පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ද ඇතුලුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් 493 දෙනෙකුට අද දිනයේ පරීක්ෂණ සිදුකළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.
මේ අතර පසුගිය බදාදා දින PCR පරීක්ෂාව සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනාගේ ප්‍රතිඵල අද නිකුත් වුණා.
ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ගේ PCR වාර්තාවට අනුව ඔවුන් ආසාදිතයන් නොවන බවයි සඳහන් වී ඇත්තේ.
මෙම PCR පරීක්ෂණ සිදු කෙරුණේ රාජ්‍ය ආමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට කොවිඩ් 19 ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසුවයි.