
ශානි - ඔව්.... බුදු අම්මේ වැඳලා කියන්නම් සර්...
 
රන්ජන් - ඔව්.
 
ශානි - කිසිම තැනකට සර්ගේ කටවත් අරින්න එපා. දැන් හොඳම තත්ත්වෙකට ඇවිල්ලා තියෙන්නේ.
 
රන්ජන් - ආ.... හා... හා...
 
ශානි - ඔව්. දැන් ඔය සර් කතා කරපු එකක් ලොකුවට පත්තු වෙලා යන්න හදන්නේ... අපි ඒක බැලන්ස් කර ගන්නම්...
 
රන්ජන් - ඔව්...
 
ශානි - සර් වඳින්නම්, කිසිම කෙනකුට කතා කරන්න එපා. සර් දන්න දෙයක්වත් කියන්න එපා සර්.
 
රන්ජන් - රයිට්, රයිට් මං කාටවත් කිව්වේ නෑ... අද ජනාධිපතිතුමා හම්බුවෙනවා පහහමාරට...
 
ශානි - එපා එපා සර්... වඳින්නම් මොකුත් කියන්න එපා. දැන් ප්රශ්නේ හරි...
 
රන්ජන් - ප්රශ්නේ හරිද...?
 
ශානි - හරි හරි ප්රශ්නේ හරි සර්,
 
(රන්ජන් _ හ්ම්ම්)
 
මෙයින් සනාථ වන්නේ රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටින උදවිය සවිඥානිකව ප්රශ්නයක් තේරුම් බේරුම් කර නොගෙන වළං කඩේට පැනපු ගොනා සේ හතර අතට බැට දෙනා බවය.
 
අධිකරණයට මේ සා දරුණු ලෙස බලපෑම් කළ අවස්ථාවක් මෙරට ඉතිහාසයේ නැත.
 
හරීන් ප්රනාන්දු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ තර්කය මේ කරුණු මත මුළුමනින්ම බිඳ වැටේ.
 
නඩු තීන්දුව දෙන්නට පෙර දේශපාලන අංශ විනිසුරුවරිය සමඟ දිගින් දිගටම සංවාදයේ යෙදේ. එයින් විත්තිකාර දුමින්ද සිල්වාට මහත් අගතියක් සිදුව තිබේ.
 
එය නිවැරැදි කළ හැක්කේ දුමින්ද නිෙදාස් කොට නිදහස් කිරීමෙන් පමණි.
 
(2021-01-17 මව්බිම පුවත්පත)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top