ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය නැරඹීමට සූදානමින් සිටියදී පොලිසිය විසින් ගාලු කොටුවෙන් ඉවත් කළ රොබ් ලුවිස් යළිත් තරගය නැරඹීමට පැමිණ තිබෙනවා.
ඒ, එහි සේවකයෙකු ලෙසයි.
රොබ් සිට ට්විටර් ගිණුමෙහි සටහනක් තබමිනුයි මේ බව කියා සිටියේ.
ඊට ඡායාරූපයක් එක් කරමින් ඔහු සඳහන් කළේ, මා නැවතත් කොටුව වෙත පැමිණියා, ඒ මම මෙහි සේවය කරන නිසා..." යනුවෙනුයි.
පසුගියවර එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ එම තරඟ නැරඹීම සඳහා ඔහු මෙරටට පැමිණ ඇති අතර පසුව ඔහුට නැවත එංගලන්තයට යෑමට නොහැකි වුණා.