“...තාත්තා හඬමින් ඇැගේ අත ස්පර්ශ කළා. ඇගේ දෑස් විවර වුණා.”
කෙරෝනා හෙවත් කොවිඩ් වෛරසය මේ වන විට ලෝකයම සිය ආධිපත්යයට නතු කරගෙන අවසන්. ඒ අතරතුර දිනෙන් දින ජීවිත ගණනක් මේ වෛරසයට බිලි වන බව ඔබ දැනටමත් දන්නවා.
ඒ විදිහේ අතිශය සංවේදී පුවත් බොහෝමයක් අතරින් එක් පුවතක්, ඩේලිමේල් වෙබ් අඩවිය මඟින් මීට මොහොතකට පෙර වාර්තා කර තිබුණා.
මේ ඡායාරූප කතාවේ සිටින 79 හැවිරිදි ජෙරි ජැරට් හා 76 හැවිරිදි වියේ පසුවන ඔහුගේ බිරිඳ බාබරාට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇත්තේ මීට සති දෙකකට පෙරයි.
අඟහරුවාදා දිනයේදී ජැරට් මහත්මියගේ තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇති අතර මේ හේතුව නිසාම ඇය සමඟ කාලය ගත කිරීමට ජෙරිට (සැමියාට) ඉඩ ලැබුණා.
ඔවුන්ගේ දියණිය මේ ගැන බීබීසීයට සඳහන් කර තිබුණේ,
"තාත්තා හඬමින් ඇැගේ අත ස්පර්ශ කළා. ඇගේ දෑස් විවර වුණා. ඇය අවදියෙනුයි උන්නේ.." ලෙසයි.
කෙසේ වෙතත් මෙම "ඇදහිය නොහැකි අවස්ථාව" තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ලබා දුන්නාට ස්තුතිවන්ත වන බවද ඇය සඳහන් කර තිබුණා.
කොරෝනා වැළඳුනු මේ දෙදෙනා සිට ඇත්තේ රෝහල් දෙකකයි.
Dailymail ඇසුරිනි.