නාවලපිටිය නගරයේ වෙළදසැල් (16) හෙට සහ (17) අනිද්දා තාවකාලිකව වසා දැමීමට වෙළඳ සංගමය තිරණය කර තිබෙනවා.
නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරස අසාදිතයන් 16 දෙනෙකු හමුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි වෙළඳ සංගමයේ සභාපතිවරයා සදහන් කළේ.
නාවලපිටිය නගරයේන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් කිහිපදෙනක් නාවලපිටිය නගරයේ වෙළඳසැල්වලට පැමිණීම හමුවේ සෞඛ්‍ය අංශ උපදෙස් මත මෙම තිරණය ගත් බව වෙළඳ සංගමයේ සභාපති ප්‍රකාශ කළා.
වසා දැමු නාවලපිටිය නගරයේ සියළුම වෙළඳසැල් සහ නගරය ලබන 18 දින විෂබීජහරණය කිරීමට නියමිතයි.
මේ අතර නගරයට පැමිණීම හැකිතාක් සීමා කරන ලෙසට නාවලපිටිය නගරාධිපති සසංක සම්පත් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.