කොල්ල කෑ මුදල් ප්රමාණය තවමත් ගණනය කරලා නැහැ...
ගම්පහ නගරයේ මූල්ය ආයතනයකට ආයුධ සන්නද්ධව ඇතුලුවූ පුද්ගලයන් දෙදෙනෙකු එහි තිබූ මුදල් කොල්ලකා පළාගොස් තිබෙනවා.
අද සවස 2.45ට පමණ මෙම සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ මුදල් කොල්ලකා පළාගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
කොල්ලකන ලද මුදල් ප්රමාණය මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගම්පහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.