ටික්ටොක් පරිශීලකයින්ගේ ගිණුම්, පුද්ගලික ගිණුම් බවට ස්වයංක්‍රීයව පත් කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
වයස අවුරුදු 16 ට අඩු පිරිසකගේ ගිණුම් මෙලෙස පුද්ගලික ගිණුම් බවට පත් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ළමයින්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා හඳුන්වා දුන් පියවර මාලාවේ එක් පියවරක් ලෙස මෙය සැලකෙනවා.
අනුමත ටික්ටොක් පරිශීලකයන්ට පමණක් මෙම ගිණුමෙහි ඇති වීඩියෝවන් සඳහා සිය අදහස් පළ කළ හැකි බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, වයස අවුරුදු 16 ට අඩු අය විසින් නිර්මාණය කරන ලද වීඩියෝ බාගත කිරීමට නොහැකි වන බවට මෙම යාවත්කාලීන කිරීම සිදු කර ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.